155. හිතෝපදේශය | 03 | රජා වෙනුවෙන් පුතා බිල්ලට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

සිංහාසනාරූඪ වූ රාජෙන්ද්‍රයා පසුගිය රාත්‍රිය පටන් එම මොහොත දක්වා සිදු වූ සියල්ල අකුරක් නෑර අනාවරණය කළේ භක්තියෙනි; ගෞරවයෙනි. ඉන් අනතුරුව මෙසේ රාජ ආඥාවක් ප්‍රකාශ කළේය:

“මේ මොහොතේ සිට වීරවර මෙම රාජවාසලේ දොරටුපාල තනතුරෙන් ඉවත් කරමි. ප්‍රතිරාජ තනතුරකින් අභිෂේක කර, මේ රටේ ප්‍රාන්තයක් වන කර්ණාටක රටේ ප්‍රතිරාජයා වශයෙන් පත්කර ප්‍රතිරාජයාටත් ඔහුගේ භාර්යාව සහ පුත් කුමරාටත් දැක්විය යුතු සියලු ගරු බුහුමන් නිසි පරිදි ඉටු කරන ලෙස අණ කරමි.”

ඔන්න ඔය කරුණ අනුව ආගන්තුකයෙකු වූ පමණින් නපුරෙකු වේ ද? ඔවුන් අතරෙත් උත්තම-මධ්‍යම-අධම යන තුන් ආකාරයේ ම අය සිටින බව පිළිගත යුතු දෙයක්.

ඒ ගැන අවධානය යොමු කළ සක්වා ලිහිණියා මෙසේ කීය:

“කවුරුන් හෝ රජුගේ සිත දිනා ගැනීමේ අටියෙන් නො කළ යුත්තක් කළ යුතු දෙයක් සේ අනුශාසනා කළොත්, ඔහු පහත් ගති ඇති ඇමතියෙක්. තමන්ගේ රජු කිසිවක් ගැන දුක් වූවාට කමක් නැත. එහෙත් දුක් තුරන් කිරීමට කියා නො කටයුත්තක් සඳහා ඔහු පොළඹවා විනාශ කර දැමීම මහත් අපරාධයක්.

රාජකීය වෛද්‍යවරයා, උපදෙස් දෙන පුරෝහිතයා, මහ ඇමතිවරයා කරුණු යටපත් කරමින් කතා කළොත්, ඔහුගේ සිත් දිනා ගන්නට සැබෑ තත්ත්වය නො කියා සිටියොත්, එයින් රජාගේ ගුණධර්ම පමණක් නො ව ශරීරය ද විනාශ වෙයි. එකෙකු පෙර කළ පිණක් පලදීමෙන් සැප සම්පත් ලබනු දැක, මට ද ඒ සම්පත් වැඩි වැඩියෙන් ලැබිය යුතු යැයි සිතූ කරණවෑමියෙකු දැඩි ලෝභයෙන් භික්ෂුවක් මරා දමා ඔහු ද මරණයට පත්විය.”

“මොකක් ද ඒ කරණවෑමි කතාව?” යැයි විමසූ කල, මන්ත්‍රි සක්වාලිහිණි එම කතාව මෙසේ දිග හළේය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll