මේ මනුස්සයත් අර වෙසඟන කී ලෙස ම ඇඳන් ඉන්න රෙදි දෙපොට පමණක් ඉතිරි වන
සේ තමන් සන්තකයේ තිබුණු සබ්බ සකලමනාව ම පුදලයි ඇවිත් ඔය ගාලෙ ලගින්නේ” යි ගොපල්ලා
කීවා.
මේ සියලු කරුණු කාරණා රාජ ආරක්ෂකයන් ගොනු කර යුක්තිය පසිඳලන විනිසුරා
වෙත වාර්තා කරනු ලැබිණි. ධර්මාධිකරණ නායකයා ඉදිරියේ නඩුව නැවත විභාග වෙද්දී ගොපළු
ලියගේ සහ කරණවෑමියගේ වංහුං හෙළිදරව් විය. සියල්ල සලකා බැලූ විනිසුරා ස්ත්‍රීන්
දෙදෙනා ප්‍රදේශයෙන් පන්නා හරිණ ලදී. ඔන්න ඔය කාරණය නිසා තමයි මං කියා සිටියේ ‘ස්වර්ණරේඛා
මහං ස්පෘෂ්ට්වා’ කියන වචන.
මේ කතාව අසා සිටි දමනක කරටකට මෙසේ කීය:
“ඔය එකක්වත් අනුන් කළ දේවල් නො වේ. තම තමන් ම කරගත්ත මරිකම්. ඒවා ගැන
අඬා වැළපිලා ඇති පලේ මොකක් ද? පිංගලක සංජීවක සහ සම්බන්ධය සමගි සන්ධානයක් ඇති කළේ
මං. ඒ වගේ ම උන් දෙන්නා භේද භින්න කරලා නයි මුගටින් වගේ පොර වට්ටන්නෙත් මං.
ඇයි මං එසේ කියන්නට හේතුව මෙන්න මේ නිසා:
“චිත්‍ර අඳින අය චිත්‍රය තුළ සම තැන් වගේ ම උස් තැන් නිර්මාණය කර
පෙන්වනවා. කඳු-ගංගා-ගස්-මුහුද, ඉර හඳ වගේ ෂඩින්ද්‍රියන්ට ගැටෙන ඕනෑම දෙයක් චිත්‍රයේ
සටහන් කරනවා. අන්න ඒ වගේ විවිධ කුසලතා ඇති දක්ෂයා, සත්‍ය හෝ සැබෑ නො වන දෙයක් අතේ
පැල කර පෙන්නනවා සැබෑ දෙයක් ලෙස ඇත්තක් වගේ. අන්න දක්ෂතාවය කියන්නේ ඒකට. තමන් සතු
නුවණේ දිග පළල දැනගන්න නම්; එක්කෝ ආපදාවක් වෙන්නට ඕන. නැත්නම්, කිසියම් ලාභයක් හෝ
පාඩුවක් වෙන බව පෙනෙන්නට ඕනේ. ගොපළු ස්ත්‍රියක් බාධා හාදාවකින් තොරව සොර සැමියන්
දෙදෙනෙකු සමඟ නැළවුණේ නුවණේ තිබුණ දිග පළල නිසා.
“මොනවා! සොර සැමියන් දෙදෙනකු සමඟ එක ගෑණියක් නඩලං ගැහුවා! පුදුමයි, කියමුකො බලන්න උන්දැගේ මොළේ තරමත්” යැයි කරටක ඇසූ පසු එම සිද්ධිය දමනක වාර්තා කළේ මෙසේය.