161. හිතෝපදේශය | 03 | මුග්ධ කරණවෑමියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“රජා කවුද තමන් කවුදැයි කියා මනා ලෙස වටහා ගන්නා සෙබළුන් රජු වෙනුවෙන් තම ජීවිතය පුදන්නට මැළි නැහැ. සෙබළෙකුට දිය යුතු ගරු-නම්බු රජුගෙන් ලැබේ නම්; සතුරු බලමුළු පරාජය කිරීම ඔවුන්ට සෙල්ලමක්.

නීතිය සහ නියෝග දේවත්වයෙහි ලා සලකන ඉහළ සිට පහළ දක්වා වන නිලයන්ට සහ සෙබළුන්ට ගැලපෙන, ජය ම ගන්නෙමු යන සිතුවිල්ලෙන් හදවත පුරවා ගත් බල සේනාවන් හි සිටින්නේ පන්සියයක් දෙනෙකු වුවත් ඔවුනට ගලාගෙන එන මහා සේනාවන් විනාශ කර දැමීම කජු කන්නාක් වැනි වැඩකි.

තමන්ගේ හා සෙස්සන්ගේ වෙනස නො දත් විශේෂ සුදුසුකම් නැති දරුණු ක්‍රියාවන්හි නිරත, පැවරූ සේවා ඉටු නො කරන, තමන් ගැන පමණක් සිතන පුද්ගලයන් වැදගතුන් විසින් ද ඉවත් කර දැමෙයි. සෙස්සන්ට කුමක් නො කරා ද?”

ඇයි එසේ සිදු වන්නේ?:

“ඇත්ත කීම, සූරකම, දයා කරුණා ගුණ, දීම ආදී දේවල් රජකුගේ මහා ගුණයන් ලෙසයි සලකන්නේ. එයින් තොර රජු ඉවත් කළ යුතු ලෙස සෙබළුන් විසින් සලකනු ලැබේ.

මේ වගේ අවස්ථාවල කළයුත්ත කරන්නට පෙරමුණ ගත යුත්තේ ඇමතියන්. ඊට හේතුව මේකයි:

රජෙකු යම් ඇමතියකු සමග හිතවත් කමෙන් සිටී නම්, ඔහු රජුගේ නැගීම හා බැසීම යන දෙකෙහි ම ස්ථාවරව සිටිය යුතුය. එසේ ස්ථාවර වූ තැනැත්තා ම රජුගේ පණ රකින්නටත්, ධනය රකින්නටත් යෙදැවිය යුතුයි. කිසියම් රජකුගේ ප්‍රධාන ඇමතියා සල්ලාලයෙකු, ස්ත්‍රියක හෝ ළා බාලයෙකු වුවහොත් ඔවුන් ගන්නා නීති විරෝධී තීරණ නිසා රජු අගාධයේ වැටෙන්නේය.

දේවයන් වහන්ස, මෙන්න මේ කාරණයත් අසන්න:

ප්‍රමාණය ඉක්මවා යන සතුටත් ක්‍රෝධයත් විනාශයට හේතු වේ. එබැවින් එම දුර්ගුණයන් ගෙන් වෙන්ව ශාස්ත්‍රීය හැදෑරීම ගැන විශ්වාසයක් ඇතිව නිතර සේවකයන් ගැන සොයා බලන්නේ නම්; ඔහුට පොළොව මත නො කළ හැකි දෙයක් නැත. රජුගේ රාජෛශ්වර්යය වැඩි වන විට වැඩි වෙන, අඩු වෙද්දී අඩුවෙන පුද්ගලයන් කොට්ඨාශය ඇමතියන් ලෙස හඳුන්වනු ලැබේ. රජු ඔවුන් අවමානයට ලක් නො කරන්නේ, තමන්ගේ වංචා දූෂණ ඔවුන්ගෙන් හෙළිවන බැවිනි.”

එයට ම සම්බන්ධ තවත් කියමනක් ඇත:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll