182. හිතෝපදේශය | 04 | පාර්වතියට බැල්ම හෙළලා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ධාර්මිකයාට කොතනත් සතුරන් වැඩියි. ඒ සතුරන් එකවර පහර දෙනවා. නමුත් රටවැසියන්ට ඇල්ම දක්වන ධාර්මිකයා ජනතාව විසින් ආරක්ෂා කරනවා. විනාශයක් එන බව පෙනේ නම්, නරක යැයි සම්මත වූවන් සමඟ වුවත් එක්විය යුතුයි. නරකයන් වට කරගෙන සිටින්නන් කෙරෙහි සතුරන් බියක් දැක්වීම ඊට හේතුවයි.

අතු ඉති කටු වලින් වැසුණු උණ ගස් කපා දැමීම පහසු කාර්යයක් නො වේ. එමෙන් ම බොහෝ සොයුරන් ඇත්තා ද වැනසීම අසීරු වේ. බලවන්තයන් සමග සටන් කළ යුතු යැයි දැක්වෙන නියමයක් නැත. වළාකුළු කිසි විටෙකත් සුළඟ වෙත යාමක් නෑ.

ජමදග්නි ඍෂිවරයාගේ පුත් පරසුරාම මෙන් සටන් වලින් ජයගත් රජු තමන්ගේ අසීමිත බලයෙන් හැම දා ම, හැම විට ම, හැම තැනක දී ම ජයග්‍රහණයන් ම ලබයි. අසීමිතව කළ සටන් වලින් ජයගත් රජෙක් තවකෙකු සමඟ සන්ධානයකට එළබුණොත් එම ගුණ මහිමය නිසා සතුරන් පවා සිය වසඟයට ගනී.

අන්න එබඳු ගුණ සමුදායකින් හෙබි හිරණ්‍යක හංස රාජයා සමගි සන්ධානයකට පැමිණීමයි වඩාත් සුදුසු. මේඝවර්ණ උඹ කළ සියලු දේවල් අපට වැටහුණා. යන දික් භාගයක ගිහින් ආයෙත් දවසක එනවකෝ. අපේක්ෂා භංගත්වයට පත් කාක්කා පිටව ගියා.

ඇමති පුත්‍රය ඔබේ කථා ඉතා ම වැඩදායකයි. ඒවා කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා. දැන් මට දැනගන්නට ඕන එක්  නො විය යුතු –සන්ධානයකට නො ගතයුතු අයවලුන් කවුද කියා. අමාත්‍ය සක්වාලිහිණි එම පුද්ගලයන් කවුරුන්දැයි හඳුන්වා දෙන්නට පටන් ගත්තා:

කුඩා දරුවන්, වයස්ගත වූවන්, කල් අල්ලා ගත් රෝගීන්, කුලයෙන් නෙරපූවන්, බියගුළු අය, බියගුළු සේවකයන් ඇත්තා, මසුරා, ලෝභී පිරිවර ඇත්තා, රටවැසියන්ට ඇල්මක් නැත්තා, පස්කම් සුවයෙහි අසීමිතව ඇලෙන්නා, චපල සිත් ඇති ඇමතියන් ඇත්තා, දෙවි බමුණන්ට ගරහන්නා, අවාසනාවන්තයා, දෛවය පසු පස එළවන්නා, සාගත උවදුරු සහිත රට කරවන්නා, විපතට පත් බලසෙන් ඇත්තා, විදේශගතයා, සතුරන් ඇත්තා, කාලීනව කටයුතු නො කරන්නා, සත්‍ය හා ධර්මයෙන් වැළකුණවුන් යන විසි දෙනා සමඟ සම්බන්ධතා නො පැවැත්විය යුතුය. එබන්දන් සමග එක් නො විය යුතුය. ඔවුන් සමග සටන් කළ යුතුය. සටනට එන ඔවුන් එක්වීම සඳහා නිතර ම සොයන්නේ තවත් සතුරෙකු ම යි.

තේජස් නැති කුඩා දරුවන් සමඟ සටන් කිරීම පලක් නැත. ඒ ඇයි? යුද්ධයකින් සිදුවෙන හානිය දැන ගන්නට තරම් බුද්ධියක් ඔවුන්ට නො මැති බැවිනි. මහල්ලා සහ පාරම්පරික රෝග පීඩා ආදියෙන් පෙළෙන්නාට සුදුසු ශක්තියක් නැති බැවින් ඔවුන්ගේ ම පිරිවර විසින් හෙළා දකින නිසා ඔවුන් සමග සටනට නොයා යුතු වෙයි. සියලු ඥාතිමිත්‍රාදීන් විසින් අත්හැර දමන ලද්දෙකු පහසුවෙන් ම පරදා ලිය හැකිය. සමහර විට තමන් පසුපස සිටි නෑයන්ගෙන් ම තමන්ට විනාශය ද සිදු වේ. භීතියට පත් වෙන්නා කළ යුතු සටනක් අත්හැර දැමීමෙන් තමන් ම විනාශයට පත්වේ. එසේ ම භීතියට පත් වෙන්නන් සටන් බිමේදී බියගුළුකම නිසා සටන් අත්හැර දමනු ලැබේ.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll