බලවත් ම බලය බුද්ධි බලය.
වනස්පති යන හැඳින්වීමට අනුරූප වන අයුරින් ප්‍රදේශයේ අතු පතරින් වසාගත් අරුළු බේරුණ විශාල නුග ගසක් සාරිකෝද්‍යානයෙහි වැඦඹෙමින් තිබුණා. එහි ආරක්ෂිත තැනක නිමවා ගත් කූඩුවක වාසය කළේ ආදර දයාවෙන් භරිත ප්‍රේමයෙන් මුකුළිත අඹුසැමි ජෝඩුවක් – ඒ භාතිය කියන කවුඩෙකු සහ භවානි කියන කැවිඩියක්. ඔවුන්ගේ ඉහ වහ ගිය ප්‍රේමයේ ප්‍රතිඵලයක් වශයෙන් කැවිඩිය හත් වරක් ම බිජු දැමුවා. දැමූ බිජු ආදරයෙන් රැකබලා ගෙන උණුසුම් කර රුව ලස්සන පැටවුන් බිජු තුළින් එළියට ආ ඇසිල්ලේ එම ගසේ ම සිටි කළු නයකු පැමිණ ඒ නො දරුවන් ගිල දැම්මා. වරක් ද දෙකක් ද හත්වරක් ම මෙම ව්‍යසනයට මුහුණ පෑ භවානි සිය සැමියා වන කපුටාට මෙසේ කීවා:
“අනේ මෙයා, අපි මේ ගෙ දොර අත හැරලා පිට ප්‍රදේශයකට යමුකෝ. මට නම් මේ
ගෙදර ඉඳිල්ල එපා වෙලා තියෙන්නෙ. අනේ යමුකෝ මෙයා මොන දීපංකරේ ට හරි!”
“මොක ද මගේ වස්තුව එකපාරට ම එහෙම කියන්න හිතුණේ? බලන්නකෝ අපේ ගෙදර
කොයි තරම් විශාල ද? අවුවට පින්නට වැස්සට සුළඟට පවා ඔරොත්තු දෙනවා.”
“අනේ හැබෑට ම ඔයාට නිකමටවත් හිතෙන්නෙ නැද්ද අපව වයසට ගියහම රැක
බලාගන්නේ කවුද? ලෙඩක් දුකක් හැදුනාම පිහිට වෙන්නේ කවුද? ලොකු ම දේ අපෙන් පස්සෙ
පරම්පරාව ගෙන යන්නෙ?”
“ඉතින් රත්තරනේ අනේ ඔයා කියන දේ මට තාම වැටහුනේ නෑ නේ. අරහෙන් මෙහෙන්
නො කියා කෙළින් ම කියන්නකො පණේ.”
“තොත්ත බබා! දැන් කී වාරයක් අපට දරුවන් ලැබුණ ද?”
“මං කොහොම ද දන්නේ, ඔයාගේ රාජකාරිය ඒක වෙනකොට!”