වෙළෙන්දාගේ කතාව ඇසූ මං ඔහු සමග ගියා නැවෙන් අර ස්ත්‍රිය සිටිනවා
යැයි කී තැනට. මගෙ සංතෝ හිටිය නේන්නං ඒ රංකඳ – හැබැයි අර ආසනයේ ශරීරයෙන් බාගයක් ම
වැහිලා. ඒ රූපයෙන් වසඟයට පත් වෙලා පැන්නා නැවෙන් රූමතිය ළඟට. අනේ, මොනවා වුණාද
මන්දා මං ඇවිත් මතු වුණේ රන් රුවන් පිරුණු නගරයකට. එතැන දී ත් අර රූප සුන්දරිය
වාඩි වුණේ රන් පළඟේ ම යි. ඇගේ සියලු ම සේවා කටයුතු කළේ විද්‍යාධරයන්. ශ්‍රියාකාන්තාව
ඇගේ යෙහෙළියන් ලවා මාව ළඟට ගෙන්වා ගෙන ලොකු ළෙන්ගතුකමකින් තමා කතා කළේ. ඉතිං ඒ
සේවිකාවන්ගෙන් ඇසුවා මං කුමාරිකාව කවුරුන් ද යන වග. එවිට ඈලා මෙන්න මෙහෙම කියාගෙන
ගියා:
“ඔය විරාජමාන වෙන්නේ එසේ මෙසේ උත්තමාවියක් නො වෙයි. මෙතුමිය කන්දර්පකේලි
කියන විද්‍යාධර උතුමාණන්ගේ දූ සිඟිත්ත වන රත්නමංජරී දේවිය. කවුරුන් හෝ ස්වර්ණපුරයට
අවුත් ඔහු ම මෙතුමිය දැකගනු ලැබුවහොත් පියාගේ නො කැමැත්ත මත වුවත් එයත් සමග
විවාහවීම ස්ථිර ලු – එය මෙතුමියගේ සිතෙහි තදින් ම ධාරණය වෙලයි තිබෙන්නේ. අන්න ඒ
නිසා ඔබ තුමා අපෙ රත්නමංජරී කුමරිය ගාන්ධර්ව විවාහ ක්‍රමයෙන් විවාහ කරගත
යුතු ම යි. ඉතින් මාත් මොකට ද පහුබට වෙන්නෙ කියා ගාන්ධර්ව විවාහයෙන් අඹු කමට ගෙන
කැමති පරිද්දෙන් රති සැප වින්දා. එසේ සිටිය දී දවසක් රත්නා මට මෙන්න මෙහෙම
කීවා:
“මගේ පණ හා සමාන හිමියෙනි, මෙහි ඇති සෑම වස්තුවක් ම ඔබේ. ඒ නිසා
කැමති ලෙස උපභෝග පරිභෝග කළාට පරිහරණය කළාට කිසිම වරදක් නෑ. හැබැයි රජෝ එකක් නම්
කියන්නට ම වෙනවා!”
“මොකක් ද මගේ වස්තුව පණ රන් කඳ ඒ කියන්නට ඇති කාරණය?” කියා මං ඇහුවා.
රත්නා මගේ ප්‍රශ්නයට
පිළිතුරු දුන්නේ මා වෙළා ගෙන සීයක් විතර උම්මා දෙමින් මෙන්න මෙහෙම:
“අර බිත්තියේ තියෙනවා නේද ලස්සන සිතුවමක්?”
“ඔව් නෙ, අර තියෙන්නෙ මගෙ වස්තුවේ. ඉතිං ...”
“ඒක එසේ මෙසේ රූපයක් නොවේ. ඒ තමා ස්වර්ණරේඛා කියන විද්‍යාධරී!”
“හැබෑට ඒ සිතුවමට මොකක් ද කරන්න ඕනේ මගෙ රත්තරං?”
“කරන්නට ඕන නො වෙයි මෙයා – කරන්නට එපා! නිකමට වත් අත ගාන්ට එපා!”