අහසින් ගිය ඉබ්බා.
මගධ දේශයේ
දුෂ්කර පැත්තක තිබුණා විලක්. ඒ විලේ නම ඵුල්ලෝත්පල. ඔන්න ඔය විලේ සංකට
- විකට යන නම්වලින් හැඳින්වුණු හංසයන් දෙදෙනකු වාසය කළා. මේ දෙදෙනා හරි ම
මිත්‍රයි. ඒ මිත්‍රත්වයට සිටියා කම්බ්‍රග්‍රීව නමින් හැඳින්වුණ ඉබ්බෙක්. ඉතින්
මේ තිදෙනා ම අර පොකුණේ වාසය කළේ දුක සැප බෙදා හදාගෙන, රටේ ලෝකේ සිදුවන දේවල් කියාපාමින් තර්ක විතර්ක
කරමින්. ඔන්න එසේ සහයෝගයෙන් සිටිද්දී දවසක් දා මාළු අල්ලලා ජීවත්වෙන ධීවරයන්
පිරිසක් ඇවිත් මෙන්න මෙහෙම කීවා:
“අද අපේ ගෙවල්වලට යන්න ඕනේ නෑ. පණ කඩාගෙන ගියත් පාණු
පැයේ ආයෙත් එන්නට ම එපායැ. ඒ හන්දා ඔන්න ඔය ගහක් යට නවතිමු. උදේ ම නැගිටලා මේ විලේ
ඉන්න මාළුන් ඉබ්බන් වගේ හැම එකෙකු ම පෙරං ගාගෙන යමු”
මාළු මරන්නන් ගේ ඔය කතාව අසාගෙන සිටි ඉබ්බා, තම යාළුවන් දෙදෙනා හමුවේ සිද්ධිය කියා සිටියා.
“ඒයි, ඔයාලට ඇහුණ ද අර
මාළු මරණ එකාලගෙ කතාව? උන් විලේ මාළුයි ඉබ්බනුයි කම්බස්
කරන්නයි ලෑස්ති. දැන් මං මොකක් ද කරන්න ඕනෑ?”
“හ්ම්, පළමුවෙන් ම කරන්නට
ඕනෑ හිතන එක. හිතලා තමා තීරණයක් ගන්නට ඕනෑ. සුදුසු දෙයක් ගැන කතාබහ කරලා කළයුත්ත
කරන්නට ඕනෑ උදේ.”යි
හංසයන් පැමිණි ආරෝව ගැන සිතමින් කීවා.
“ෂේ ෂේ ඒක අපේ යාළුකමට ගැලපෙනවා යැ. මේ විලේ
සිදුවුණු අප්‍රමාණ විපත් ගැන මට ඇත්තේ ලොකු දැනීමක්. ඒ ගැන මං මෙහෙම කියන්නම්:
මාළුවන් තිදෙනකු ඉන්නවා උන්ගෙන් එකෙකු අනාගත විධාතා. ඒ ඔහු අනාගතයෙහි කුමක්
ද සිදු වෙන්නේ කියා සිතන නිසා. අනිත් මාළුවා ප්‍රත්‍යුත්පන්නමති. එයාගේ ක්‍රමය
තැනට සුදුසු කළයුත්ත කිරීමයි. මේ දෙදෙනා ම කරදර බාධකවලින් තොරව සුවසේ ජීවත් වෙනවා.
එහෙත් තුන්වැනියා යද්භවිෂ්‍ය. ඔහුගේ ක්‍රමය වෙන දෙයක් වෙද්දෙන් කියා කියන
එක. ඉතින් ඔහු විනාශයට පත් වෙනවා.
ඒක යකඩ කතාවක් නේ. හැබෑවට ම එහෙම වෙන්නේ කොහොමදැයි හංසයෝ ඇසූහ. ඉබ්බා ඒ කතාව මෙසේ කීවේ ය.