“බිය ගන්නට කාරි නෑ. සියල්ල සිදු වේවි අකුරට. ඒකට හේතුව තමා වැඩ දික්
නො ගහා, ඒ ඒ අවස්ථාවේ ම අතට පත් දේ කිරීම. ඒ තමා විජයග්‍රහණයේ ප්‍රධාන ලක්ෂණ. ඒ
නිසා වහා ම කළ යුත්තේ බලකොටුව වටලෑමයි.”
චිත්‍රවර්ණ රාජ්‍යයේ
ඔත්තු බලන්නට යවන ලද කොකා ආපසු පැමිණ හිරණ්‍ය ගර්භට මෙසේ කීවේය:
“දේවයන් වහන්ස, අන්ත අසරණ තත්ත්වයට වැටී සුළු බලසේනා ඇති චිත්‍රවර්ණ
රජු අමාත්‍ය ගිජුලිහිණියාගේ උපදෙස් පරිදි අපේ බලකොටුව වටලන්නයි සූදානම!”
සිය නීති උපදේශක අමත්‍ය සර්වඥ කැඳවූ හිරණ්‍ය ඔහුගෙන්
මෙසේ ඇසුවේය:
“අපේ පන්දුව ආපිට එන පාටයි. දැන් මොක ද කළ යුත්තේ? – චිත්‍රවර්ණ
අපේ බලකොටුව වටලන්නයි සූදානම!”
සර්වඥ සක්වාලිහිණියා
එවිට මෙසේ කීය:
“දේවයිනි, පළමුවෙන් ම කළ යුත්තේ අපේ සේනාවේ බල දුබලකම් සෙවීම–අඩුපාඩු
සැකසීම. ඒ නිසා සියලු ම බලඝණ සීරුවෙන් තබන ලෙස සේනාපතියන්ට අණ දෙවා වදාරන්ට හොඳයි.
ඒ සමගම හිග වැටුපට අමතරව සන්තෝෂම් වශයෙන් රෙදි-පිළිත් රාජ භාණ්ඩාගාරයෙන් මුදා හළ
යුතුයි. ඒ මෙන්න මේ නීතිය උපදේශය නිසා:
මෙවන් අවස්ථාවල දී රජු කළ යුත්තේ අනවශ්‍ය දෑ සඳහා යොදවන තුට්ටුව
වුවත් කහවණු දහසක් ලෙස සලකා ආරක්ෂා කිරීමයි. නමුත් වියදම් කළ යුතු අවස්ථාවල
කෝටියක් වුවත් වියදම් කරන්නට ඉඩකඩ සලසා දිය යුතුයි. අන්න එවිට ඒ රජුට ලක්ෂ්මී
දේවියගේ බැල්ම හිමි වෙනවා.
දේවයිනි, යාග කරන විට, විවාහ මංගල්‍යයක දී, විපතක් වූ විට, සතුරන්
නැසිය යුතු අවස්ථාවක, තමන්ගේ කීර්තිය උදෙසා, මිත්‍ර සංග්‍රහ වලට, හදවත දිනාගත්
කතුන් වෙනුවෙන්, දුප්පත් නෑයන් සඳහා යන අට තැන දී වැඩි වැඩියෙන් ධනය වියදම් කළාට
එය වරදක් නො වේ.
ඇයි එසේ උගතුන් විසින් දක්වා ඇත්තේ?:
ඉතා සුළු දෙයක් හෝ වැය කිරීමට මෝඩයා බිය වෙයි. ඒ නිසා ඔහු තමන්ට
ලැබෙන දේ පවා නැතිකර ගනී. අධික ලෙස බදු ගෙවන්නට සිදුවේ යැයි කියා ධනවත් බුද්ධිමතා
තමන්ගේ ව්‍යාපාර නවතා දමනවා ද?
එය ඇසූ රජු මෙසේ කීය:
“කාලයේ හැටියට එතරම් වියදමක් දරන්නේ කොහොම ද?”
ඒ ගැන කියා ඇත්තේ මෙහෙමයි: සිදුවන විපත් සඳහා ධනය රැකගත යුතු යි. නමුත් දේවයිනි පෝසතුනට කොහෙ ද විපත්? හොඳයි ශ්‍රියාකාන්තාව කිපුණොත්? එයා කිපුණොත් දේවයිනි රැස් කරගත් සම්පත් ද විනාශ වෙනවා. අන්න ඒ නිසා රජතුමනි හිතේ ඇති ආසා තෘෂ්ණා ඉවතලා, දීමෙන් හා දිරි ගැන්වීමෙන් තමන්ගේ සෙබළ මුළු දිරි ගැන්වූවොත් හොඳයි. ඒ සඳහා මෙවැන්නක් ග්‍රන්ථා ගතව තියෙනවා: