හොඳින් අහගන්නවා ස්වාමි-සේවක දෙනාට අතර ඇති පරතරයේ තරම:
“තමන්ට කන්නට දෙන ස්වාමියා අසළ බල්ලා හැසිරෙන්නේ දෙපා ළඟ කරකැවෙමින්,
වලිගය සොලවමින්, මිබ වැතිරෙමින් මුහුණ සහ බඩ පෙන්වමින්. නමුත් ඇතුන් හෙළන්නේ
අභිමානවත් බැල්මක්. ඔවුන් කටු කන්නට බලා නො සිට සොයන්නේ ම තමන්ට තරම් වන ආහාරයක් ම
යි.”
මෙයට ම ගැළපෙන තවත් කාරණා එමටයි. මෙන්න මේක අහගන්නවා:
“ශාස්ත්‍ර ශාස්ත්‍රාන්තරයන් පිළිබදව මනා දැනීම, බාහු බලයෙන් පානා
වික්‍රමය, යශෝරාවය උදෙසා කරණ ක්‍රියා ඇත්තා කිසි විටෙක අන් අයට දෙවැනි වන්නේ නැහැ.
අන්න එබන්දා ගේ ජීවිතය තමා සැබෑ උපතක් ලද්දෙකු ගේ කියා ගෞරවයට පාත්‍ර වන්නේ. කැත
කුණු කමින් කපුටන් සේ බොහෝ කාලයක් ජීවත් වුවත් සැබෑ ජීවිතයකට එය ගැළපීමක් නෑ.”
තව තවත් ඔය කරුණු කාරණා ගැන මෙහෙමත් කියන්නට පුළුවන්. අහගන්නවා සිහි
බුද්ධියෙන්:
“සෑම දෙමව්පියෙක් ම තම දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා සුදුසු ක්‍රියාමාර්ග
ගත යුතුයි. දරුවන් දෙමාපියන් කෙරෙහි නිසි ඇවතුම් පැවතුම් ඉටු කළ යුතුයි. ආයතන ප්‍රධානියා
සේවක සේවිකාවන්ගේ සුභ සිද්ධියට අදාළ ක්‍රියාමාර්ග ගත යුතුයි. අසරණ ව සිටින්නන්
කෙරෙහි දයාව අනුකම්පාව දැක්විය යුතුයි. නෑදෑයන්ගේ සැපදුක් ගැන සොයා බැලිය යුතුයි.
අන්න එවැන්නා ගේ උපත තමා නියම උපතක් ලෙස
සැලකිය හැක්කේ. නමුත් කාක්කන්ට මේ කටයුතු සිරිත් විරිත් අවශ්‍ය නැත. අහුවෙන ජරාවක්
කා ජීවත්වීමයි උන්ගේ පැවැත්ම.
මේ කාරණත් සිහි බුද්ධියෙන් අසා දැන ගන්නවා:
“කළයුත්ත නො කළයුත්ත මේ යැයි වටහා ගත හැකි වන්නේ බුද්ධිමතුන්ට පමණයි.
බුද්ධි හීනයන්ට ආගම ධර්මය ගැනවත් එකඟතාවයක් නැත. ඔවුන් ජීවත් වීමේ අරමුණ ලෙස
සලකන්නේ බඩ වඩා ගැනීම පමණයි. එවැන්නන්ට පාද දෙකක් ඇතත් චර්යාව තිරිසනුන්ට සමාන වන
බැවින් හැඳින්විය යුත්තේ සිවුපාවුන් ලෙසින්.”
දමනක කියා ගෙන
ගිය සමාජ රීති ගැන මනාව අසා සිටි කරටක මෙසේ අදහස් ප්‍රකාශ කළේය.
“යාළුවා ඔබ ඔය මොන හේතු සාධක වැමෑරුවත් අමතක කරන්නට එපා අපි දෙන්නා ම වැඩකට නැති ව ඉවත ලන ලද සේවකයන් බව. එවන් අපට මේ අස්කොන් පස්කොන් අහු මුළු ඇවිස්සීමෙන් ලැබෙන බක්ක අහවල් දෙයක් ද?”