63. හිතෝපදේශය | 02 | බල්ලගෙ වැඩේ බල්ලට, බූරුවාගෙ වැඩේ බූරුවට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“චා චා එහෙම කියන්න එපා කරටක, ඔය ඇමති පට්ටම් ලැබෙන්නේ මොන වෙලාවෙ ද, ගහලා යන්නේ කිනම් මොහොතේ ද කියලා මොන ජගතට ද කියන්න පුළුවන්? ඒකට හේතුව මෙන්න මේකයි:

විශාල ගලක් දනි පනි ගහලා වැර වීරියෙන් අරන් යනවා කන්දක් මුදුනට. උත්සාහයෙන් අරන් ගිය ගල පෙරළෙනවා කන්දෙන් පහළට. මොන වීර්යය දැම්මත් කාට ද හැකි වන්නේ පෙරළෙන ගල නවතන්නට? ගුණ දොස් ලාභ ප්‍රයෝජන තාන්න මාන්න කියන ඒවත් ලැබෙන්නේ ඔන්න ඔය ක්‍රමයට.”

ඔය ගැන තවත් මට හේතු උදාහරණ කියන්නට හැකියි. සිහි බුද්ධියෙන් අසා ගන්නවා මේ කාරණයත්:

“ළිඳක් හාරන්නා යන්නේ උඩ ද? නෑ යටට අඩියෙන් අඩිය. පවුරක් බඳින්නා යන්නෙ පහළට ද? නෑ උඩට ගලින් ගල. අන්න ඒ නියාම ධර්මය අනුව තමා පුද්ගලයා යට යන්නෙත් ඒ කියන්නේ පිරිහෙන්නේත්, උඩට යාම වගේ දියුණු වෙන්නෙත්. හොඳට තේරුම් ගන්නවා යාළුවා මේ අපි කාගෙ කාගේත් ආත්මයේ රඳා පවතින්නේ ඒ ඒ අය කරන හොඳ නරක යුතු අයුතු ක්‍රියා අනුව බව. තමන් කරන ක්‍රියා අනුව තමයි සැප හෝ දුක් ලැබෙන ප්‍රතිඵල විඳින්නට සිදුවන්නේ.”

ඊට එරෙහිව කරටක ඇරියා කට:

“යකඩ කතාවක් නො වැ උඹහැ කියන්නේ. බලනවා ඔය ඇස් දෙක ඇරල වටපිටාව. අපේ පිංගලක රාජෝත්තමයා පිපාසේ නිවාගන්න පැන් පානය කරන්නට ගොස් මොනයම් හෝ කරුණක් නිසා ආත බූත නැතුව බය භ්‍රාන්තියෙන් වැඩම කරලා ඔය මුළු ගැන්විලා ගැහි ගැහි ඉන්නේ. හරි තමුසෙ ඉතින් විශාරදයනේ. කියමු බලන්න ඒකට හේතුව!”

“අහවල් ඉටි ගෙඩියක් ද මං දන්නෙ, ඇඟේ මයිල් ස්මයිල් කරගෙන අඤ්ඤකොරොස් වෙලා ඔය දපලා ඉන්නේ හැළ ගෙම්බා වගේ. ඈ යෝදයෝ ශාස්ත්‍රයේ එන මේ නියෝගය දැකලා නැද්ද උපන් තේකට!”

“ඔය තිරිසන් සතුන් පවා මිනිසුන් කියන දේවල් ඉඟිබිඟි හොඳාකාරව දන්නවා. ඇතුන් අශ්වයන් පිටේ තියෙන බර උසුලාගෙන යන්නෙ ‘අනේ මට බෑ’ කියා වචනයක්වත් පිට නොකර. එහෙත්  ඥානවන්තයා කණෙන් නෑසු නො කියන දේත් දැනගන්නවා. බුද්ධිමතා යි කියා හඳුන්වන්නේ අනුන්ගේ සිත්වල පවතින දේ පවා දැන ගන්නා අයටයි. තවත් ඔය ගැන විස්තර පස්තර ඕනෑ පදං කිව හැකියි. මෙන්න බලනවා සාර ස්වභාවය!”

“කොතැනක හෝ තැනක තමන් සිටින විට කෙනෙකු දන්නවා. ඉතින් උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. තමුන් හොඳහැටි නිරීක්ෂණය කරන්නට ඕනෑ තමන් දුටු අයගේ හැසිරීම් රටාව. ඒකෙන් තේරුම් ගන්නට හැකියි දුටු අය මොකාට ද එන්නෙ කියා. හොරෙකු ද, යාචකයෙකු ද, දූෂකයෙකු ද, යමක් ඉල්ලන්නට ආ අයෙකු ද වගේ කරුණු කාරණා රාශියක්. ඒ වගේ ම ඔහුගේ අත් පා ඇතුළු අවයව සොලවන දක්වන ආකාරයෙන්, පාන ඉඟිබිඟි දාන හැංගිමුත්තන් වලින්, යන එන හැටි පාටින්, කරණ කතා විලාශයෙන්, දෑස් වල හා මුහුණෙහි දැක්වෙන වෙනස්කම් රාශියෙන්, තමන් දුටු තැනැත්තා කවරෙකු දැයි වටහා ගත හැකියි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll