පූර්වගාමී නීති වේදීන් විසින් එසේ කියා තිබුණත්, අපේ සන්ධානය තුළ
එබන්දක් දක්නට නෑ. පර සතුරු සේනාවන්හි බලකොටුවක් යටත් කරගන්නට යෙදිය යුතු උපක්‍රම
හතරයි තියෙන්නේ. ඒ තමා සතුරු සේනාවල සිටින අණ දෙන්නන්, කාණ්ඩ හා අනු ඛණ්ඩ ප්‍රධානයන්
එකි’නෙකා අතරද බිඳුම්-බෙදීම් ඇති කිරීම; බාහිර සමාජය හා ගැටෙන්නට අවස්ථාවක් නො දී
වටලා හිර කිරීම; ඔවුන් බලාපොරොත්තු නැති අවස්ථාවල දී පහර පිට පහර එල්ල කිරීම; යුද
පෙරමුණේ සිටින සෑම අයෙකු ම එඩිතර ව ඉදිරිපත් වීම.
මෙහි දී තමන් සතු සියලු උපායන් හා දක්ෂතාවයන් දක්වා බළකොටුව රැක
ගන්නට දැඩි වෙහෙසක් ගනු ලැබුණි. රහස් කථාවකින් මෙසේ කියැවිණි: ඔව් ඔව්! හිරු උදා
වන්නට මත්තෙන් වාසල් දොරටු හතරේ ම සටන් ඇවිලෙද්දී බලකොටුව තුළ තිබුණු නිවාස ඇතුළු
සියලු දෙයක් ම කපුටන් විසින් ගිනි තබන ලදී. එම ගිනි දැල් දකිද්දී පරසතුරන් විසින්
බලකොටුව අත්පත් කරගන්නා ලදැයි කණ වැකුණු හංස රාජයාගේ සෙබළුන්, බලකොටු වැසියන්
ගින්නෙන් බේරීම සඳහා පැනගත්තේ දිය අගළට. ඇයි එවැන්නක් සිදු වුණේ මෙන්න මේ නිසා:
එළඹුණේ මොන අවස්ථාව ද ඊට ගැළපෙන සේ ක්‍රියාකිරීම සියල්ලන්ගේ ම එක ම
යුතුකමයි. එසේ වෙන්නට නම්, විමසා බැලීමේ දක්ෂතාවය තිබිය යුතුයි. ඒ සමග ම වීරත්වය
ප්‍රදර්ශනය විය යුතුයි. සටන් කිරීමේ හැකියාව අනිවාර්යයි. පලා යාම ද යුද්ධයේ අංගයක්
වන බැවින්, එය කළ යුත්තේ ද ප්‍රයෝජනයක් ලැබෙන පරිදිය. අණ නියමයන් ලැබෙන තෙක් තාවර
වීම හෝ කුමක් කළ යුත්තේ දැයි තවකෙකු ගෙන් විමසීම අවශ්‍ය නො වේ.
විල්ලිහිණි ඇමැතිවරයා
සමගින් යමින් සිටි හංස රාජයාට චිත්‍රවර්ණගේ සේනාපතියකු වූ කුකුළා පැමිණ පහර
දෙන්නට පටන් ගත්තේය. එවිට හිරණ්‍ය ගර්භ රජ්ජුරුවෝ විල්ලිහිණි සාරසට මෙසේ
කීහ:
“සෙන්පති සාරස! මා ගැන බල බලා සිටීමෙන් කුමකට ද ඔබ වැනසෙන්නේ?
ඔබ මෙතැනින් පිටවී යන්න. ජල පරිඛාවට වැදී දිවි රැකගන්න. මගේ පුත්‍ර චූඩාමණි,
සර්වඥගේ ද අනුමැතිය ඇතිව රජ කරවන්න.”
එය ඇසූ සාරස මෙසේ කීය:
“!අනේ දේවයන් වහන්ස ඔය වගේ අහන්නට නො හැකි දුක්බර කතා කියන්න එපා. මේ
ඉර හඳ තියෙන තෙක් දේවයන් වහන්සේ පරාද කරවන්න කාටවත් ම බෑ. මමයි බලකොටු භාර
අධිකාරීවරයා. එහෙම නම් සතුරන් මේ බලකොටුවට කඩා වදින්නට ඕන මගේ ලේ-මස් මතින්. ඒකට
ප්‍රධාන හේතුව ඔබවහන්සේ ත්‍යාගශීලී වීම, ඉවසීමෙන් අගතැන්පත් වීම, ගුණයන් හි
අළුණෙකු වීම. එවන් ස්වාමි දරුවෙකු ලබන්නට තරම් මං වාසනාවන්තයි දේවයිනි!”
“එය ඇසූ හිරණ්‍ය හංස රජු මෙසේ කීවේය:
“ඔබ කියන දේ ඇත්ත වෙන්න හැකියි සාරස, නමුත් අවංක, දක්ෂ,
හිතේෂිවන්ත සේවකයන් ලබාගත යුත්තේ අමාරුවෙන්. ඒ එවන් අය හිග නිසා.”
“දේවයිනි, මෙන්න මේ කාරණය අහන්ඩ හොඳයි: