සේවාවෙන් පහ කර සිටියත් නො ගුණක් අවලාදයක් නො කියා ආශිර්වාද කිරීම,
සෑම මොහොතක ම දෙවියන්ගේ ආරක්ෂාව කන්නලව් කිරීම, ප්‍රිය වචන යොදමින් පාලන තන්ත්‍රයේ
ගුණ කීම, පවත්නා අප්‍රමාණ වූත් දෝෂ ගැන නො කියා නො සිතා ඒවා නො සිදු වෙන දේ ලෙස
කියා පෑම.
සේවකයන් දැනගන්නට ඕනෑ රජුගේ සාර ස්වභාවය. ඒ ඇත්තන් තමන්ගේ
සේවකයන්ගෙන් ඕනෑම පර වැඩක් කරවා ගන්නට අවශ්‍ය නිසා කරන්නේ උසස්වීම් ලබාදීම ආදියේ
දී කල් මැරීම. ‘උසස්වීම් අද ලැබෙයි’ යන අදහසින් සේවකයන් හරකුන් වගේ කියන කියන ඕනෑ
ම අළුගුත්තේරු වැඩක් පණ නහගෙන කරනවා. ඉල්ලීම් කඩිනමින් නො දී බලාපොරොත්තු ඇති
කිරීමයි සිරිත. ඒ බව දැන ගෙන සේවකයා රාජ්‍ය සේවයේ යෙදිය යුතුයි.
කරටක මස්ස්සිනේ,
කමක් නෑ ඔන්න ඔය කරුණු කාරණා ගැන මට හොඳ දැනීමක් ඉවක් තියෙනවා. ඒවා ම එයාට ගුලි කර
පොවලා ගිල්වලා මට අවශ්‍ය ආකාරයට වසඟ කර ගන්නවා. ඔන්න බලාගෙන ඉන්නවා මං අද එයාට ගහන
දහම් ගැටවල තරම! මොකක් ද දන්නවා ද ඊට හේතුව? මෙන්න මේකයි:
“බුද්ධිමතාගේ ස්වභාවය තමයි වැරැදි ලෙස දැකීමෙන් සිදු වන විපත් වගේ ම
කරදර පෙන්වා දීම. ඒ වගේ ම නිවැරදිව දැකීමෙන් අත් කර ගත හැකි ලාභ ප්‍රයෝජන අතේ පැල
කර ඉදිරිපත් කිරීම. ඒ විතරක් ද? ඒවා නීති සිද්ධාන්තයන් සමඟ ගැට ගහන්ටත් ඕන. ඒ නිසා
ම මේවා අද හෙට ම ඒකාන්තයෙන් ම සිදුවන අයුරුත් තර්කානුකූලව ඉදිරිපත් කරන්නට ඕනෑ.”
දමනකයන්ගේ මත
දැක්වීම සාවධානව අසා සිටි කරටක මෙසේ සිය අදහස ප්‍රකාශ කළා:
“ඔය කී සියල්ලක් ම නිවැරදියි ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි කියා පිළිගන්නම්
කෝ. ඒත් මං කියන්නේ ඔය කියන කියන දහඅට පාලිය නටන්නට සුදුසු අවස්ථාවක් එළඹෙන්නට එපා
යැ. ඇයි මං එහෙම කියන්නෙ මෙන්න මේ නිසා:
කාට වුවත් මොකක් නමුත් කිව යුතු කාලයක් තියෙනවා. අකාලයේ සුදුසු
අවස්ථාවක් නැතිව මොන දේ මොකාට කීවත් නියම ඵල ප්‍රයෝජන ලබා ගන්නට බැහැ. වචනයට
අධිපති නේ සුරගුරු. උන්දෑ වුවත් කාලයේ අවේලාවක මොන යහපත් දෙයක් කිව්වත් උන්නැහේටත්
සිදුවන්නේ අපහාසයට උපහාසයට අවඥාවට ලක් වෙන්න විතරයි. අන්න ඒක නිසා සිහිය මොළේ
කල්පනා කරලා බලනවා ඔය ගහන්න හදන බෙර පදේ තැනට අවස්ථාවට සුදුසු ද කියලා.”
දමනකත් තම මතයේ
ම එල්ලී කරටක ගේ කීම නො පිළිගෙන තර්කයට පිළිපන්නා:
“යාළුවා, මොන දේකටවත් බය වෙන්න එපා. සැලෙන්නට එපා. මේ මගේ කටින් වචනයක් පිට කර ගන්නවා බොරු - අවසරයක් තැනක් අවස්ථාවක් නො බලා. ඒකට හේතුව මෙන්න මේකයි: