47. හිතෝපදේශය | ඇතා වගේ ද නරියා | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ලාවණ්‍යා කුටිය තුළට පිය නැගුවාය. තුංගබල ඇය දුටුමතින්ම මේ තම හදවත ගිනි තබන අනංග අංගනාව බව දැන ගත්තේ ය. හුන් තැනින් ඇසිල්ලක් ගත වෙන්නට මත්තෙන් නැගී සිට තුංග බල ඇය තදින් වැළඳ ගති. අඩවන් වූ දෙනෙත් ඇති රාජ පුත්‍රයා ලාවණ්‍යා සයනයෙහි නිදි කරවා සිත් සේ සිය ආශාවන් තුරන් කර ගත්තේ ප්‍රීතියෙන් පිනායමිනි.

ඉකුත් දිනවලදී නොදුටු ගෞරී ව්‍රතයේ උත්සන්නතාවයෙන් කැළඹුන චාරුදත්ත බිත්තියෙහි අඳින ලද සිතුමක් සේ සිටියේ ය. ගල් පිළිමයක් වූවේය. ආකූල ව්‍යාකූල වූ මනසින් භ්‍රමණය වන්නට විය. ඔන්න ඔය සිද්ධිය නිසා තමයි මං “ස්වයං වික්‍ෂ්‍ය” කියන ආප්තය කියා පෑවේ. එය ගුරුකමට ගෙන ඔබත් විමසා බලාම කටයුතු කළ යුතුයි.

උපදේශාත්මක එම වචන නොපිළිගත් මන්ථරක මහත් භයකින් මුළාවට පත්ව ඒ විල හැර දමා වෙන විලක් සොයා යන්නට නික්මිණි. හිරණ්‍යක ආදී සෙසු මිතුරෝ මන්ථරකට කිසියම් කරදරයකට මුහුණ පාන්නට වනු ඇතැයි සිතා පසු පස්සේ වැටුණා හ. ඔන්න ඔය අතර කිසියම් මසක් සොයා ගන්නට කැලය මැදන් ගමන් කරමින් සිටි වැද්දෙකුට හැල්මේ යන මන්ථරක දැකගන්ට ලැබිණි. ‘වෙලාවෙ හැටියට මේත් මදැ’යි සිතූ වැද්දා, මන්ථරක ඉබ්බා අල්ලාගෙන දුන්නෙහි ගැට ගසා සිය නිවස දෙසට යමින් සිටියේ ය. දැඩි හිරු රැසින් හැදුණ පිපාසයත්, බඩගින්නත් හා ගමන් වෙහෙසත් වැද්දාට සුවදායක නොවිණි. සිය මිත්‍රයාට සිදු වෙන්නට යන විපත ගැන කම්පාවට පත්ව සිටි මුව - කපුටු - මීයෝ වැද්දා පසුපසම යන්නට පටන් ගත් හ. ඒ යන ගමන්ම මී හිරණ්‍යයක මෙසේ වැළපෙන්නට පටන් ගති.

අනේ අප්පේ දුක් එන විට එන්නේ වැල නොකැඩි. ඒ දුක්වලින් මිදීම හරියට මහා සාගරයේ පරතෙරට යාමක් වගෙයි. විඳින දුක්වල අනන්තයක් නොදැක සිටියදී, කී දේ නාහ මේ ගලා කරගත් විපත්තියෙන් අයෙත් අළුත් දුකකට මුහුණපාන්නට සිදු වුණා. මේකට හේතුව කරන කියන දේවල් සිදුරු ඇතිව කිරීමයි.

ඒ විතරක් ද? මුහුණ දෙන්ට වෙලා තියෙන්නේ මිතුරෙකුගේ ප්‍රශ්නයකට.

අසීරුතාවයකින් තොරව ඉබේම මිතුරෙකු ලැබෙන්නේ නම් ඒ භාග්‍යයෙන්ම සිදු වෙන දෙයක්. නමුත් හදාගත් මිතුරු කමක් ඇත්තා වුවත් දුක් කරදරයක දී අත් නොහැරීම තමා නියම තිරිසන් (මනුෂ්‍ය) ගතිය. ස්වාභාවික වූ ගුණ දහම් ගැන සලකා මිත්‍රත්වයක් ඇති කර ගන්නා කෙරෙහි පවත්නා ළෙංගතු බව මව කෙරෙහි ද නැත. අඹු කෙරෙහි ද ඇති නොවේ. සොයුරා පිළිබඳව ද නොපිහිටයි. පුතා කෙරෙහි වුව ද නොපවතී.

අනේ අපොයි මේ වගේ අභාග්‍යයක් ලෝකයේ කිසිවෙකුටවත් ඇති නොවේවා! මොකද්ද අප්පේ මේ ගහෙන් ගෙඩි හෙන්නා (එන්නා) වගේ සිදු වුණ විපත. මේ ඉතින් තම තමන්ගේ පුරාකෘත අකුසල කර්මයන් පඩිසන් දීමක් ම තමා. ඒ ගැන මෙසේත් කියා තිබෙනවා නේ.

තමන් කළ කුසල අකුසල කර්මයන්ගේ විපාක වෙනත් ආත්මභාවයක දී ඉෂ්ට - අනිෂ්ට විපාක ලබා දෙනවානේ. ඒවා විපාක දෙන අයුරු වෙන ආත්මයක නොවෙයි, මේ ආත්මයේදීමත් දැකගන්නට ලැබෙනවානේ.

මේ සිදු වුණේ කර්ම පල දීමක් නොවේ නම්, සියල්ලන්ටම පොදු වූ සසර ගතියක් වෙන්ටත් පිළිවන්. ඇයි අප්පේ ඔය ගැන මෙහෙමත් පොත්පත්වල සඳහන් වෙලා තියෙනවානේ.

ශරීරය කියන්නේ දිරීම විනාශය ඉදිරියේ තිබෙන්නක්; සම්පත් කියන්නේ විපත්තිවලට මුලක්. එක්වීමත් සමඟ වෙන්වීම එකට බැඳිලා. උපන් සියල්ලක්ම කැඩෙන බිඳෙන විනාශ වෙන සුළුයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll