තවත් ඇතැමුන්ගේ පරිහාණියට හේතුවන කරුණු මෙන්න මේවා:
තමන් සන්තකයෙහි ඇති සම්පත් ප්‍රමාණය ඉතා සුළුයි. නමුත් සමහරුන් ඒ
තිබෙන සොච්චම මහමෙරක් කියා හිතාගෙන උද්දාමයෙන් කල් ගෙවනවා. මොකෝ තියෙන දේ දියුණු
කරගන්නට උත්සාහවත් නොවෙන්නාට දෛවයෙන් - නිරායාසයෙන් සම්පත් ගොඩ ගැහෙනව ද? නැහැනේ.
ඒ වගේ ම රටට කෙසේ වෙතත් තමන්ට හෝ යහපතක් සිදු කරගන්නා ආකාරයේ දරුවන්
වැදීමයි ස්ත්‍රීන් කළ යුත්තේ. මේ බලන්න:
තමන්ගේ දේවල් ගැන උත්සාහයක් නො දක්වන, එහෙත් ලැබෙන ප්‍රමාණයෙන් සතුටු
නො වන, වීර්යවන්තයෙකු ව ක්‍රියා නො කරණ, තමන් ගේ සතුරා වටහා නො ගෙන සතුරන් සමග ඇයි
හොඳයි කම් පවත්වන ආකාරයෙන් දරුවන් බිහි කිරීම ස්ත්‍රීන් විසින් නො කළ යුත්තකි.
මෙන්න බලන්න සැබෑ ජාතියක් ක්‍රමානුකූල බවක් ඇතිව බිහි කළ දරුවෙකුගේ
ස්වභාවය:
තමන්ට නො ලැබුණු ධනයක් සොයා සපයා ගන්නට වෙර වීරිය යොදන්නා, පවත්නා
ධනය ඈළියාවට යා නොදී රැක බලා ගන්නා, එසේ රැක ගත් ධනය යොදා නව ව්‍යාපාර ඇති කරන්නා,
අසීමිතව රැස් කරන ධනය යොදවා සමාජ සුභ සිද්ධිය උදෙසා සුදුසු ව්‍යාපෘති ඇතිකරගන්නා
තමා සහජාත දරුවෙකු ලෙස ගරු බුහුමන් ලබන්නේ.
මෙන්න මේ කරුණු ගැන සලකා බලද්දි දියුණුවේ හිණි පෙත්තට නගින්නට
අපේක්ෂා කරන්නා අනිවාර්යයෙන් කළ යුත්තේ අතේ ඇති සුළු ධනය යොදා සුළුවෙන් නමුත් ව්‍යාපාරයක්
පටන් ගැනීමයි. එය වැඩි දියුණු කර ගන්නට රැයක් දවාලක් ගැන නො තකා උපරිම වෙර වීර්යය
යෙදිය යුතුයි. තම ව්‍යාපෘතිය මැනවින් කළමනාකරණය කර ගන්නට අවශ්‍ය වැදගත් ම කාරණය
නම් සියල්ලක් කෙරෙහි ම මනා අවධානයක් යොමු කිරීමයි. කළමනාකරණය අසාර්ථක වුවහොත් මහා
ධන නිධානයක් වුවත් අසුරු සැණෙන් විනාශයට පත් වෙයි. ව්‍යාපෘතිය උදෙසා යෙදැ වූ
ධනයෙන් අපේක්ෂා කළ පරිදි ලාභ නො ලැබෙන්නේ නම්; එම ධනය පරිහරණය කළ යුත්තේ අඳුන්
ආලේප කරන්නා සේ ටික ටික ය. එසේ මනා කළමනාකරණයකින් තොරව හිතුමතේ ධනය වැය කළහොත්
සිදුවන්නේ නැවත ගොඩ විය නො හැකි සේ මහා විනාශයකි.
සමහරු හිතනවා තමන් ශ්‍රේෂ්ඨයන් කියා. නමුත් මේ ගුණදහම් නැත්තා ශ්‍රේෂ්ඨයෙකු
නො වෙයි. ඔබ ජීවත් වන සමාජයේ මෙවන් අය අනන්තවත් දැකලා ඇති.