83. හිතෝපදේශය | 02 | වෙසඟනත් පූජාවට සුදුස්සියක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඇමතියන් කියන්නේ ඇම-ඇතියන් කියන එක. උන් දන්නවා ඕනෑම අයකුට තමන්ගේ ඇම ගිල්වා ඒ මගින් ලාභ ප්‍රයෝජන ලබන්නට. අන්තිමේ දී ඇම ගිලපු එකා ගහේ, ඇමතියා ෂපාන් එකේ ගෙදර! ඒ ගැන මෙහෙමත් සඳහන් වෙනවා:

අනුන්ට දෙන්නේ සොච්චමයි. තමන්ටයි තමන්ගේ හතර වරිගේ එකාලටයි බෙදාගන්නෙ මදි නො කියන්නට. ඒ නිසා ඔවුන් හඳුන්වන්නේ වසුරු පිර වූ කළගෙඩි ලෙස.

“ඇමතියෙකු ශ්‍රේෂ්ඨ පුද්ගල ගණයෙහි ලා ගැනෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරය තුට්ටුවකින් හෝ වර්ධනය කළොත් පමණයි. රටක රාජ්‍යයක භාණ්ඩාගාරය කියන්නේ දේශයේ ප්‍රාණ වායුව. ඇමතිපට්ටම් දරණ පණ ඇත්තන් රට හූරා කන පාදඩයන් මිස දේශය පවත්වා ගෙන යන ප්‍රාණ වායුව නො වේ. අතීතයේ විසූ ශ්‍රේෂ්ඨයන් අනුව යමින් කුල සිරිත් අනුව පාලන කටයුතු මෙහෙය වන්නැයි කීවොත්, එයට කිසිවකු මනාප නැත. සිය සැමියා කුල වන්තයෙකු වුවත් ධන හීනයෙකු නම් බිරිඳ විසින් එවැන්නා අත් හරිනු ලබන්නාක් මෙනි. එ පමණක් නො වෙයි දේවයන් වහන්ස, පාලනාධිකාරියේ අසහාය නායකයා වන රජු විසින් ද සිදු කරන දූෂණ ක්‍රියා අප්‍රමාණයි. ඒවා මෙන්න මෙහෙමයි:

රාජ්‍ය භාණ්ඩාගාරයේ ධනය ස්වකීය පරිභෝජනය සඳහා පමණක් ඉක්මවා වැය කිරීම. වෙන දෙයක් වේවායි කියා නො සැලකිල්ලෙන් ස්ථිර අධිෂ්ඨානයක් නැතිව කටයුතු කිරීම, දේශවාසීන් තළාපෙළා බදු ගැනීම, ආරක්ෂක විධිවිධාන නො සලකා රාජ්‍ය දේපොළ වංචාකාරයන්ට අත්කර ගැනීමට උදව් කිරීම, තමන්ගේ අවධානය යෙදිය හැකි පරිදි ආසන්නයේ ආරක්ෂාව තැබිය යුතු වස්තුව අනාරක්ෂිත තන්හි ගබඩා කිරීම, රජුන් කරන වැරදි අතර වේ.

ස්ථාවර ධනය මේ පමණයි, ලැබෙන අය මෙන් ම කෙරෙන වැය මෙපමණයි කියා වාර්තා සහ ගණන් හිලව් නැතුව රාජ්‍ය පාලනයේ නියුතු රජාත්, මහා පරිමාණ ව්‍යවසනයන් හි නිරත ආයතන ප්‍රධානයනුත් වෛශ්‍රවණ දෙවියන් හා සමාන වූවත් ඇද වැටෙන්නේ පරිහානියට ම ය.”

අයිනක් අල්ලාගෙන සිටිමින් සිය සහෝදර පිංගලක ගේ සහ සංජීවක ගේ සංවාදය අසා සිටි ආගන්තුකයෙකු වූ ස්වබ්ධකරණ අනවසරයෙන් වුවත් සිය රාජ සොයුරාගේ අවධානය යොමු කරමින් මෙසේ කී ය:

“මාගේ ගෞරවනීය රාජ සහෝදරයාණෙනි! මෙන්න මේ කාරණය මට කියන්නට හිතුණා. ඔය දමනකයි කරටකයි දෙන්නා අද ඊයේ නො වෙයි දීර්ඝ කාලයක් තිස්සේ අප ආශ්‍රයට ගත් අය. සාමය සහ යුද්ධය වෙනුවෙන් උපරිම සේවයක් කළ පැරණි රාජ්‍ය අමාත්‍යවරුන්. නමුත් ඔවුන්ගේ හැසිරීම් රටාව මෙන් ම ක්‍රියාකාරී සැලසුම් අනුව; ධනය පිළිබඳව කටයුතු කරන මහා භාණ්ඩාගාරයටත් මුදල් අමාත්‍ය තනතුරටත් පත් නො කළ යුතු අය. අනිත් කාරණය නම් තනතුරු වලට පත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රම විධි මං අසා ඇති අන්දමට නම් මෙහෙමයි:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll