බල්ලාගේ කතාව අසා සිටි කොටළුවා නප්පියට ම තරහ ගොස් කේන්තියෙන් ම මෙසේ
කීවා:
“ඒයි, නීච පාදඩ බල්ලා! හොඳට අහගං උගත් උන්දැලා කියා තියෙන මේ කියමන:
තමන්ගේ ස්වාමියා හෝ පාලකයාට කිසියම් සේවාවක් කරන්නට අවස්ථාව උදා වූ
විට අරක මේක කිය කියා ඤං පචං ගෑම අධමයන් ගේ ක්‍රියාවක්. ඒ වගේ ම හිතවත් කම් පාන්නට
නො සුදුස්සෙක්.”
“හැබෑ ද? පාලකයාට මොනවා හරි වැඩක් කරවා ගන්නට තියෙනවා සේවකයාගෙන්. ඇයි
කටේ පිට්ටු ද ගුණෙන් පණෙන් කියලා ඒක කරවා ගන්නට බැරි?”යි බල්ලා තම අදහස්
ඉදිරිපත් කළේ ඊට සුදුසු සිද්ධාන්තයක් ද ඉදිරිපත් කරමින්:
තමන් ආශ්‍රය කරන්නාගේ අඹුවගේ කායික අවශ්‍යතා ඉටු කරන්නට හරි, තම
ස්වාමියාගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් හරි, ස්ත්‍රී පුරුෂ කාම සේවනයේ දී හරි,
අනුන්ගේ බිරිඳකට දරුවෙකු ලබා දෙන්න හරි, තමන් යාම හරි ද ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන්?”
ඒ කතාව ඇසූ කොටළුවාට නහුතෙට ම නැංගා. තරහෙන් පිපිරෙමින් මෙසේ
කෑගැසුවා.
“දුෂ්ට අදහස් ඇති බලු නාම්බෝ, තෝ නම් පොතේ කී පවුකාර අසමජ්ජාතියෙක්.
තමන්ගේ ස්වාමියාට විපතක් කරදරයක් වෙන විට අහක බැලීම මහා කුප්පිදු වැඩක්. ගියදෙන්,
උඹට අයත් වැඩේ උඹ නො කරනවා නම්, ඒ මෙන්න මේ හේතුව නිසා:
හිරු කියන්නෙ සූර්ය දේවතාව බව සැබෑව. එහෙත් ස්වාමි සේවක සම්බන්ධයේ දී
හිරුට දිය යුත්තේ දෙවැනි තැන. ගින්නත් දෙවියෙකු තමා. ඒත් එයාට දෙන්නට ඕනෑ හිරුට
දුන් තැනෙන් අඩක්. නමුත් තමන්ගේ ස්වාමියා වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළ යුතුයි.
පස්සෙ බැරියැ කියා අහක බලා ගැනීම නො කටයුත්තක්.”
“එසේ කී කොටළුවා කර්පූරපටක අවදි කරවන්නට තමන්ගේ සුපුරුදු නාදය වන “චී”
යන හඬ ඇඟේ පූර්ණ ශක්තිය යොදා පිට කළා. සිය බිරිඳ සමග එකට පෑහී සුව නින්දක සිටි
රෙදි සෝදන්නා ‘තමන්ගෙ සැනසුම නැති කළා’ යැයි යන කෝපයෙන් නින්දෙන් අවදිව අවුත් තඩි
මුගුරක් ගෙන කොටළුවාට තඩි බෑවා.