65. හිතෝපදේශය | 02 | බල්ලගෙ වැඩේ බල්ලට, බූරුවාගෙ වැඩේ බූරුවට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

දමනකගේ පණ්ඩිතකම් අසා සිටි කරටක ද තමන්ගේ ස්ථාවරය අත් නො හැර මෙසේ තර්ක කළා:

“හොඳා අවසරයක් නැතුව සේවකයන් රජා ඉදිරියට ගියොත්, මොකෝ එයා අහන්නේ නැතුව ඉඳීවි ද ‘අනවසරයෙන් ඇයි ආවේ බැහු පරයා එළියට’ කියලා?”

“ඇත්තට ම අයිසෙ තමුන්ට ඔල්මාදෙ ද? සේවකයා නිතර ම රජා ඉදිරියේ සිටින යුත්තෙක්. ඒකට මෙන්න මේකයි හේතුව” කියා තවත් නීති අංකයක් දමනක ඉදිරිපත් කළේය.

“අර හේතුව මේ හේතුව කියමින් බියේ තැති ගැනීමේ කළ යුතු දේවල් පැහැර හරින්නා උත්සාහයක් බුද්ධියක් නැති නිකමෙක්. මගේ සහෝදරයා, බඩේ අජීර්ණයක් හැදේවි කියලා බඩගින්නට නො කා ඉන්න බූරුවන් ඉන්නව ද?

මෙන්න ඔය මෝඩ මොළෙන් මේකත් අහ ගන්නවා කටු කුටු නො ගා:

ඔය රජුන් කියන පාලකයන් මළ පොතේ අකුරක් නො දන්න බුද්ධිහීන තමන්ගේ ජීවිතයටවත් ආශා නැති මැටි මෝල්ලුන් තමා ආසන්න ම රාජ්‍ය නිලධාරීන් ලෙස පත් කර ගන්නේ. ඒ වගේ ම ස්තෝත්‍ර ගායනා කරන්නට වැඳ වැටෙන්න ළංකර ගන්නවා කුලහීනයන්. ඇවතුම් පැවතුම්වලින් පහත් උන්ට තමා රජුන් කැමති. ඒ ඇයි? තම තමන්ගේ විවිධ ඕනෑ එපාකම් පිරිමසා ගන්නට. රජුන් පාලකයන් හරියට වෙසඟනන් වගේයි. පණක් කඳක් නැති වැල් වගේ. වෛශ්‍යාවනුයි වැලුයි තමන්ගේ පැවැත්මට ආසන්නයේ සිටින කාගේ හෝ මොකේ හෝ වෙළීම නේ සිරිත.

එය අසා සිටි කරටක: “හොඳා ඔය කී කරුණු කාරණා හරිය කියලා කියමුකො. දැන් රාජෝත්තමයාණන් පත්වී සිටින තත්ත්වය ගැන උන්වහන්සේ බැහැ දැකලා මොනව ද කියන්න හිතන් ඉන්නේ?”

“මං ද, පැන්න ගමන් හායි හුයි ගාන්ට යන්නේ නෑ. ළඟට ගිහින් බලනවා එයාගෙ ඉරියව්. මගේ පැමිණීම ගැන සතුටු ද අසතුටු ද එන තෙක් බලාගෙන හිටිය ද පිළිගනී ද නැද්ද වගේ හැඟීම් හාව භාව ලීලාවන්.”

“හොඳා ඒ ගති ස්වභාවයන් දැනගන්නට යොදන ක්‍රම උපක්‍රම මොනව ද?”

“ඔන්න එහෙනම් අහගන්නවා” යි කී දමනක තම සැලසුම් මෙසේ ඉදිරිපත් කළේය:

දැක්ක දුටු තැනේ සිට හතර හන්දි බිම ඇන ගෙන වැඳ නමස්කාර කරමින් භය පක්ෂපාතී ගෞරවය පිරිනැමීම, රාජා දක්වන ප්‍රතික්‍රියා වලට සිනාමුසුව අවනත බව පළ කිරීම, සැපදුක් විමසද්දී ආදර බර ව හැසිරීම, රජා ළඟ නැතත් නැති දේ හෝ ඇති දෙයක් සේ පෙන්වමින් ගුණ වැනීම, රාජ මන්දිරයේ සේවාකම් කරද්දී ගෙනැවිත් පිළිගැන් වූ මුව ගාත් ගෝණ ගාත් කැවුතු පෙණපපු ගැන සිහිපත් කිරීම ...



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll