ඒ කතාවට කිපුණා දමනක නැග ආ ආවේගයෙන් ම මෙසේ කීවා:
“ඈ යකඩො, උඹ මේ රාජ සේවයේ දෙන්නේ ලබ්බක් වගේ තියෙන බඩගෙඩිය
පුරවාගන්නට ම ද? ඔයා කතාව මෙන්න මේ නිසා සුදුසු නෑ”
“තමන්ගේ පවුලේ පඳුරේ ඉන්න හතර වරිගයක එකාලට උදව් උපකාර කරන්නටත්,
තමන්ට විරුද්ධකම් කරන හතුරන්ට වධ හිස්නා දෙන්නටත් තමයි ඥානවන්තයන් රාජ්‍ය සේවයෙහි
යෙදී සිටින්නේ. ඈ යකඩො, කඳ බඩ පුරවා
ගැනීම මොකා ද නො කරන්නේ? ඒකට රස්සාවක් ඕනෑයෑ”
“බමුණන් මිත්‍රයන් නෑයන් කියන අය ජීවත් වෙනවා තමයි. ඒක ඉතින් ඔහේ
වෙච්චට වෙනුව - කලඑළියකින් තොරව කෙරෙන්නක්. බැඳීම් ලෙහීම් ඒ අයට නැති හන්දා බාධා
හාදාත් නෑ. ඒ ජීවිත පවතින්නෙ ආත්මාර්ථය උදෙසා ම පමණයි”
“ඒ විතරක් ද? කවුරුන් හෝ යහ මහතින් ජීවත් වෙනවා නම්; ඔහුගේ පිහිටෙන්
තවත් බොහෝ දෙනා සතුටින් ජීවත් වෙනවා. ආන්න ඒකයි නියම ජීවිතය. මනුස්සයෝ බඩ පුරවා
ගැනීම කපුටාත් කරන්නක්. නමුත් එයින් සමාජයට සිදුවන යහපතක් තියෙනව ද?”
මෙන්න මේ කියමන ගැනත් හිතනවකෝ:
“සමහරුන් තුට්ටු දෙකක් ලබා ගන්නට අනුන්ගේ දාසයකු වෙලා කුලී වැඩ
කරනවා. ඇතැමුන් ලක්ෂයක් සඳහා දාසයන් වෙනවා. ඒත් යාළුවා ශබ්ද ශාස්ත්‍රය දන්නා විවිධ
කුසලතා ඇත්තා මොකාගෙවත් දාසයකු බවට පත් වන්නේ නෑ.”
ඔපමණක් නො වෙයි මෙහෙමත් කියා තිබෙනවා.
“ස්වාමියාත් සේවකයාත් මනුෂ්‍යයන්. ඒ නිසා ඔවුන් ආත්ම වශයෙන් එක
සමානයි. නමුත් එකෙකු දාසකම් කරනවා නම්; ඔහු ඒකාන්තයෙන් ම නින්දාවට පත් වෙනවා.
නමුත් ඔවුන් දෙදෙනාගෙන් එකෙකු ප්‍රධානයා විය යුතුයි. එහෙම නො වුණොත් අප්‍රධානයාට
සමාජයේ හැම විට ම ලැබෙන්නේ නින්දා අප්‍රසංශා පමණයි. නමුත් ලෝකයේ ඇති සෑම දෙයක් ම
සමාන නෑ. අශ්වයා ඇතා සහ ලෝහ භාණ්ඩවලත්, දැව ගල් ඇඳුම් යන ද්‍රව්‍යවලත්, ගැහැණු
පිරිමි ජලය යන වස්තුවලත් පවත්නා වෙනස අසාමාන්‍යයයි.”