අනේ හැබෑට ම මෙහෙමත් ගෑණු!
වීරවික්‍රම නමින් හැඳින්වුණ රජෙකු කාංචනපුර නගරය කේන්ද්‍ර කරගෙන රජකම් කළා. මෙම රජු වෙත ඉදිරිපත් වෙන සාමාන්‍ය තරමේ නඩු විභාග කර තීන්දු තීරණ දුන්නෙ යමක් කමක් දත් උගත් විනිශ්චය කාරයෙක්. ඉතින් දිනක ඔහු විමසූ නඩුවක වරදකරු වුණේ මිනිසුන්ගෙ හිස රැවුල් බාන කරණවෑමියෙක්. අනේ! නීතිය අනුව කරණවෑමියා වරදකරු වූ නිසා ඔහුට පැන වූයේ මරණ දඬුවම.
ඔය මරණ දඬුවම හැම තැනක ම දෙන්නෙ නෑ. ඊට ම වෙන් වූ ස්ථානයක් තිබුණා.
ඉතින් ඒ වධක ස්ථානයට වරදකරු ගෙන යනවා රත් මල් මාලයක් දාලා වධක බෙර ගසමින්. ඔයා
අතරේ කන්දර්පකේතු නමින් හැඳින් වූ පරිබ්‍රාජක සන්නාසියෙකුට මෙම
සිරකරු දැක ගන්නට ලැබුණා. ඔහු සිරකරුගේ හැඳි වත අල්ලාගෙන “හා හා මෙයා මරන්නට එපා”
කියා කෑ ගැසුවා. සන්නාසියා තමන්ගේ රාජකාරියට බාධා කළ නිසා රාජපුරුෂයන් මෙසේ ඇසුවා:
“මොකෝ රාජ නියෝගය වළක්වන්නේ? ඇයි මූව මරන්න එපා කියන්නේ? කියමු බලන්න
හේතුව?”
“හේතුව ද? හේතුව තමා මොහු නිතර ම කියනවා ‘මං රං ඉර අතගා’ යන අදහස
ඇති ‘ස්වර්ණරේඛා මහං ස්පෘෂ්ට්වා’ කියලා.”
“ඒක මොන හරුපයක් ද පරිබ්‍රාජක? ඒකයි මේ දඬුවමෙහි ඇති සම්බන්ධය?”
“මේකයි, මං ඇවිල්ලා සිංහල දීපයේ රජකම් කළ ජීමූතකේතුගේ පුත්‍ර කන්දර්පකේතු.
දවසක් දා මං උයනේ සෙල්ලම් කරමින් සිටියා. එතෙන්ට ආ නාවික වෙළෙන්දෙකු මෙහෙම කීවා: