167. හිතෝපදේශය | 04 | කාලත්‍රයෝ

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

කාලත්‍රයෝ.

මීට ඉස්සර මේ විලේ ම හිටියා නොයෙක් ආකාරයේ මාළු. ඔය මාළු අල්ලන්නට ධීවරයන් ආවාට පසුව මාළුවන් තිදෙනෙකු බර සාකච්ඡාවක යෙදුණා. ඒ මාළුවන් අතරේ සිටි අනාගත විධාතා කියන තැනැත්තා මෙන්න මෙහෙම කල්පනා කළා:

මං කල් ඇතිව ම වෙන විලක් හොයා ගන්නට යන්න ඕනෑ. මෙතැන උන්නොත් අරකලාගේ කොකුවලට ඇමිණිලා බෝකුවලට තමා යන්න වෙන්නේ. ඒ හින්දා සූදානම් සරීරෙ කියලා කල් ඇතිව මෙතනින් මාරු වීම ඇඟට ගුණ දායකයිඔන්න ඔහොම හිතුව අනාගත විධාතා වෙනත් විලකට හීන් සීරුවෙ මාරු වුණා.

ප්‍රත්‍යුත්පන්නමති මාළුවා කෙවුලන් ගේ ක්‍රියාකාරකම් දැක මෙන්න මෙහෙම කල්පනා කළා:

මත්තට සිදුවන දේවල් ගැන අංජනම් එළි බලන්ටයැ. අරක වෙයි මේක නො වෙයි කියලා කොහොම ද තීරණයක් ගන්නෙ? එවන් තීරණයක් නැතිව මං කොහේ කියලා යන්න ද? ඒ නිසා එන එන හැටියට ගහ උළු අස්සාකියලා සිදුවෙන දේ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. අනික පරණ නීති පොත්වල මෙහෙමත් සඳහන් කරලා තියෙනවා නේ ...

තමන්ට කිසියම් විපතක් එන බව දැනගත් වහා ම විපතට හේතුව ඉවත් කරන්නට වගබලා ගත යුතුයි. අන්න එවැන්නාට කියනවා බුද්ධිමතා කියලා. වෙළෙන්දාගේ බිරිඳ කාලයක් තිස්සේ සොර සැමියකු සමග අනාචාරයේ යෙදුණා. සැමියා හදිසියේ ගෙදර ආවා; සැමියාගේ සරමක් හොර වාහේ ඇඳගෙන. තමාගේ පතිව්‍රතාව පෙන්නන්නට අර වලා ගෙදරින් පැන්නුවා.

මගෙ සංතෝ ඒ කතාව කුමක්දැයි යද්භවිෂ්‍ය මාළුවා ඇසුවා. ප්‍රත්‍යුත්පන්නමති මාළුවා කතාව කීවා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll