යහපත් ජීවිතයක් හදාගන්නට එක වර බැහැ. ඒක කළ යුත්තේ මෙන්න මෙහෙම:
කිතුල් ගසෙන් තෙලිජ්ජ ලබා ගන්නට එල්ලා ඇති මුට්ටියට එකවර තෙලිජ්ජ
පිරෙන්නෙ නෑ. බින්දුවෙන් බින්දුව වැටිල සෑහෙන වෙලාවකට පස්සෙයි මුට්ටිය පිරෙන්නෙ.
අන්න ඒ වගේ තමයි උගත යුතු ශබ්ද ශාස්ත්‍ර සිතෙහි තැන්පත් කර ගත යුත්තේ ටිකෙන් ටික.
කිසියම් ධර්මයක් එක වර අවබෝධ කර ගන්නට බෑ. අදියරෙන් අදියරය හේතු ඵල යුක්ති අයුක්ති
දැන ගත යුතුයි. දරුවනේ ධනය උපයා ගැනීමේ දීත් අනුගමනය කළ යුත්තේ ශතයෙන් ශතය
රුපියලෙන් රුපියල ඇඟට නොදැනී වර්ධනය කර ගැනීමයි. සියල්ලන් ම සමාජ ශෝධනයේ යෙදිය
යුතුයි. එය සමාජයෙන් කඩා වඩා ගන්නට නොව සමාජය ප්‍රීතිමත් කර එයින් තමන් ප්‍රීතියක්
ලැබීමටයි. එම සිතිවිල්ලෙන් තොරව ක්‍රියා කරන්නාට සිදු වෙන්නේ කම්මලක මයිනහමක් සේ
සුසුම් හෙළ හෙළා ජීවත් වෙන්ටයි.
ඔන්න ඔය ආකාරයෙන් ධනය ඉපයීමේ ක්‍රම විධි ගැන දිගින් දිගට ම සලකා බැලූ
වර්ධමාන කියන සිටු වරයා විදේශයන්ට වෙළඳ භාණ්ඩ ගෙන යන්නට තීරණය කළා. ඒ සඳහා
තවත් පිරිසක් සූදානම් කර ගත්තේ අතරමගදී මුහුණ දෙන්නට සිදුවන අතුරු ආන්තරා වලින්
ගැළවෙන්නට, ඒ වගේම භාණ්ඩ රාශියක් ගෙන යාමෙන් අධික ලාභයක් ලැබිය හැකි නිසා වර්ධමාන
සිටුවරයාගේ ගෙදර ම උපන්, එහිම ඇති දැඩි වුණ ගොං දෙදෙනෙකු හිටියා ඔවුන් හැඳින්වූයේ නන්දක
- සංජීවක යන නම් වලින්. ඒ දෙන්නා තමා වර්ධමාන ගිය කරත්තයට බැන්ඳේ.
පටන් ගත්තා ගමන් යන්නට කාශ්මීර දේශයට.
මේ වෙළඳ ගමන ආරම්භය වෙනුවෙනු යමක් කිවයුතුමයි. හේතුව කථාව දිග
හැරෙන්නේ මෙම ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් නිසා:
“ඇස් දෙක අලංකාර කර ගන්නට ගානවා අඳුන්. ඒවා ක්‍රමයෙන් දිය වී යන්නට
පටන් ගන්නා නිසා වැඩි කාලයක් දෑස් බබලන්නේ නෑ. වේයන් පටන් ගන්නවා තුඹසක් බඳින්නට.
ඒක දවසෙන් දවස ලියලා උස මහතට වැඩෙනවා. මේ කරුණු දෙක ඉගෙන ගන්නා අයට, යහපත් ක්‍රියාවන්හි
යෙදෙන සමාජ සේවකයන්ට, සුගතිය උදෙසා කටයුතු කරන්නන්ට වගේ ම ධනෝපායන මාර්ගවල නියුක්ත
වූවන්ට මහත් උපදේශයක් ලබා දෙනවා. එය මැනවින් වටහාගෙන කටයුතු කරන්නාට තමන්ගේ ක්‍රියාවන්
සේ ම ආත්මයත් සරුසාර කර ගත හැකියි.
ඇයි එසේ කියන්නේ? මෙන්න මේ හේතු නිසා: