වැරදුන කුරුමාණම.
දඹදිව උතුරු ප්‍රදේශය වන්නට පිහිටා ඇති ගිජුකුළු පව්වෙහි මහ
නුග ගසක් තිබිණි. කඳන් බෙදී අතු පතර බෙදී ගිය මෙම වනස්පති වෘක්ෂය සිය මාළිගාව
කරගත් කොක්කු සිය ගණනක් ජීවත් වූහ. එම ගස මුල හරියේ තිබුණ බෙණයක් නයෙක් ද සිය
නවාතැන ලෙස පරිහරණය කළේය. මෙම නයා දිනපතා කොක් පැටවුන් කා දමන්නට පටන් ගති.
දරුවන්ගේ වියෝවෙන් ශෝකයට පත් කොක් දෙමව්පියෝ හඬන්නට වැළපෙන්නට පටන් ගත්හ. දෙවියන්ට
කීහ. මෙම තත්වය දෙස සාවධානව බලා සිටි මහලු කොකෙක් මෙසේ කීය:
නුඹලා තිත්තයින් වගේ කුඩා කුඩ මසුන් අල්ලන්න ඕනෑ. ඒ අල්ලාගත් කුඩ
මසුන් මුගටියන් සිටින තුඹස ළඟ සිට මේ ගස් බෙණය දක්වා තැබිය යුතුයි එක දිගට. ඔය තිත්තීන්
කකා එන මුගටියන් ගස් බෙණය තුළ සිටින නයා දකිනු ඇත. මුගටින්ට නයින් වහ කදුරු වගේ
නේ. ඒක නෙ නයි-මුගටි වෛරය කියා කියන්නේ. ඉතින් නයාව දුටු ගමන් මුගටි රොත්ත කරන්නේ
නයා මරා දමන එක. මේ කතාවත් ඇසූ කොක්කු, තිත්තයන් යොදා මුගටින් ලවා නයා මරනු ලැබීය.
ඔන්න ඔය අතරේ මුගටියන්ට ඇසුණා නුග ගසේ කොක් පැටවුන් කෑ ගසන හඬ. වැඩේ
හරි යයි කියා සිතා ගත් මුගටින් ගසට නැග කොක් පැටවුන් ද කා දැමුවා. අන්න ඒ නිසයි අප
දෙදෙනා “උපායං චින්තයන්” යන කියමන ඉදිරිපත් කළේ.