165. හිතෝපදේශය | 04 | සන්ධි - සාමය

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

සන්ධි - සාමය.

යුද්ධය පිළිබඳ විග්‍රහයන් නීතිමය කරුණු සහිතව අවබෝධ කරගත් සුදර්ශන රජුගේ පුත් කුමාරවරු විෂ්ණු ශර්මන් මහෝපාධ්‍යයන් ඉදිරියේ ඇඳිලි බැඳගෙන මෙසේ ආයාචනා කළහ.

උතුමාණෙනි, යුද්ධයත් එහි ඵලවිපාකත් අපි මැනවින් දැන ගතිමු. දැන් අපට අවශ්‍ය වාදභේදාදියෙන් තොරව සමගියෙන් හා සාමදානයෙන් ජීවන මාර්ගය හෙළි කරණ, සම්බන්ධතා ඇති කෙරෙණ සන්ධියේ ස්වභාවය දැන ගැනීමටයි. එම කරුණු කාරණාත් අනුකම්පා කර කියාදෙන ලෙස ගෞරව පූර්වකව අයැද සිටිනවා.

පාණ්ඩිත්‍යයෙන් අසමසම වූ ගුරු දේව විෂ්ණු ශර්මන් මහෝපාධ්‍යයෝ මෙසේ කීහ:

යහපත් කීකරු රජ දරුවනේ, සාමය ගැනත් කියා දෙන්නම්. හොඳින් අසා දැන ගන්න. මේ තමා සන්ධිය එකට හන්දි කරණ තේමා ගීතය වන් මුල් ම ශ්ලෝකය:

චිත්‍රවර්ණ හා හිරණ්‍යක යන රජුන් දෙදෙනා අතර ඇති වුණේ මහා සටනක්. මධ්‍යස්ථ සාම දූතයන් වූ ගිජු ලිහිණි - සක්වා ලිහිණි යන දෙදෙනා ගේ ක්‍රියාකලාපයන් නිසා සියලු ම බලසේනා විනාශ වී යාමෙන් පසු, රජුන් දෙදෙනාගේ වචන හුවමාරුවකින් පමණක් සාමය උදා වුණා.”

ගුරු දේවයිනි, ඒක එහෙම වුණේ කොහොමදැ?”යි රාජපුත්‍රයෝ ඇසූහ.

මෙන්න මෙහෙමයි දරුවනේ ඒ තත්ත්වය උදා වුණේයි පැවසූ පඬිවරයා, සිද්ධිය විස්තර කරන්නට පටන් ගත්තේය:

දියෙන් ගොඩට ආ හිරණ්‍යක රාජ හංසයා එක පෙළට සිදු වූ සියල්ල ගැන සමාලෝචනයක් කළා. මේ තරම් සංවිධානාත්මකව ගෙනගිය යුද්ධ කාර්යය එක විට ම නො සිතූවිරූ අන්දමෙන් වන විහිළු වී ගියේ කුමන හේතුවක් නිසා දැයි අවබෝධ කර ගන්නට යත්න දැරුවා. එහි දී ඔහුගේ මනසට කා වැදුණේ යුධ කදවුර තුළ හටගත් ගින්නයි.

මගේ බල කඳවුරු තුළ මේ ගින්න ඇති වුණේ කෙසේ ද? කවරෙකු විසින් හෝ මේ ගින්න ඇති කළා ද? එය පරසතුරෙකු විසින් ඇති කරන ලද්දක් ද? නැතිනම් අපේ බලකොටුවේ ම සිටි, සතුරන්ට පක්ෂපාතීව රහස් පිටකරමින් ඔත්තු කාරයෙකු කළ දෙයක් ද?

තම රජුගේ මනස පීඩාවට පත් කළ ගින්නේ තොරතුරු අනාවරණය කිරීමේ අටියෙන් අමාත්‍යා සක්වාලිහිණියා මෙසේ කීය:

දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ සිත දිනාගත් මිත්‍රයෙක් හිටියා, ඒ තමා මේඝවර්ණ. අමාත්‍යවරුන් වන අප විවිධ නීති උපදෙස් දුන්නත් ඒවා නොසලකා හැර ඔය මේඝවර්ණ රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා යොදා ගත්තා. මං අහන්නෙ මේකයි; කෝ දැන් ඒ මේඝවර්ණ කාක්කයි උගේ අනුචරයන් සීයක් පමණ දෙනයි අහලකවත් පෙනෙන්නට නැහැ නේ. අනේ මන්දා දේවයන් වහන්ස මට නම් හිතෙන්නෙ ඔය ගිනි තැබීම කළේ කෙළෙහිගුණ නො දත් මේඝවර්ණයා ම යි කියලා.

හිරණ්‍යක හංස රජු කෝප දීප්ත නේත්‍රයන්ගෙන් සමන්විත ව මොහොතක් කල්පනාවට වැටිණි. ඉන් අනතුරුව මෙසේ කීවේය:

අයියෝ මගේ අවාසනාවක තරම, කියලා වැඩක් නෑ. වෙන්නට තිබුණු දේ වෙලා අහවරයි. කට කහනවට නො වේ පැරණි උගතුන් තම නීති සංග්‍රහවල මෙන්න මේ වගේ උපදේශය ගොනු කරල තියෙන්නෙ:–

ඕනෑම දේකට ඉරණම කියන දෛවයත් බලපානවා. මෙය මගේ ඇමතිවරුන්ගේ වරදක් නො වෙයි. ඕනෑම හොඳ කටයුත්තක් වුවත් දෛවය කණපිට පෙරළුණු පසුව නො සිතූ විරූ ලෙස විනාශයට යාම ස්වභාවයක්.

ඔය ගැන මෙහෙමත් කියලා තියෙනවා යැයි සක්වාලිහිණි ඇමතිවරයා උධෘතයක් ඉදිරිපත් කළා.

තමන්ගේ කටයුතු හිතූ පරිදි ඉටු නො වුණු පසු බොහෝ දෙනා කියන්නේ තමන්ට නරක කලදසාවක් ලබා ඇති බවයි. ඉරණමටත් ගරහන්න පටන් ගැනීමයි සිරිත. බුද්ධිහීනයන් මොහොතකටවත් කල්පනා කරන්නේ නැහැ පෙර කළ කර්ම ගැන. ඒ කර්මයන්ගේ විපාක ලැබෙන බව.

මේ සිද්ධියට සම්බන්ධ තවත් හේතු සාධක එමට තියෙනවා. මෙන්න එයින් එකක්:

සමහරු තමන්ට යහපත උදා කරන්නට සහෘදයන් ඉදිරිපත් කරන අවවාද අනුශාසනා පිළිගන්නෙ නෑ. එසේ නො පිළිගන්නා අයට සිදුවෙන්නේ කටින් අල්ලාගෙන සිටි දණ්ඩෙන් ගිලිහී විනාශ වූ ඉබ්බාට මෙන් අකාලයේ මිය යන්න.

එය ම උගතුන් විසින් වෙනස් ආකාරයකින් කියා තිබෙනවා.

උගතුන් බුද්ධිමතුන් විසින් දෙන උපදෙස් සියල්ලන් විසින් ම පිළිපැදිය යුතුයි. උපදෙස් නො පිළිපැද කතාවට ගියොත් සිදුවන්නේ හංසයන් දෙදෙනෙකු විසින් ගෙන යන ලද ඉබ්බාට වූ දේ ම යි.

මෙච්චර එකාලා සිටියදීත් ඒපාර කොහෙ ද යන ඉබ්බෙක් ඇදගත්තේ? හරි හරි කියමු බලන්න ඒ කතාවඇයි හිරණ්‍යක රජු කී පසු, මන්ත්‍රී එම අතීත කතාව මෙසේ දිග හැරියා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll