74. හිතෝපදේශය | 02 | බල්ලගෙ වැඩේ බල්ලට, බූරුවාගෙ වැඩේ බූරුවට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“මේ යාළුවා, නො දන්නා උලව් කතා නො කියා කරන දෙයක් බලාගෙන ඉන්නවා. ලැබෙන දෙයක් කාලා බඩ පුරවා ගන්නවා. දන්නා කියන දහම් ගැට ගහලා රජා කියන හෝතඹුවා ගේ වෙවිලිල්ලට හේතුව උගෙන් ම දැනගත්තා. අපේ ගොණා බයට ත්‍රස්තයට පත්වෙලා තියෙන්නේ ගොන් නාම්බෙකුට. ඒ දැකලා නො වෙයි තප්පුලෑමේ සද්දෙට. ඔය ගෝනුන් කියන්නේ අපේ ක්ෂුධා ගින්දර නිවන්ට දෙවියන් මවා දීලා තියෙන නියම බඩු. ඉතින් අපේ රජා කියන මී වස්සා ටිකක් පිටිකක් හොයා බැලුවා නම් අර ගොං නාම්බා මෙලහකටත් බරු ගහලා කාල නො වැ.”

කරටක ඊට විරුද්ධ විය. ඒ නිසා ම මෙසේ කීය:

“මොනවා මොනවා, තව මොනවා ද අපේ රාජෝත්තමයාට තැති ගන්නට තිබුණ හේතු? ඉතිං මනුස්සයෝ ඔය ගොණාගෙ වංහුං කියලා උන්නාන්සේගෙ බය භීතිය නැති කරන්න තිබුණානේ. ඇයි එහෙම නො කළේ?”

“අනේ යකෝ උඹත් අර රජා කියන එකා වගේ අමු ම අමු මී හරකෙක්. ඔය මොළේ කියන එක ටිකක් එහාට මෙහාට කරලා කල්පනා කරනවා කෝ. ඔය ගොණා තප්පුලාන හැටි මට ඇසුණා. මං කීවා නම් ‘දේවයන් වහන්ස, ඔය ඇසුණේ මේ කැලෑවේ අතරමං වූ ගොණෙකුගේ තප්පුලෑම’ කියලා ඔය කුප්පිදු රජා මේ වගේ පඬුරු පාක්කුඩම් දෙයි ද? අපේ බහට කීකරු වෙයි ද? අපට ජනරාල් තනතුරු දෙයි ද?කදිමට කැලෑවට ගිහින් ගොණා මරා හොඳ හොඳ කොටස් ගිල දමලා අපිට ලේ මස් නැති ඇට කුර හම වගේ ඒවා විසිකරාවි ‘ඔන්න කනවනං කාපියව්!’ කියල. ඇයි යකඩො උඹහැ මේ කතාව අහලා නැද්ද?

සේවකයා දැනගන්ට ඕන රජා-පාලකයා තමන්ගේ බහට බලයට යටත් කරගන්න. ඒකට ඇති එකම මග තමා සියක් දහසක් බලාපොරොත්තු පොදි පිටින් පාලකයන් කියන අයගේ හිතට කා වැද්දීම. සේවකයන් දියුණු වෙන්න කැමතිනම් පාලකයා-රජා ගොණාට ම ඇන්දවිය යුතුයි. එහෙම නො කරන්නාට සිදුවන්නේ දධිකර්ණට සිදු වූ දෙය ම යි.”

“මොකක් කීවා දධිකර්ණ, අර අහවල් එකක් ද ඒක”යි කරටක ඇසූ කළ දමනක එම කතාව මෙසේ දිග හැරියේ ය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll