මෙහෙකරුවා කපුරු කාලා.
බොහෝ ම එපිට කාලයක වික්‍රමපුරයෙහි වාසය කළා සමුද්‍රදත්ත
නමින් වෙළෙන්දෙක්. ඔහුගේ බිරිඳ නමින් රත්නප්‍රභා. නමේ හැටියට ම සරිලන රූප
ශෝභාව. වාත්තු කළ පිළිමයක් වගේ. වෙළෙන්දෙකු වුණත් සමුද්‍රදත්ත වැනි
නෝංජලයෙකුට ගැළපුණේ ම නැහැ රත්නප්‍රභා. ඇය කළේ තමන්ගේ මනුස්සයා වෙළඳාමට
පිටත්කර ගෙදර මෙහෙකාරයා සමග අනංග රංගනයේ යෙදීම. මිනිහාට වඩා වැඩකාරයා හිතට අල්ලලා
ගියේ ඇයි? :– ගැහැණුන්ට අප්පිරියයි කියා ඉවතලන්නට තරම් කිසියම් පිරිමියෙකු ලෝකයේ
නැහැ. හැබැයි ප්‍රියයි කියා එකෙකු මත්තේ ම පණ නහගන්නට හදන්නෙත් නෑ. ඒ ඊළඟට දකින
එකා අරකට වඩා ප්‍රිය වන නිසා. එළදෙනුන් අලුත් අලුත් තණකොළ සොයා යන්නාක් වගේ
ගැහැණුන් ද එක එකා පස්සේ යාමයි සිරිත. ඔන්න ඔය කාරණය හොඳට ඉටු කළ එකියක තමා රත්න
ප්‍රභා.
ඔන්න දවසක් දා ඔය කියන රත්නප්‍රභා තම සේවකයාගේ මුහුණ සිප ගනිමින්
සිටිය දී හදිස්සියේ ම ගෙට ආ සමුද්‍රදත්තා ට මේ ජවනිකාව දැක ගන්නට ලැබුණා. මොකෝ ඒකි
බියේ සිහිමුර්ජා වුණා ද? ඔහේ නෑ–ආවා මනුස්සයා ළඟට; කියනවා මෙහෙම;
“බලන්ට අනේ මුගෙ තියන වනචරකමක මහත. කන්ඩ දේවල් එමට තියෙද්දී මේ ගොං නාම්බා මොනවා දෝ හොරෙන් කාලා. ඇහුවා ඇහුවා කෑ දේ. කීවෙ ම නෑ. බැරි ම තැන මං කට බැලුවා, මෙන්න වදේ මූ කාලා තියෙන්නේ කපුරු. මට එන තරහට මේකව මැරුවත් හිතට මදි. මෙච්චර දේවල් කන්න තියෙද්දි බලහල්ලකෝ කාපු දේ විතරක්!” යැයි කීවා.