89. හිතෝපදේශය | 02 | අනේ හැබෑට ම මෙහෙමත් ගෑණු

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඔන්න ඔය කියමනෙන් මගේ හිත එහාට මෙහාට හෙල්ලුණා. ඇතිවුණේ පුදුමාකාර කුකුසක් සැකයක් විමතියක්. ඉතින් අත ගාන්න ම යි හිත එපා කී නිසා ම. දවසක් තිස්සේ නිදියහනේ  කන බොන විට කොහොමටත් සෑම මොහොතක ම රූපෙ හටන තමයි හිතේ. අතගාන්න ම යි හිත කියන්නේ. ඉවසුවා ඉවසුවා ඉවසීමේ සීමාව දෝරේ ගලාගෙන ගියා. වෙන දෙයක් වෙද්දෙන් නැත්නම් ඔලුව පුපුරාවි වැදෙන හෙන ගෙඩියක් වැදියන් කියා එක හිත් දරාගෙන අරක අත ගෑවා. මොනව ද ඉතින් මොහොතක් තියා අත උස්සන්නට ලැබුණේ නෑ, දීලා අද්දා නේද රූපෙ කකුළකින් මුහුණට පාරක් දහවල් තරු විසි වෙන්ට. කියන්නටත් මහ මොකක්දෝ වගෙයි. මුහුණ හරහට වැදුණු පහරේ සැර කියන්නේ ඇවිත් වැටුණේ මගේ රටේ මගේ ගමට! ඔන්න ඔය සිද්ධියෙන් හිත පිත හොදට ම සවුත්තු වුණා. රත්නමංජරීගෙ ආදර සෙනෙහස රස පහස අහිමි වුණා. වින්ද සැප සම්පත් සිහිවෙන විට පපුව බෑගිරි ගානවා. වෙන මොකක් කරන්න ද? මාරු උණා පරිබ්‍රාජක සන්නාසි වේශයට. පටන් ගත්තා හිස හැරුණු අතේ යන්න. ඔන්න ඔය යන ගමන් තමයි මේ නගරයට සේන්දු වුණේ.

දහවල් තිස්සේ ඇවිදලා රෑ ගත කරන්නට හිතා ගෙන තැනක් හොයද්දි ලැබුණේ ගොපළු ගෙදරක ගව ගාලක්. ගාලේ පැත්තක හරක්. උන් චූ කරනවා – ගොම දානවා – වමාරා කනවා – කම්පට ගහනවා – එක යුද්ධයක්. මොනවා කරන්න ද මාත් ඉතින් හරක් ගාලේ ඔහේ වකුටු බකුටු වෙලා දිග ඇදුණා ඇඟපතේ තෙහෙට්ටුව ටිකක් සමන් කර ගන්න හිතාගෙන. මොන සමයන් ද? ගාල අතුපතු ගෑම්වලින් සුද්ධ පවිත්‍ර කළ ගොපල්ලා හරකුන්ට කෑම බීම දී ගෙදරට ගොස් ඔහුගේ බිරිඳයි තවත් ගැහැණියක සමග මොන මොනවදෝ කතා කරනවා දුටුවා. අනේ මහ කාලයක් ගියෙ නෑ අර ගොපල්ලා බිරියට බැණ වදිමින් තඩි ගැසුවා පොල් පිත්තකින්. ගහන්ඩ ම ඇඟපත ඇසුණා සද්දෙ තඃ තඃ ගාලා. ඒ විතරක් නම් මදෑ, හරකුන් ගලත්තන්නට පටවලින් ඇඹරූ තේඩාවකින් බැන්දා අත් කකුල්, එයිනුත් සෑහීමට පත් නොවී ගැටගසුවා ගෙයි අගු කණුවේ.

මාත් ඉතින් බලාගෙන ඊට පස්සේ මොකක් ද වෙන්නේ කියලා. අර අනෙක් කාන්තාව යන්නට ගියා. ගොපල්ලා ගෙට වැදිලා නිදාගත්තා. පස්සෙන් පහු තමා දැන ගන්නට ලැබුණේ නිවසින් පිටවී ගිය ස්ත්‍රිය හිස් රැවුල් බාන කරණවෑමියෙකුගේ බිරිඳක් වග. මගේත් හිතේ මොකක් ද දැන් වෙන්නේ කියා දැන ගන්ඩ. ඒ නිසා නින්ද බල්ලට දාලා ඉදගත්තා මඩුවේ වෙන දේ පෙනෙන කියන දේ ඇසෙන මානයෙන්. හඳ ගමනෙන් දැනගත්තා මධ්‍යම රාත්‍රියට ආසන්න බව වෙලාව. මෙන්න බොලේ ආවා නේ ද අර කරණවෑමි බිරිඳ ගොපල්ලි ළඟට. කදිමට කීවා නොවැ මෙහෙම:

“අඩී යෝදියේ, උඹ ගැන හිත හිතා කියව කියවා අන්න අරෙහෙ මැරෙන්ට හදනවා–හොර වාහෙ. එයා නාවොත් මෙතන ම පණ නහ ගන්නවා. ඇයි මට මේ වගේ වේදනාවක් දෙන්නෙ දෙය්යනේ! අනංගයා විදලා තියෙනවා විදින එක පපු කැවුතු පසාරු වෙන්ට ම. හරියට මෙන්න මේ වගේ උත්තමයන් කියල තියෙන:

රාත්‍රිය මෝදු වෙන්නට වෙන්නට මිනිස්සුන්ගේ ආශාවන් ඉහළ නගිනවා – ඉහට ගහනවා. ඒකත් ඉතින් හද පායද්දී අඳුර නැති වෙන්නා වගේ. ඒක සිදුවෙන්නේ ඔය අනංගයා කියන එකාගේ මල් හීසර නිසා ලු.”

ඉතින් ඒක කියලා නිකං හිටු. ඔහේ නෑ. කටකම සෙය්යාවක් නැතුව මෙහෙමත් කිව්වා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll