173. හිතෝපදේශය | 04 | කොටියා වූ මූසිකයා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

කොටියා වූ මීයා.

ගෞතම නම් මහා සෘෂිවරයාගේ තාපස වනයෙහි මහාත්‍ය නමින් තාපසයෙක් වාසය කළේය. කාක්කෙකු විසින් හොටයෙන් එල්ලා ගෙන යමින් සිටිය දී කටින් බිමට වැටුණු මී පැටියෙකු මහාත්‍ය තවුසා දැක්කේය. අනේ මේ මී පැටියා දුටු තවුසා හදවත කරුණාවෙන් තෙත් කරගෙන මී පැටියා අසපුවට ගෙන ගොස් රැක බලා ගත්තේය. පැටියාගේ කුසගින්න නිවාලන්නට ඌරු හැල් කැබැලිති දී රැකගනු ලැබිණි.

ඔන්න ඔය අතරෙ දඩාවතේ යමින් සිටි බළලෙකු මේ මී පටවා දැක ඔහු කා දමන්නට එහා මෙහා පනිමින් බලවත් උත්සාහයක් ගත්තා. බළලාගෙන් බේරීම සඳහා මීයා කළේ තවුසාගේ ලෝගුව තුළට රිංගීම. එම එම ක්‍රියාව දුටු තවුසා මීයාට මෙසේ කීවා:

“මීයෝ උඹ ඔය මී වේශය ඉවත ලා බළලෙකු වෙයන්!”

ඉතින් මීයා බළලෙකු වුණා. ඔන්න ඔය අතරේ ආවා බල්ලෙක්. ඌත් මී බළලා පසුපස පන්නන්නට පටන් ගත්තා. ඒ දුටු මී බළලාට තවුසා කීවා: උඹ බල්ලාට බයවෙන්න එපා, උඹත් බල්ලෙකු වෙයන් කියලා. එසේ දින කීපයක් ගතවෙද්දී කොටියෙකු ආවා මී බල්ලා කන්නට. එවර තවුසා කළේ මී බල්ලා ව්‍යාඝ්‍රයෙකු කිරීම.

මීයා බළලා වුණා. බළලා බල්ලා වුණා. දැන් කොටියෙකු වෙලා. තමන්ගේ රූප විලාශයෙන් සතුටට පත් මීයා මෙසේ සිතුවා:

මීයෙකු වූ මට භයානක ව්‍යාඝ්‍රයෙකු වෙන්නට ලැබීම පූරුවේ කළ පිනක්. නමුත් මේ නෙය්යාඩගම දන්නෙ තාපසයා. එයාට ආපසු මාව මීයෙක් කරන්නටත් පිළිවන්. නො කළත් තැන් තැන්වල දී කියාවී ‘මං නෙ මීයකු ඔය ව්‍යාඝ්‍රයෙකු කළේ’ කියලා. ෂෙඃ, ඒක මගේ නව නම්බුවට පහරක්. උන්දෑ හිටියොත් නේ මං එසේ අවනම්බු විඳින්නේ. දෙන්නම් බැටේ කියල හිතාගෙන ගියා තවුසා ළඟට. කොටි මීයාගේ අදහස වටහා ගත් තවුසා එම කොටියා නැවත මීයෙකු බවට පත් කළේය. අන්න ඔය නිසා තමා “නීචඃ ශ්ලාස්‍යපදං” යන්න කීවේ. එසේ ම තවත් එකක් කියන්නම්. මෙය පහසු වැඩක් කියා හිතන්නට එපා. ඔන්න අහගන්න හොඳේ:

ලොකු කුඩා මැදි වයසේ සිටි මසුන් අප්‍රමාණ ලෙස ගිලදැමූ කොකෙක්, වැඩි කෑදරකම නිසා කකුළුවෙකුට ඇම දමන්නට ගොස් බෙල්ලෙ කැඩී මළේය.

ඒ වංගියේ ඔය කියන කතාව අහවල් එකක් දැයි ඇසූ චිත්‍රවර්ණට ඇමති එම කථාව මෙසේ හෙළි කළේය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll