“දේවයන් වහන්ස, බලකොටුව අභ්‍යන්තර ලෙස මෙන් ම බාහිර වශයෙන් නිති
නිරීක්ෂණයකට ලක් කළ යුතු බව කීප වරක් ම කියා සිටියා. එය කිසිවෙකුත් අවධානයට ගත්තේ
නෑ. ඔබ වහන්සේත් නිශ්ශබ්දව සිටියා. අන්න ඒ නො සැළකිලිමත්කම නිසා තමයි මේ විපත සිදු
වුණේ. බලකොටුවට ගිනි ලැවේ ගිජුලිහිණියාගේ උපදෙස් පිට මේඝවර්ණ
කාක්කා.”
දිග දුර හුස්මක් පිට කළ හිරණ්‍යක රජු මෙසේ කීවා:
ආදරේ නිසා කළ උපකාර නිසා කවුරු නමුත් සතුරන් විශ්වාසයට ගත්තොත්
සිදුවන්නේ ගස් මුදුනක නිදාගත්තෙකු නින්දෙන් ම ගහෙන් වැටුණා වගේ වැඩක්.
“දේවයන් වහන්ස, ඒ විතරක් නො වෙයි.” කියා පටන් ගත් ඔත්තුකාර කොකා:
බලකොටුවට ගිනි බිඳලා මේඝවර්ණ ගියා නේ, ඒකට පැහැදුණු චිත්‍රවර්ණ
නියෝග කළා කර්පූර දේශයේ රජු ලෙස මේඝවර්ණ අභිෂේක කරන බව.” යැයි ද
සඳහන් කළේය. ඔය වගේ සිදුවීම් ගැන පොතේ සඳහන් වන්නේ මෙන්න මෙහෙම:
තමන්ගේ පාලකයා ගේ නියෝග නිසි සේ ඉටු කරන ලද සේවකයාගේ එම ක්‍රියාදාමයන්
අමතක කිරීම හොඳ වැඩක් නම් නො වේ. තෑගි දෙන්නට ඕනෑ. හිතෙන වචනයෙන් වගේ ම බැල්මෙන් ද
සංග්‍රහ කරන්නට ඕනෑ.
ඔත්තුකාර කොකාගෙන් සිදු වූ මෙහෙයට සුදුසු ප්‍රතිඋපකාරයක් කරන ලෙස සක්වාලිහිණියාට
නියම කරනු ලැබිණි.
හිරණ්‍ය හංස රජුගේ
කඳවුරට ගිනි ලූ මේඝවර්ණ කර්පූර දේශයේ රජකමෙන් පුදන්නට චිත්‍රවර්ණ ගත් තීරණය ගිජුලිහිණියාගේ
බලවත් නො සතුටට හේතු විය. එබැවින් ඔහු මෙසේ කීවේය:
“දේවයන් වහන්ස, මේඝවර්ණට කර්පූරයෙහි ඒ රජකම පවරා දෙන එක නම්
බුද්ධිගෝචර කටයුත්තක් නො වෙයි. වෙන කුමක් හෝ අනුග්‍රහයක් කළාට කමක් නෑ. මං එහෙම
කියන්නෙ මෙන්න මේ නීති උපදේශය නිසා:
නියෝගයකින් තොරව හිතුමතේ වැඩ කරන අයකුට උපදෙස් දීම, හාල් ගන්නට
හිතාගෙන දහයියා කෙටීම වගේ නිෂ්ඵල වැඩක්. අනික පහත් අයට කරන උපකාරය වැල්ලේ ඇඳි ඉරක්
හා සමානයි.
ශ්‍රේෂ්ඨයන් උත්තමයන් ආසනාරූඪ විය යුතු සිංහාසනයක නීචයකු තැබීම කොයි
ම දවසක වත් නො කළ යුත්තක්. ඒ ගැන නීති ග්‍රන්ථ වල එන්නේ මෙන්න මෙහෙමයි:
කුල බල නිල ආදියෙන් පහත් තැනැත්තා උසස් පදවියකට පත් වූ වහා ම කරන්නේ
කන්න දුන්න අත හපා කන්නා සේ තමන් ඉහළට ගත් ශ්‍රේෂ්ඨයා විනාශ කරන්නට මංපෙත්
සෙවීමයි. හරියට තවුසෙකුගේ උපදෙසින් කොටියකු සේ ක්‍රියා කළ මීයා, අන්තිමේ තවුසා
නසන්නට උපක්‍රම යෙදුවා වගේ.
මොකක් ද අප්පේ ඒ අටංහරුපේ’යි චිත්‍රවර්ණ ඇසූ සඳ අමාත්‍ය ගිජුලිහිණියා මෙසේ කීය: