පාවා නං ගත්ත තමා, ඒත් එක්ක ම යමතේ සුන්ද-උපසුන්ද කියන සොයුරන්
දෙදෙනා අතරේ. පාර්වතියගේ රූපලාවණ්‍ය ගැන උන් දෙන්නා පිස්සු වැටිලා. එකෙකු පාර්වතියට
ළං වෙනකොට අනිකා ඇවිත් පංච නින්දා ගාතෙ බැණ වදිනවා – අතපය දික්කරනවා. අනෙකාට වුවත්
සෙතේ ඒක ම තමා.
පාර්වතිය උදෙසා දිගින් දිගට ම අනංහටං වීම පලක් නැතැයි සිතූ සුන්ද
උපසුන්ද දෙදෙනා මෙම කාරණය බේරුම් කාරයකු ලවා විසඳාගත යුතුයි තීරණය කළා. එම තීරණය
කණ වැකුණු මහ දෙවියා තමන් ම මහලු වෙසක් මවාගෙන ඔවුන් වෙත පැමිණියා. එසේ ආ ඔහුට සුන්දලා
පැමිණිල්ල ඉදිරිපත් කළා:
“බ්‍රාහ්මණ උතුමාණෙනි, මේ පාර්වතී දේවිය ලබාගත්තේ අප දෙදෙනා ම
අනන්තවත් දුක් මහන්සියෙන්. දැන් තියෙන ප්‍රශ්නය මැය ඉන්තේරුවෙන් ම අයිති විය
යුත්තේ අප දෙදෙනාගෙන් කාට ද කියන එක.”
අදාළ ප්‍රශ්නය වෙනුවෙන් පිළිතුරක් දෙන්නට පෙර බමුණා නීති ග්‍රන්ථයක
සටහනක් මෙසේ ඉදිරිපත් කළේය:
ඥාන ශක්තියෙන් ඉහළ දැනුමෙන් පරිපෝෂිත බමුණා පිදිය යුත්තෙකි. සේනා බල
ප්‍රවාහනයන් සන්නද්ධ ක්ෂත්‍රියා පිදිය යුත්තෙකි. ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වෛශ්‍යයාත් පිදිය
යුත්තෙකි. ඉහත සඳහන් අයට ආවතේවකම් කරන් ශුද්‍රයාත් පිදිය යුත්තෙකි.
ඉහත සඳහන් නීති සිද්ධාන්තය අනුව දරුවනේ ප්‍රශ්නය බැරෑරුම් වුවත්,
විසඳීමට බොහෝ පහසුයි. ඔබලා දෙදෙනා ම ක්ෂත්‍රිය වංශිකයන් වගේ ම ක්ෂත්‍රිය ධර්මවලට
අනුගත වූවන්. ඒ නිසා මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්නට ඇති එක ම මග යුද්ධය පමණයි. අන්න
ඒ නිසා දෙන්නා සටන් කර ප්‍රශ්නය විසඳා ගැනීමයි සුදුසු ම ක්‍රමය. එය ආත්ම ගෞරවයටත්
හේතුවක්.
සුන්ද උපසුන්ද දෙදෙනා
දෙපසට වුණා. ගත්තා අත්වලට කඩු. එක වර ම සම බලයෙන් පහර දුන්නා. දෙදෙනාගේ ම හිස්
බිම. සටන අවසානයි. පාර්වතිය මෙහෙසුරුට තුරුළු උණා. ඔන්න ඔය නිසයි මං “සන්ධි
මිච්ඡේත් සමේනාපි” යන නීති පාඨය ඉදිරිපත් කළේ” යැයි ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
“ඇමතිවරයෙකු වූ ඔබට ඔය කතාව මට කල් තියා පැහැදිලි කර දෙන්නට තිබුණා
නෙ” යි රජු කීය.
“හොඳයි, දේවයන් වහන්සේ මුල පටන් ම අවසානය දක්වා අසා තිබෙනවා ද මං කී
දෙයක්? අනික මගේ උපදේශයකින් නො වෙයි මේ සටන ආරම්භ කළේ. හිරණ්‍යගර්භ රජු
සාරධර්ම අනුගමනය කරන්නෙක්. ඔහු සමඟ සටන් වැදීම නො කළ යුත්තක්. ඔය වගේ අවස්ථාවල දී
පිළිපැදිය යුතු නීති දර්ශන දක්වා ඇත්තේ මෙහෙමයි:
කුලයෙන් උසස් සත්‍ය දේ ම පවසන්නා, ධාර්මික ජීවිතයක් ගත කරන්නා, කුලහීනයා, බොහෝ සහෝදරයන් සහ නෑයන් ඇත්තා, බලවතා, සටන් දිනූ තැනැත්තා යන හත් දෙනා ගැන විශේෂ අවධානය යොමු කර සම්බන්ධතා පවත්වා ගත යුතුයැයි නීති විශාරදයන් ගේ නියමය යි. සමගි සන්ධානයකට පත්වෙන්නන් ඇත්ත කිය යුතුයි. ඒ සත්‍යතාවය නිසා කෙදිනකවත් වෙනත් මගක යන්නෙ නෑ. එවන් ශ්‍රේෂ්ඨයන් තමන්ගේ ජීවිතයට වුවත් ආපදාවක් වන බව දැනුනත් පහත් සිතිවිලි ඇති කර නො ගනී.