180. හිතෝපදේශය | 04 | පාර්වතියට බැල්ම හෙළලා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

පාර්වතියට බැල්ම හෙළලා. 

අතීතයේ සිටියා සහෝදරයන් දෙදෙනෙක් මේ අය හැඳින්වුණේ සුන්ද උපසුන්ද කියන නම් වලින්. ඒ දෙදෙනා ම අසුරයන්. මේ දෙන්නා තුන් ලොවේ ම අසාහය නායකයන් වෙලා රජකම් කරන්නට ඉටා ගත්තා. මොකෝ ගෙවල් වලට වෙලා හිටියට රජකම් ලැබෙන එකක් යැ. ඒකට යෙදූ උපාය තමා ශරීරයට නො සෑහෙන ලෙස අප්‍රමාණ දුක් දී චන්ද්‍රශේඛර කියන මහා දෙවියා සතුටු කිරීම. තමන් වෙනුවෙන් පූජෝපහාර පවත්වා දුෂ්කර ක්‍රියාවන්හි යෙදුණු සුන්ද­-උපසුන්ද යන දෙදෙනා කෙරෙහි පැහැදුණ මහ දෙවියා ඔවුන්ට කියා සිටියා කැමති වරයක් ඉල්ලන ලෙස.

සරස්වතී දේවියගේ හිතේ තිබුණා අමනාපයක් මහා දෙවියා කෙරෙහි. ඒ තමන් අඹුකමට නො ගෙන පාර්වතියට බැල්ම හෙළීම නිසා. මෙන්න මේ අවස්ථාවේදී සරස්වතී කල්පනා කළා මහ දෙවියාගෙන් පළි ගන්නට අටවන්ට උගුලක්. සුන්ද-උපසුන්ද දෙන්නට වරයක් ඉල්ලන්න කීවනේ, අන්න එවිට ම සරස්වතී ආවේශ වුණා අර සොයුරන්ට. උන් දෙන්නා දහදුක් වින්දෙ ත්‍රෛලෝක නායක වෙන්ට. එහෙත් සරස්වතිය වැහීම නිසා ඔවුන් ඉල්ලීම කළේ මෙන්න මේ අයුරින්:

අති උත්තම මහා දේව මහේෂ්වරයන් වහන්ස! අප කරණ ලද පූජා වලට ආරක්ෂා කරණ ලද උග්‍ර තපස්වලට ඔබවහන්සේගේ කරුණාව දයාව අනුකම්පාව අඩුවක් නැතිව ලැබෙන්නේ නම්; අප කෙරෙහි ප්‍රසාදය ඇති කර ගත්තා නම්; අයැද සිටින එකම වරය වන්නේ ඔබ වහන්සේගේ ප්‍රියම්බිකාව වන පාර්වතී දේවිය අපට පාවා දෙන ලෙසයි.

මදෑ කොලා, මහා දෙවියාගේ තටු සිඳුණා. ක්‍රෝධයෙන් දිළිසුණා. ඒත් ඉතින් ඔහු ම කල්පනා කළා “පරමේශ්වරයා වූ මම ම පොරොන්දු කඩ කළොත්, ලෝකෙ කිසිවෙකු මාව මායිම් කරන්නේ නෑ. කදිමට කියාවි පරමේශ්වර බොරුකාරයෙක්; වංචනිකයෙක්; පොරොන්දු කඩ කරන නිකමෙක් බව. මොකට ද එක එකා ඉදිරියේ මං පලිච්චි වෙන්නේ? බලිවත් සමයංවත් ඔන්න ඔහේ ඕනෑ කුදයක් වෙද්දෙන්” කියා හිතාගෙන තම අඹු සිඟිත්ත වන පාර්වතිය සුන්ද-උපසුන්ද කියන දෙදෙනාට පාවා දුන්නා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll