72. හිතෝපදේශය | 02 | බල්ලගෙ වැඩේ බල්ලට, බූරුවාගෙ වැඩේ බූරුවට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“දේවයන් වහන්ස! දිය පිපාසයෙන් පෙළුණු රාජෝත්තමයා ගංගාව කරා වැඩම කළත් පැන් නො වළඳා රාජ මන්දිරයට ආපසු වැඩම කළේ කුමන හේතුවක් නිසා ද? ඊට ම විස්මයටත් බයකටත් එහෙම නො වෙයි කුමක් කරන්න ද කියා නිනව්වක් නැතිව කල්පනා සාගරයේ ඇලී ගැලී සිටින්නේ ඇයි?”

“තමුන්ගේ බුද්ධිමත් කමත්, රජාත් රාජ්‍යය ගැනත් ඇති සෙවිල්ල ප්‍රශ්නයෙන් ම පැහැදිලියි. කාලෝචිත ප්‍රශ්නයක්. ඒත් මේ රහස කියා සිටින්නට තරම් හිතෛෂිවන්ත කෙනෙකු මගේ ඇමති මණ්ඩලයේ නො සිටීමයි හිතට දුක. ඇසූ නිසා මං කියන්නම් ඒත් මේක අත්‍යවශ්‍යයෙන් ම රැකගත යුතු රහසක් බව හිතා ගන්නවා හොඳයි.”

“දේවයිනි, අහවල් එකකට ද මට අමුතු දැනමුතුකමක්. මේ දිව කැපුවට රහස පිට යනව බොරු. බළල් මයිලක් තරම්වත් සැකයක් සංකාවක් නැතිව වදාරන්ට හොඳයි මුහුණපා ඇති ප්‍රශ්නය. මගේ මේ ජීවිතය පුදල හරි උතුමාණන්ට ජයක් ලබා දීම මේ ගැත්තාගේ කර මත”

දමනක, මෙන්න මේකයි හේතුව! මගේ මේ රාජධානියේ ඉතා භයානක සතෙක් හක්කලං කරන බව මට ඒත්තු ගොස් තිබෙනවා. ඒ දැවැන්තයා ගෙන් රජයත් මාත් වැසියනුත් බේරා ගන්නා ක්‍රම විධිය අප විසින් සොයා ගත යුතුව තිබෙනවා. මගේ විස්මයට සිතිවිලිවලට හේතුව ඔන්න ඕක තමයි. මේක මගේ බුද්ධි අංශවලින් වාර්තා කළ එකක් නො වේ, මගේ කන්වලින් ම අසා ගත්තක්. උගේ ඝෝෂාව ගර්ජනය එසේ මෙසේ වූවක් නො වේ. මෙතෙක් කාලයකට එවැනි සතෙක් සිටින බවක් මොන ම වාර්තාවකින් වත් ඉදිරිපත් වෙලා නෑ. ඉන්තේරුවෙන් ම ඔහු මහා බලවන්තයෙකු ම යි. ආයෙ හෝදන්ට දෙයක් නෑ. මගේ මයිල් පවා කෙලින් වෙනවා ඇසුණ ශබ්දය මතක් වෙනකොට.”

රජාගේ බය භ්‍රාන්තියත්, සිද්ධිය කියූ ආකාරයත් ඇසූ දමනක හිත යටින් සිනාසෙමින් නමුත් බොහෝ ම බැරෑරුම් ලෙස මෙසේ පැවසූවා:

“දේවයන් වහන්ස, ඒක නම් අපේ රාජ්‍යයට විශාල නස්පැත්තියකට මුහුණ පාන්නට වෙන වැඩක් වගේ. හැබැයි මටත් නම් ඔය කියන ශබ්දය ඇසුණා යාන්තං ඒ මං ගංගා තීරයට නො ගිය නිසා. ශබ්දය ඇසූ පමණින් ‘දේශය හැරදමා පලා යමු’යි කීමත් එහෙම නැත්නම් ‘කරමු යුද්ධ’ කීමත් මන්ධ බුද්ධික - අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට මාන බලන නින්දිත ඇමතියන්ගේ ස්වභාවයක්. එනිසා දේවයිනි, මේ නස්පැත්තියෙන් අයක් ජයක් ලබන්නට නම් උපායශීලී බුද්ධිමත් ඇමතිවරුන්ගේ සහාය අවශ්‍ය මයි. ඒ බව විධික්‍රම ඇතුළත් ග්‍රන්ථවල සඳහන් කර ඇත්තේ මෙන්න මෙහෙමයි :–

“තම අඹුවගේ නෑයන්ගේ සේවකයන්ගේ පමණක් නො වේ තමන්ගේත් හොඳ නරක බව සාර අසාර බව දැනගන්නට නම්; අනුගමනය කළ යුතු ක්‍රම විධි තියෙනවා. ඒ තමා අසුවල් විපත ආවොත් ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි කියා සොයා ගත යුත්තේ ඒ විපත ම උරගලට ගෙන ඒ මත ම තැවරෙන යුද්ධයකින් ම යි.”

ඊට පිළිවඳන් සපයමින් පිංගලක සිංහ රාජයා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll