ඔය අම්මණ්ඩිලා ලෙහෙසි පහසු බැරැස්සිලා නො වේ. ඕකිලා කන්ට පටන් ගත්තා
ම පිරිමියෙකු කනවට වඩා දෙගුණයක් කනවා. පිරිමින් වසඟ කරගන්නට ඇති නුවණ හතර ගුණයක්.
පිරිමියෙකු ගෙට ගන්න දක්වන නුවණ හය ගුණයක්. කාම රසයෙහි ලොල් බව අට ගුණයක්.
“හරි හරි උඹ ඉතිං ගෑනු ඔස්තාර් කෙනෙකු බව මොකෝ මම
නො දන්නා එකක්යැ, කියහං බං රත්නාගේ ඉතිරි හරිය.” යැයි යද්භවිෂ්‍ය ඒ
අස්සෙ ඔලොක්කුවට කීවා.
රත්නාගේ කියවිල්ලෙන් කේන්ති ගත් වගක් නිරූපණය කළ මෙහෙකරුවා මෙසේ
කීවා:
“අපේ මුදලාලි කොච්චර හොඳ ද? කවදාවත් මං කන දෙයක් ගැන හොයන්නේ නෑ.
සාගරේට තියනවා, ඉතින් මාත් කනවා. මොකෝ මං වැඩ නොකර ඉන්න එකෙකු යෑ –පලපන් දර
කිව්වොත් දර පලනවා, ගහපං පොල්ලෙලි කිව්වොත් ඒකත් කරනවා, හෝදපන් හැළි වළං, අතුගාපන්
ගේ-මිදුල, හෝදපන් රෙදි, ඔය වගේ මොක මොක කීවත් කරන්නේ ගොනා වගේ. පහන ළඟ තිබුණු
කපුරු කෑල්ල කටේ දාගත්තා තමයි. ඒ කන්ට නො වෙයි, මෙන්න මං මේ දතේ කැක්කුමට. යන්ට
එන්ට කට කම සෙය්යාවක් නැතුව අහනවා ‘මොනව ද කෑවෙ? - මොකො හොරා කන්නේ?’ වගේ
විලම්බීත. ඉතින් මුදලාලි වගේ උතුම් අයෙකුගේ බිරිඳක් වෙලා හැසිරෙන්නේ ඔහොම නම්,
මෙන්න මං ගියා මේ ගෙදරින්, මේ උලව් රස්සාව මගේ බල්ලටවත් එපා. අනේ දෙය්යනේ අරකට
මේකට කට ඉඹින්න පටන් ගත්තා ම මොකා ද ඉවසන්නේ?” කී
මෙහෙකරු හීං සීරුවේ එතැනින් මාරු වුණා.
“මෙහෙ වරෙන් මනුස්සයෝ ඕකට ඔය තරම් කේන්ති ගන්ඩ ඕනෑයෑ. උඹ උඹේ වැඩක්
බලාගනිං.” කියා මුදලාලි ඔහු නවතා ගත්තේ වදෙන් පොරෙන්. ඔන්න ඔය කාරණය නිසා තමයි මං
“උත්පන්නාමාපදං” යන නීතිය ගෙන හැර පෑවේ. ඉතින් අනතුරුව යද්භවිෂ්‍ය මාළුවා
විසින් මෙසේ කියන ලදී.
නො වෙන දෙයක් මුත්තප්පා කීවත් වෙන්නෙ නැහැ. වෙන්ඩ ඇති දෙයක් වෙනවා ම
යි. ලොවේ ඇති සියල්ලක් ම නියමයක් අනුව වෙනවා නම්, විෂ නැසීමට ඇති බෙහෙත් බීමෙන්
පලක් නැත.
ඔන්න ඔය න්‍යාය අනුව දැලේ බැඳී සිටි ප්‍රත්‍යුත්පන්නමති තමන්
මළ එකෙකු බව විදහා දක්වා නො සෙල්වී සිටියා. මාළු මරන්නා මළ එකාගේ බෙල්ල කඩන්නෙ
කුමට දැයි සිතා දැලෙන් ගලවා ගොඩ දැම්මා. ඒ ගමන් ම පැන්නා උඩ වතුරට වැටෙන සේ,
පීනුවා දියඹට. යද්භවිෂ්‍ය ද දැලේ පැටලී හිටියා. මාළුකාරයා උගේ බෙල්ල කඩා
දැම්මා. ඔන්න ඔය නිසා තමයි මං “අනාගතවිධාතා” කියන සිද්ධාන්තය හෙළි කළේ.
අන්න ඒ නිසා මාව වෙනත් විලට ගෙන යන්නට හැකිනම් ඒක කරන එකයි ඇත්තේ.” යි කම්බ්‍රග්‍රීව
ඉබ්බා කියා සිටියා.
හංසයෝ දෙදෙනා මෙසේ කීහ:
“වෙන විලක් තියේ නම් ඔබට හොඳා තමා. ඈත විලකට ඔය ගාට ගාටා ගොඩ බිමින්
යන්ට ඇහැකෑ?”
“ඉතින් යමුකො ගුවනින්. ඒකට උපාය මාර්ගයක් හදන එකනේ තියෙන්නේ.” යි
ඉබ්බා කිව්වා.
“ඔහේ බලහල්ලකෝ ඒකට යොදන උපාය මොන වගේ එකක් ද?”
“මෙන්න මේකයි ප්ලෑන. ඔය දෙන්නා ලී කෑල්ලක් දෙපැත්තෙන් අල්ලාගන්නවා
හෝටවලින්. මං එකේ මැදින් එල්ලෙනවා කටෙන්. ඉතින් ඔය දෙන්නගෙ පියාපත් බලයෙන් මාත්
යනවා අහසේ. කොහොම ද මගේ මොළේ?”
“කදිමයි කදිමයි, දාන්න වටිනවා ඇලේ. ඒත් ගොය්යෝ ලොකු ප්‍රශ්නයක්
තියෙනවා, මෙන්න මේකයි අහගෙන හිටියොත් හොඳයි ...
උපායන් ගැන හිතන ඥානවන්තයා ඉන් වනවිපත් ගැනත් සිතිය යුතු යි. මෝඩ
කොකා බලාසිටිය දී ම මුගටියන් කොක් පැටව් කා දැමුවා.”
“මොකක් ද ඒ හරුපෙ?” යැයි ඉබ්බා ඇසුවා. හංසයන් එය මෙසේ කියන්ට පටන් ගත්තා: