175. හිතෝපදේශය | 04 | කකුළු අණ්ඩට බෙල්ල කැඩිලා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“ඒක හැබෑව! මාත් ඔය ගැන කියන්න ම යි උන්නේ. ඉතින් දෙයියනේ අපි මොකක් ද කරන්න ඕන බඩගෝස්තරය රැකගන්න?” කියා එතන හිටිය අන්දම තිබාගෙන උන්න රැවුලෙක් කියාපි.

“හා හා ඔය කොරන වැඩේ හරියට කොරහල්ලා. මේ වැව්වල මාළු අහවර නං මමනෙ මාළු දෙන්නේ!” යි එතැන හිටිය පිරිසේ නායකයා වගේ එකෙක් මහ සද්දයක් දැම්මා. එයින් නො නැවතුන ඔහු මෙහෙමත් කිව්වා:

“මේ වැව් පෙරංගාලා යමු පද්මගර්භයට! ඒකෙ ඕන පදං ලූලන් පෙතියො හුංගො කොරළි කොකස්සු කනයෝ තිත්තයෝ මගුරෝ.”

“මේ රට රජ වන එකාලට හෙන ගහපන් කියලා හිතුණා උගේ කතාවට. මංවත් රහ දිවේ නො තියන මගේ අවුච්චිලා අල්ලලා ගන්නවා කියන එක ලේසි පහසු වේදනාවක් ද? ඉතින් ඔය අසමත්ජාති කථා කණ වැටුණට පස්සෙන් පහු මොන කෑමක් බීමක් ද? පපු කැනැත්ත හෝස් ගා පත්තු වෙනවා.

කොක්-කකුළු සංවාදය අසා සිටි පද්මගර්භයෙහි විසූ මාළුවෝ වහා රැස්වීමක් සූදානම් කළහ. ඔවුන්ගේ නායකයා නුදුරේදී ම සිදුවන්නට යන විනාශය පැහැදිලි ලෙස විස්තර කර එයින් ගැළවෙන උපාය මාර්ගය ඉදිරිපත් කරන ලෙස විවෘත ආරාධනයක් කළේය. කට කැඩිච්ච කතා කරන්නං කොතනත් ඉන්නවා නේ. අන්න ඒ වගේ කණයෙක් කීවා “මොකෝ වතුර තියන තැනක් හොයාගෙන අපි පාරදිගේ යන්ටයෑ” කියලා. “වරල් දෙකෙන් ඉගිලෙන්ට කියලා වෙන්නැති ඔය කියන්නේ” කීවේ සිරික්කියක් දමමින් පෙතිකට්ටෙක්.

“නවත්වා ගනිල්ලා උඹලගේ ඔය මෝඩ කතා. දැන් කරන්නට තියෙන්නේ කොක් උන්නැහේට ම කියලා විසඳුමක් හොයාගන්න එකයි” කිව්වේ වයසේ අන්තයට ම යමින් සිටි කාවය්යෙක්. ඒ යෝජනාව ඒකමතිකව කවුරුන් විසිනුත් පිළිගත්තා.

ඒකටත් හේතු කාරණා මෙසේ ඉදිරිපත් වුණා:

සතුරකු නමුත් උපකාරයක් කරන්නේ නම් හැම විට ම ඔහුගේ කිම් කෙරුම් පිළිගත යුතුයි. උපකාර නො කරන මිතුරා සමඟ එක්වීමෙන් ප්‍රයෝජනයක් නෑ. සතුරාගේ සහ මිතුරාගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ උපකාර අපකාර යන වචන දෙක පමණයි.

මෙසේ සියල්ල ගැන අවධානය කළ මාළුවෝ, කොකා සමීපයට අවුත් මෙසේ විමසූහ:

“අනේ පින් කරන උත්තමයෝ අපට වෙන්නට යන වින්නැහියෙන් ගැළවෙන්නට සුදුසු මඟක් සාදා පාදා දෙන්නට ඕනෑ තමුන්නැහේ ම යි. අපට පිහිට වෙන්න මේ සම්මජ්ජාතියෙ කෙනෙකු හොයාගන්නට නැහැ.”

පයකින් නළලට තට්ටු කරමින් බොහෝ වේලාවක් කල්පනා සාගරයේ නිමග්න ව සිටියකු ලෙස හැඟවූ කොකා, දිග ම දිග හුස්මක් පිට කර සියල්ලන් දෙසට ම දෑස් යොමු කරමින් මෙසේ කීය:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll