153. හිතෝපදේශය | 03 | රජා වෙනුවෙන් පුතා බිල්ලට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“ඕහ්, මොන හේතුවක් නිසා හරි අපේ රජුගේ රාජ්‍යය රැක දීමට මගේ කැපවීම අත්‍යවශ්‍ය නම්; ඒ අවස්ථාව ලද මං භාග්‍යවන්තයෙක්. ඇයි තවත් පමා වෙන්නේ? මේ වගේ දෙයකට තම ශරීරය කැප කරන්නට ලැබීම පැසසුම් ලබන්නට හේතුවක්. ඒ මෙන්න මෙහෙම සඳහන් පූර්වෝක්ත කීම් නිසා:

ප්‍රඥාවන්තයන් තමන් සතු ධනයත් ජීවිතයක් පරෝපකාරය සඳහා හැර දැමීම විශිෂ්ට ලක්ෂණයක්. ධනය සහ ජීවිතය කියන දෙක ම වැනසෙන සුළු දේවල්. යහපත් කරුණක් සඳහා ඒවා අත්හැර දමන්නට අවස්ථාව උදා වුණොත් එය කොතරම් භාග්‍යයක් ද?

සිය පුත් ශක්තිධර ගේ ප්‍රාර්ථනා අසා සිටි මව–වීරවරගේ බිරිඳ, තම අදහස් මෙසේ පළ කළාය:

“වීරෙ, ඉතින් මගේ පුතාගේ ජීවිතය අපේ රජු වෙනුවෙන් බිලි නො දුන්නොත් ඔබ ඊළඟට ගන්නා පියවර මොකක් ද? අනික ලොකු වැටුපටයි ඔබ රාජකාරි භාර ගත්තේ. මගේ පුතාගේ අකල් මරණය ඊට කළගුණ සැලකීමක් නේද?”

එසේ සියලු කරුණු කාරණා සලකා බැලූ ඔවුහු, සර්වමංගලා දෙව්දුව හෙවත් දුර්ගාගේ දේවාලයට ගියහ. දුර්ගා දේවියට කළ යුතු පුද සත්කාර නිමාවෙන් අනතුරුව වීරවර මෙසේ කීවා:

“දුර්ගා මෑණියෙනි, අප කරන මේ පූජාව ගැන පහදින්න. අපේ ශුද්‍රක රාජෝත්තමයාට ජය වේවා! ජය වේවා! ඔබතුමියට කෙරෙන උපහාර පූජාවක් වන මේ බිල්ල කරුණාකර පිළිගන්නට හොඳයි.”

කියා, වීරවර සිය එක ම පුතාගේ ගෙළ සිඳ දැම්මා. ඉන්පසු විරවර මෙසේ සිතන්නට පටන් ගති:

“රජුගෙන් ගත් වැටුපේ ණය ගෙවා දැමුවා. ඒත් දැන් පුතා නැති ජීවිතයෙන් පලක් නෑ. මාත් ජීවත්ව පලක් නෑ.” යි සිතා එම කඩුවෙන් ම සිය ගෙළ ද සිඳ ගති.

බිරිඳ ද “පුතාත් නෑ – සැමියාත් නෑ. මං පමණක් ජීවත් ව සිටීමෙන් පලක් තිබේදැයි” කියා අර කඩුවෙන් ම ඇය ද ගෙළ සිඳ ගත්තා. වීරවර දොරටුවෙන් පිට වී ආ මොහොතේ පටන් සිදු වූ සිද්ධි දාමය දෙස බලා සිටි ශුද්‍රක රජු මෙසේ සිතන්නට පටන් ගති.

“මං වගේ උදවිය සුළු ඇත්තන්. ඔහේ උපදිනවා ඊළඟට මැරෙනවා. ඒත් විරවර වැන්නන් ලෝකය තුළ සොයා ගැනීමට දුර්ලභ දෙයක්. එබන්දන් පෙර සිටියේත් නැහැ. මතු උපදින්නේත් නැත.”

වීරවර පවුල විසින් ජීවිතය පුදා රැක දුන් මගේ රාජ්‍යය මටත් වැඩක් නැත.’ එසේ කියා සිය හිස සිඳ ගන්නට ශුද්‍රක රජු ද සිය කඩුව එසැවීය. එහෙත් ඒ මොහොතේ ම කරුණාබර වූ දුර්ගා දේවිය රජුගේ අතේ එල්ලුණාය. එයින් නො නැවතුන ඇය මෙසේ ද කීවාය:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll