මදයෙන් මත් ව විලම්භීතයට පත් වී ඇද වැටුණ ඇතා, නැවත කෙලින් කරලන්නට
මද නො වැගිරුණු ඇතුන් සහය වන්නාක් මෙන්, ඇමතියෝ වරදට පෙරඹුණ රජු (ගොඩ ගන්ට)
නිවැරදි කරන්නට මාධ්‍ය සාකච්ඡාවල දී සුදුහුණු ගාති.
එවර රජු ඉදිරියට ආවේ මේඝවර්ණ ය. ඔහු රජුට වැඳ මෙසේ කීය:
“දේවයන් වහන්ස, බලා වදාළ මැනවි. මේ වන විට සතුරන් සිටින්නේ බලකොටු
දොරටුවේ. දේවයන්ගේ අවසරය ලැබේ නම් පිටතට ගොස් මාගේ වික්‍රමයන් දක්වන්නට මට හැකියි.
එයින් රජතුමන්ට දිය යුතු ණයත් ඇත්නම් එය ද ගෙවී යනු ඇත.”
සක්වා ලිහිණියා එම කතාවට
හරස් වූයේ මෙසේය:
“එපා එහෙම කරන්නට. පිටතට ගොස් සටන් කිරීමේ ආසාව ඇත්නම් මේ බලකොටු
ගැනීමෙන් පලක් නෑ. ඇයි මං එහෙම කියන්නෙ මෙන්න මේ නිසා:
ජලයේ සිටින තාක් පමණයි කිඹුලා ගේ හපන්කම්. සිංහයා සූරයෙක් වුවත්
කැලෑවෙන් එලියට ගියොත් උන්දැගේ කෙරුවාව හමාරයි. අන්න ඒ වගේ බලකොටුවෙන් ඉවතට ගිය
සටන් කරුවෙකුට වෙන්නේත් නරියෙකුට වගේ නියවාගෙන ඉන්ට!”
එවිට මේඝවර්ණ කපුටා මෙසේ කීය:
“දේවයන් වහන්ස, තමන් වහන්සේ ම පිටතට වැඩම කර යුද්ධ කාර්යය සිදුවෙන
අයුරු බලා වදාරණ සේක්වා! ඒ මෙන්න මේ නිසා:
තමන්ගෙ සේනාධි නායකයා වන රජු හමුදා ඉදිරියේ ගියොත් පමණයි සෙබළුන්ගේ
මොරාල් එක වැඩි වී ප්‍රදර්ශනාත්මක සටන් ක්‍රම අනුගමනය කරන්නේ. තම හිමියා සමග යන
බල්ලා පවා සිංහයකු සේ හැසිරෙන්නේ ඒ නිසයි ස්වාමීනි!”
ඉන් අනතුරුව සියලු දෙනා ම එකා වන් ව බලකොටු දොර වෙත ගොස් මහා සටනක්
ආරම්භ කළහ. පසු දිනයෙහි චිත්‍රවර්ණ රජු සිය අමාත්‍ය ගිජුලිහිණියාට
මෙසේ කීවේය:
“දරුවා දැන් ඔබ කී අයුරු වික්‍රම පෙන්වන්න. ඒකනෙ ඔබේ පොරොන්දුව!”
“එසේය දේවයිනි, පළමුව මෙන්න මේ නීති මූලාශ්‍රය ගැන අවධානය යොමු
කරන්න!”
කිසියම් බලකොටුවක් විනාශ වෙන අයුරු ඒ නීති මූලාශ්‍රවල දක්වා තියෙන්නේ මෙහෙමයි: කලක් නො පවතින ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, ප්‍රමාණයෙන් ඉතා සුළු වීම, මෝඩ ස්ථානෝචිත ප්‍රඥාවක් නැති නායකයෙකු සිටීම, ආරක්ෂක සේවා විධිමත් නො වීම, බියසුළු සෙබළුන් සිටීම තමා විග්‍රහ කර තිබෙන්නේ.