159. හිතෝපදේශය | 03 | මුග්ධ කරණවෑමියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඔන්න ඔය කාරණාවලට අදාළයි මෙන්න මේ කාරණයත්:

දුක මෙන් ම අධික සතුට, හිම වැටීම සහ සරත් ඍතුව, සූර්යයා සහ අඳුර, කළගුණ නැසීම, පින ගැන විශ්වාසය, ආශා කරන දේවල් ලැබීම, ශෝකයට පත් වීම, නීතිය අභිබවා යාම, එකින් එකට එන විපත්, අවනීතිය, වැඩුණු සැප සම්පත් යන දේවල් රජකුගේ විනාශයට හේතු කාරණා වේ.

ඔන්න ඔය කරුණු ගැන කල්පනා කළ මාත් නිතර ම කියා සිටියේ ‘මේ රජාණන් මහා මෝඩයෙක්. එසේ නො වන්නේ නම් නීතිය, සමාජ තත්ත්වය, යුද පිළිවෙළ ගැන කී දේවල් එයාගේ ගොං කතාවලින් වසා දමයි ද?’

තැනට සුදුසු නුවණ නැත්තාට නීති ආදී ශාස්ත්‍රයන් පෙව්වත් ඇතිවෙන ඵලය කුමක් ද? දෑස් අඳ වූවෙකුට මුහුණ බලාගන්න කැඩපතක් අතට දීමෙන් වැඩක් තියේ යැ.

ඔන්න ඔය විදිහට හිතලා හිතලා බැරි ම තැන ‘ඕන කුදයක් ගහ ගනිං’ කියා කට වසා ගත්තා.” යි ඇමතිවරයා කළ දෝෂාරෝපණයෙන් අනතුරුව ඇඳිලි බැඳ වැඳගෙන රජු මෙසේ කීය:

“දරුවා, මං පිළිගන්නවා සිදු වුණේ මගෙන් ලොකු වැරැද්දක් බව. දැන් කරන්න තියෙන්නේ ඉතිරිව සිටින බල සෙනග සමග වින්ධ්‍යා පර්වතයට පසු බසින්න. අන්න ඒකට සුදුසු උපදෙසක් දෙන්න. අකුරක් නෑර ඒ දෙන උපදේශය පිළිගන්නම්!”

රජුගේ අඳෝනාත්මක අයැදීම ඇසූ ඇමති ගිජුලිහිණියා සිතන්නට පටන්ගති. මේ ගොබ්බ රජා පැලී මැරේවි මං කිසිවක් නො කළොත්. ඊට පිළියම් යෙදිය යුතුයි මෙන්න මේ නීති උපදේශය නිසා:

දෙවියන්ට, ගුරුවරුන්ට, දෙනුන්ට, බමුණන්ට, බාල මහලු ලෙඩුන්ට, කිසිම අවස්ථාවක කෝපයක් විරෝධයක් නො දැක්විය යුතුයි.

සිනාවක් පෑ ඇමැතිවරයා; දේවයන් වහන්ස මගේ අදහස මෙන්න මේකයි:

දේවයිනි, දැන් උගත් පණ්ඩිතයන් එමට සිටිනවා. වරද ඒ අයගෙන් ඉටුවිය යුතු සේවාවන් නිසි පරිදි නො වීමයි. බිඳී විසිරී ගිය අය එක් කිරීමේ දී ඇමතිවරුන් ක්‍රම උපක්‍රම යෙදිය යුතුයි. ලෙඩුන්ට වෙදකම් කළ යුත්තේ රෝග මූලය සොයා ගෙනයි. මෝඩයෙකුට සුළු වැඩක් බාර දුන්නත් ඌ ඒක මහමෙරක් බවට පත් කරගෙන අවුලෙන් අවුලට පත් කරනවා. ඒත් බුද්ධිමතා ඕනෑම විශාල ව්‍යාපෘතියක් වුවත් සැලසුම් සහගතව නිමා කරනවා.

“අන්න ඒ නිසා ඔබ වහන්සේගේ බලමහිමයට හානියක් නො වන පරිද්දෙන් සතුරු බලකොටු බිඳ දමා ඉතා සුළු කාලයකින් වින්ධ්‍යා පර්වතයට ගෙන යාම මගේ කටයුත්තක්.”

“දෙය්යන්ට පෙනීයන්, අපට දැන් ඉන්නේ ඉතා සුළු පිරිසක්. එහෙම තියෙද්දී ඔය හපන්කම කරන්නේ කොහොමද?” රජ ප්‍රශ්න කළේය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll