ඔන්න එහෙනම් බලාගන්නවා මගේ තරම! අපේ රජා ඉන්නෙ පණ බයේ ගැහි ගැහී. කට
අරමණය කාලා ද කොහෙ ද බයට හේතුව අපට කියන්නේත් නෑ. මේ වෙලාවට තමයි ඕනෑ ප්‍රඥාව. මං
මගේ ශාස්ත්‍ර ශාස්ත්‍රාන්තර - විෂය විෂයාන්තර ඥානය ප්‍රඥාව බුද්ධිය මෙහෙයවා ඔය රාජ
සිංහයා මල්ලට දාගන්න හැටි බලාගෙන ඉන්නවා!
අවස්ථාව බලා එයට අනුරූපව කතා කිරීමේ හැකියාව තියෙන්නට ඕනෑ. ඒ ඒ
පුද්ගලයාගේ සිත් නම්මවා ගන්නට සුදුසු දේ ප්‍රියමනාප බව පළ කරන්නටත් ඕනෑ. එවන් අය
ඉදිරියේ ශක්තිමත් ලෙස හැසිරෙන්නටත් ඕනෑ. තමන්ගේ ප්‍රෞඪතාවය පෙන්වීම සඳහා කෝපය පළ
කරන්නටත් ඕනෑ. ආන්න එවැනි හැසිරීම් රටාවක් ඇත්තා තමා පණ්ඩිතයා.”
“දමනක උඹ රාජ සේවය ගැන දන්නෙ අහවල් උලව්වක් ද? හොඳට අසා
ගන්නවා මෙන්න මේ කාරණාව” කී කරටක මෙම නීති තර්කය ගෙනාවේ ය.
“රාජාඥාවකින් තොරව රජු ඉදිරියට යන්නා, රජුන් ඉදිරියේ ගොළුවන් සේ
සිටින්නා, ප්‍රශ්නයක් නො අසා ම කටකම සේය්යාවක් නැතුව බහුබූත දොඩවන්නා, ‘මං තමා
රජුට හිතවත් ම පුද්ගලයා’ කියා නළුවෙකු සේ හැසිරෙන්නා වැනි අය මෝඩකම් ඉහ වහා ගිය
ගොං තඩියන්.”
එම අදහසට එරෙහි වූ දමනක මෙසේ කීවා:
“හරි හරි, තමුන් ඉතිං මහ බක පණ්ඩිතයා නො වැ - හැබැයි පොතට. කියමු
බලන්ඩ එසේ නම් මං රාජ සේවාව නො දන්නා කෙනෙකු ලෙස හිතන්නේ. බලනවා කෝ මේ කියමන දිහා
ඔය මෝඩ මොළේ අවුස්සලා.”
සමාජයක් තුළ දකින අසන විඳින සමහර දේ සුන්දරයි. ඒ වගේ ම තවත් දේවල් අසුන්දරයි. කෙනෙකුට සුන්දරයි
- තවකෙකුට එය අසුන්දරයි. එකෙකුට අසුන්දරයි - අනෙකාට සුන්දරයි. ඒක තමා ලෝක ස්වභාවය.
සෑම දෙයක් ම සෑම තැනක ම එක විදියට තිබිය යුතුයි කියා නීතියක් නෑ. මෙන්න මේකත් හොඳට
අහගන්නවා.
“ඤාණවන්තයා කියන්නේ කාට ද? ආශ්‍රය කරන අයගේ ගති සිරිත් ඕනෑ එපාකම්
හාව භාව ලීලාවන් අදහස් උදහස් මනා ලෙස දැන ගෙන, ඊට අනුරූප ක්‍රියා කරන්නාට. තමන්
සිතන පතන දේවල් ඉෂ්ට සිද්ධ කරගත හැක්කේ අන්න එවැනි බුද්ධියක් ඇති ඥානවන්තයන්ට
පමණයි.”
එ පමණක් නො වෙයි, මේ ටිකත් කිව යුතු ම යි:
බලනවා රජා වට පිට - අවශ්‍යතාවයක් ඉටු කර ගන්නට අහළ පහළ කවුද ඉන්නේ
කියා. එවිට කෙනෙකු ඉදිරියට පැන ‘ස්වාමීනි අණ කරන සේක්වා, මේ ගැත්තා ලබා දෙන අණ
අකුරට ම ඉටු කරනවා’ යැයි කිවහොත් රජ අණ කරනවා කළ යුතු දේ. සේවකයා සුනංගු නො වී දෙන
ලද අණ කඩිනමින් ඉටුකර දිය යුතුයි.
රජගෙදරක විසීමේ භාග්‍ය ඇත්තේ කාට ද? රජාගෙන් ලැබෙන්නේ උලා කෑ කට්ටක් නම්; ‘ෂා හරි ම රසයි මං බලාපොරොත්තු වුණේ මෙහෙම එකක් තමයි’ කියා කියන්නට ඕන. රජාගේ හොරි කහන්න වුවත් සූදානමින් සෙවණැල්ලක් සේ සිටින්නටත් ඕනෑ. දෙන ලද අණ හරි වුවත් වැරදි වුවත් ඒක හිස් මුදුණෙන් පිළිගන්නට ඕනා. එසේ නො කරන්නාට සිදුවන්නේ දංගෙඩියට බෙල්ල තියන්න.