86. හිතෝපදේශය | 02 | වෙසඟනත් පූජාවට සුදුස්සියක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“ඒකත් එහෙම ද? ඒත් හැම තැන ම එක ම ආකාරයේ තීන්දු තීරණ ගැනීමත් වස වැරැද්දක්. ඒකට හේතුව මේකයි” කී ස්වබ්ධකරණ මෙසේ උපහැරණයක් ඉදිරිපත් කළේය.

“රජා වේවා! පාලකයා වේවා! තමන්ගේ අණ කඩ කරන පුතුන්ට වුවත් සමාවක් නො දිය යුතුයි. රජා සිටිය යුත්තේ සිතුවමක ඇඳි රූපයක් පරිද්දෙන්. තමන්ගේ උන්ට එක නීතියක් අනුන්ට තව නීතියක් ක්‍රියාත්මක කළොත් ඒ රජා පාදඩයෙකු හා සමානයි. පාලකයා කොන්ද නැති පතෝලයෙකු නම්; රටක් රාජ්‍යයක් වැනසෙන්නට ඇති හේතු බොහෝ ම යි. පාලකයා කීර්තිමතෙකු වෙන්නේ ඔහු සමාජශීලීයි නම් පමණයි. දරදඬු විනාශකාරී කටයුතුවල පාලකයා යෙදෙනවා. ඒත් ඔහු වටා සිටින කටු ලොවින්නන් කරන්නේ පාලකයා සර්ව සාධාරණ සුදෙනෙකු කිරීම. එයින් සිදුවන්නේ සමාජය ම විනාශයට යාමයි. කුලය වංශය ගැන කතා කළාට වැඩක් නෑ–පුද්ගලයාගේ අත් පා වලංගු නැත්නම්. දාන ධර්මවලට යොමු වන්නන් පුරෝගාමී ලෙස කටයුතු කරන්නේ එයින් ද විශේෂ ලාභාපේක්ෂාවෙන්. ප්‍රමුඛ දානපතියකු නිසා ඔහු කරන දූෂණ ගැන කිසිවෙකු සෙවීමක් කරන්නේ නෑ. සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙන්නා අධ්‍යාපන විෂයයෙහි ඇළුම් කම් දක්වනවා නම් ඊට හේතුව මහා විනාශයක් කරන්නට අර ඇඳීමක්. ලෝභී පුද්ගලයා කියන්නේ තමන් නිරෝගී බවයි. එය සමාජයට ම වංචා කිරීමක්. ක්‍රියාන්විත නැති - කළ යුත්ත නො කරන, පම්පෝරියෙන් ප්‍රශ්න මගහරින ඇමතිවරයාගෙන් සිදුවන්නේ ද රාජ්‍යය විනාශයට පත් වීමයි.

රටෙහි බලය ලබාගත් පුද්ගලයා රටේ වැසියන් දේශීය විදේශීය සොරුන්ගෙන් රැකගත යුතුයි. අනාචාරයන්හි යෙදෙන ඇමැත්තන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් මුදවා ගත යුතුයි. අභ්‍යන්තර බාහිර සතුරු උපක්‍රමවලින් බිය පත් නො කළ යුතුයි. රජුගේ එහෙයියන්ගෙන් සිදුවෙන පීඩා වැළැක්විය යුතුයි. වැසියාට සහන දී තමන් මසුරෙකු සේ ජීවත් විය යුතුයි. රජා රටවැසියන්ට සැලකිය යුත්තේ සිය දරුවන්ට පරිද්දෙන්.

මගේ සහෝදරයා ඔන්න ඔය කී කාරණා ගැන සිතා රාජ්‍ය පාලනය කරන්න. මාත් ඉතින් ඔය ඇන්නෑව කරලා තියෙනවනේ. අන්න ඒ නිසා තණකොළ කන සංජීවක උන්නැහේ තමා මුදල් අමාත්‍ය පදවියට එක ම සුදුස්සා. කොහොමත් මුදල් ඇමතිකම් රාජ්‍ය භාණ්ඩාගාරවල අධිපතිකම් දැනටමත් කරන්නේ ම තණකොළ කන උන් ම තමයි” යි ස්වබ්ධකරණ කීයෙන් පිංගලක උතුමාණන් විසින් සංජීවක ගොණා රාජ්‍ය භාණ්ඩාගාරය භාර මුදල් ඇමති තනතුරට පත් කරනු ලැබිණ.

මෙම නව පත්වීමෙන් අනතුරුව නෑදෑ මිත්‍රයන් පාලන තනතුරුවලට පත් නො කර සංවිධානාත්මකව රාජ්‍ය විචෑරීම කළා. කරටක හා දමනක දෙදෙනාට මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සිත්වලට යා දුන්නේ නෑ. එබැවින් සිතෙහි පැසවමින් තිබුණු එම විරසකය දමනක මෙසේ කරටකට හෙළි කළා:

“ඉතින් යාළුවා දැන් ප්‍රශ්නය ඔඩු දුවලා. කප්පරක් වැරදි සිදු වුණේ අපේ අතින් බව පිළිගන්නට ඕන. ඒකට අනුන්ට දොස් පරොස් කීමෙන් ඵලක් නෑ. ඒ වගේ ම අඬා දොඩා විලාප කියලා හූල්ලා නිකම් මොකට ද ඇඟ බස්සවා ගන්නේ? එහෙම කියන්න හේතුව මේකයි:

මම රන් ඉර අත ගාලා දුකට පත් වුණා. වංචාවට උදව් කළ හිතවතිය තමන්ම විලංගු ලා ගෙන කරදරේ වැටුණා. මැණික හොරා ගන්නට ගිය සන්නාසියා අයසට ගියා. මේවා සිද්ධ වුණේ අන් අයගේ වරද වලින් නොව, තමන්ගේ ම නො සැලකිල්ලෙන්.”

“මොකක් ද යාළුවා ඔය කිව්ව හරුපෙ?” යි කරටක ඇසූ කල දමනක එම කථාව මෙසේ හෙළි කළේය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll