එම යුද්ධ උපක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් චිත්‍රවර්ණ ගේ
නාවික ගුවන් සහ පාබල හමුදා භටයන් පමණක් නො ව අණදෙන නිලධාරින් පවා අතොරක් නැතිව
මරණයට පත් වෙන්නට පටන් ගති.
සිය සේනාවගේ විනාශය දුටු චිත්‍රවර්ණ මහරජු ශෝකයෙන් කම්පා
වූයේය. මානසිකව ඇද වැටුණේය. උන්හිටි තැන් නො අමතකව ගිය ඔහු සිය ඇමති දූරදර්ශීට
මෙසේ කීය:
“දරුවා, මගේ බලය පිරිහීම ගැන ඔබ කම්පා වන්නේ ද? මා ගැන උරණ වන්නේ ද?
මේ රාජාගෙන් පලක් නැතැයි සිතන්නේ ද? මා කළ වරද කුමක් ද? මාගෙන් සිදු වුණේ මොන වගේ
වරදක් ද?
ඔවැනි අවස්ථා ගැන නීති විශාරදයන් කියා ඇත්තේ මෙවැන්නකි:
රජයක් තුළ පසුබෑම් ඇති විණැයි කියා නො සැලකිළිමත් ලෙස හැසිරීම සුදුසු
දෙයක් නො වේ. රූපශ්‍රීයෙන් අගතැන්පත් වූවන් පවා ජරාවට පත්වීම ලෝක ස්වභාවයක්. මොකෝ
සිරුර ජරාවට පත් විණැයි කියා එය අත් හරිනවා ද?
මෙන්න මෙහෙමත් තියා තිබෙනවා ඒ ඇත්තන්:
දක්ෂයාට සැප උරුමයි. පථ්‍යදායක ආහාර ගන්නා නිතර ම නීරෝගීයි. ලෙඩක්
නැත්තා නිදහසේ ජීවත් වේ. උත්සාහවන්තයා ශාස්ත්‍රවන්තයෙක්, හික්මුණු පුද්ගලයා
ධර්මයත් ධනයත් රකියි.”
“දේවයිනි, මෙන්න මෙය ගැන උතුමාණන්ගේ කාරුණික අවධානය යොමු කරන්නට
හොඳයි” යැයි ගිජුලිහිණියා කීය:
“රට පාලනය කරන රජු නූගතෙකු විය හැකියි. එහෙත් ඔහුගේ බුද්ධි මණ්ඩලයේ
උදවිය ශාස්ත්‍ර පාරංගතයන් විය යුතුයි අන්න එවිට රජු ජලාශයක් අසළ පිහිටි ගසක් මෙන්
සරුසාර අස්වැන්න ලබා දෙන පාලකයකු බවට පත්වෙනවා. මත්පැන් ලෝලියකු වීම, ස්ත්‍රීන්
පසුපස යෑම, සතුන් දඩයමේ යාම, දූ කෙළිය, මුදල් නාස්ති කරන ව්‍යාපෘති ඇති කිරීම,
කතාවෙහි වගේ ම දඬුවම් දීමේ දී දක්වන රළු බව යන කරුණු ද රජකුගේ පරිහාණියට හේතු වේ.
දේවයිනි, ඔය ගැන මෙහෙමත් කියන්නට පිළිවන්:
සාහසික බව අනුගමනය කිරීමෙන්, උපාය කුසලතාවයන්ගෙන් තොර ව සිතීමෙන්,
මහා පරිමාණයෙන් වස්තු ලබන්නට නො හැකියි. සම්පත් රඳා පවතින්නේ නීතියේත් සූර කමේත්
පමණයි.
දේවයන් වහන්ස බැලුවේ සිය සේනාවේ බලය සහ උත්සාහය ගැන පමණයි. සාහසික ක්‍රියා තමා වැදගත් දේ ලෙස සැලකුවේ. මා දුන් උපදෙස් පයිසයකට මායිම් කළේ නෑ. කළේ විරුද්ධ වීමත් බැණ වැදීමත් පමණයි. එසේ නීතිය නො මග යැවීම නිසා මේ පරාජයේ විපාකය අද විඳින්නට සිදු වෙලා.