94. හිතෝපදේශය | 02 | අප්පා ඇඳේ – පුතා අටුවේ

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

අප්පා ඇඳේ – පුතා අටුවේ.

ද්වාරපතී කියන නගරයේ වාසය කළා ගොපල්ලෙක් නන්දන නමින්. හැබෑ ම දක්ෂයා අතමිටත් සරුයි එළු ගව පට්ටියක් පවත්වා ගෙන යාම නිසා. කිරි වෙඬරු ගිතෙල් මෝරු වැනි නිෂ්පාදන අලෙවියෙන් තමා ප්‍රදේශයේ හැටියට පොහොසතකු බවට පත් වුණේ. එයාගෙ සහායට හිටියා බිරියක් නම භාරතී. ඇස්වහක් කටවහක් නෑ හරි ම හැඩකාරි. වරක් දුටුවොත් නැවත හැරී හැරී බලන්නට තරම් වටිනා රූපෙ. ඊට ම ගැළපෙන ගමන–සිනහව–මුකුළුව. ඉතින් නන්දනත් තමන්ගේ බිරිය දෙස ම තමා ඇහැ ගහගෙන හිටියේ. ඇයි අප්පේ මේ රූපස්කන්ධයට වහ වැටිලා එකෙකු උස්සා ගෙන යාවි, නැත්තං වරකා ගහට එන ලේණුන් වගේ අස්සර වැටුණ අහළ පහළ උන් කෝලිත්තං කරාවි කියන බයෙන්.

බය වෙන්ට ම වැඩේ. ඇයි අප්පා කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ඇති හැම අඟපසඟකින් ම බේරුණේ කාමුක ගතිය. එහෙම් පිටින් ම මී පැණි කළයක්. රස මංජුසාවක්. එයත් නිතර ම විපරමින් හිටියේ මොකා වුණත් කාරි නෑ ඇහැට කණට වැටෙන එකෙකු හදි ගැහියන් කියලා. දවසක් දා වත්තකට නන්දනගේ හරකෙකු පැන කළ වගා හානියක් ගැන පැමිණිල්ලක් විභාග කරන්නට ආවා ප්‍රදේශය භාර ගම්මුලාදෑනියා. දන්නවනේ ඒ කාලේ රාජකාරි කළ ගම්මුලාදෑනින්ගේ තරම. ඉතින් නඩු විභාගයේ දී වත්තේ අයිතිකරුගෙන් ඇසුවා සිද්ධිය. සිද්ධිය කියද්දී ගොපළු බිරිඳ ඇඳගෙන සිටි රෙද්ද ලිහා අඳිමින් එහා මෙහා පාවුණා. මුලාදෑනියාගේ පපුව තුළ කැළඹීමක්. ඉණුවා කටට කෙළ–ගුඩුස් ගාලා ගිල්ලා. අසුනෙන් නැගී සිටි ගම්මුලාදෑනියා අඩි හප්පා නඩි පුප්පා පැමිණිලිකරුගෙන් ඇසුවා මෙහෙම:

“කොහෙ ද බොල තොගෙ ගෙවත්ත තියෙන්නෙ?”

“බය බෝය් ආයුබෝවන්ට අර තියෙන්නෙ හරක් ගාලට ම අල්ලලා!”

“ඉතින් මී හරකො, ගාලට අල්ලලා වත්ත තියේ නම් හරකුන් පනින එක පුදුමයක්යැ. තෝ වත්ත අරං යන අන්දෝරුපතක පළ. නඩුව අවසානයි.”

ගොපළු බිරිය භාරතී හකුරු කෑල්ලකුත් සමග ගෙනා රණවරා කට්ට හිස් කළ මුලාදෑනියා නන්දනට රාජකාරි කීපයක් පවරන්නට වගබලා ගත්තා. ඒ ඔහු ගෙයින් පිටකර ගෙට වදින අටියෙන්. එසේ දින කිහිපයක් යද්දි මුලාදෑනියාගේ පුතා මාතංග ද ගෙවිලියගේ රසයෙන් මත් වෙන්නට එම නිවසට බඩ ගාන්නට පටන් ගත්තා. ඒ සිද්ධිය පොත්පත්වල දක්වා තිබෙන්නේ මෙහෙමයි:

“කිසිම දාක ගින්න කියන්නේ නෑ තමන් මතට දර දාන්න එපා කියා. හේතුව දර වැටෙන්නට වැටෙන්නට ගින්නේ ප්‍රෞඩත්වය ප්‍රකාශ වන නිසා. මුහුද කියන්නේ නෑ ගංගාවලට දැන් ඇති ගැලුවා කියා. ඒ ගලන්නට ගලන්නට දියරැළි ඉහළ යන නිසා. මාරයා සතුන්ට කියන්නේ නෑ මැරෙන්න එපා කියා. ඒ ලෝකයේ සතුන්ට තමන් කෙරෙහි බිය ඇති කර ගතයුතු නිසා. අන්න ඒ වගේ තමා ගැහැණුන් මැරුවට හොර මිනිස්සුන්ට එන්ඩ එපා කියන්නේ නෑ. හේතුව තමන් වෙන පිරිමින් එන තරමට කරල ඇහෙන නිසා – අතමිට සරු වන නිසා.

ඒ විතරක් ද මෙහෙමත් ලියා තිබෙනවා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll