183. හිතෝපදේශය | 04 | පාර්වතියට බැල්ම හෙළලා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

නිසි වෙලාවට වැටුප් නො ගෙවන ලෝකයා ගේ අනුගාමිකයන් සටනේ දී මගහැර යාමයි සිරිත. එපමණක් ද නොව අවස්ථාවක් උදා වූ විට එම ලොභියා ගේ සේවකයන් විසින් ඔහුව මරා දමනු ඇත. දේශවාසීන් ගේ ගෞරවයට පාත්‍ර නො වුණ තැනැත්තා සටනක දී සේවකයන් විසින් අත්හැර දමනු ලැබේ. පස්කම් සුවයෙහි ගැළෙන්නා පහසුවෙන් පරාජය කළ හැකි අයෙකි. සිතෙහි හා රහස් කතා බස්වල ස්ථිරසාර බවක් නැති රජුන් ඇමතියන් ගේ ද්වේෂයට ලක් වේ. ක්‍රියා ප්‍රතිපත්තිවල දියාරු ගතිය නිසා එවැනි රජුන් ඇමතියෝ ගණන් නො ගනිත්.

ලොව පවත්නා ධර්මතා ම බලවත් වූ ඒවා වේ. දෙවි බමුණු ආදීන්ට ගරහන්නෝ දෛවය විසින් වනසනු ලැබ තමන් ම පරිහාණියට පත්වනු ඇත. දෛවය එකම පිළිසරණ සේ සලකන, සැපතට සහ විපතට එක ම හේතුව දෛවයයි සිතන තැනැත්තා, තමන්ට කළ හැකි දේ පවා නො කරයි.

සාගත වැනි ස්වභාවික හේතූන්වල දී පවා ඒවාට මුහුණ නො දී පසු බසින්නාට යුද්ධයක දී බළසේනා පසු බැසීමකට මුහුණ දෙන්නට තරම් ආත්ම ශක්තියක් නැති හෙයින්, යුද්ධය කරන්නට කිසි ම හැකියාවක් නැහැ. විදෙස්ගතව සිටින්නා නසන්නට සුළු බල සෙනඟකට ද හැකිය. දුබලයෙකු වුවත් කිඹුලා වතුරේ සිටිය දී ඇතුන් පවා තමන් ළඟට ඇද ගනී. බොහෝ සතුරන් ඇත්තා උකුස්සන් රංචුවකට හසු වූ පරවියකු සේ හොර මගකින් බේරී පලා යයි. එය දකින උකුස්සන් ඒ මගින් ම ගොස් පරවියා මරා දමයි. බල සේනා තිබුණු පලියට අකාල සමයේ සටන් නො කළ යුතුය. රාත්‍රියට අන්ධ කාක්කා, රෑ පානේ සටනට ගියොත් ඔහුට බකමූණන් ගෙන් මැරුම් කන්නට සිදු වේ.

සත්‍යවත් භාවයත්, ධර්මානුකූල ජීවිතයත් නැත්තවුන් සමග කිසිදාක එක් නො විය යුතුය. යම් හෙයකින් එක් වුණොත් අයහපත් චරිත ඇත්තා වහා ම තම ස්වභාවය පෙන්වයි. දේවයන් වහන්ස මේවා ගැන කියන්නට ඇති දේවල් එමටයි. එයින් එකක් තමා සතුරන් සමග එක්වීම, අනෙක සතුරන් භේද-භින්න කිරීම, ඊළඟ සටනට එන්නන් ඉදිරියට ගමන් කිරීම, සටනට පෙර සක සූදානම් වීම සඳහා බලකොටු ඉදිකිරීම, තමන්ට වඩා ප්‍රවීණයන් ආර්ථිකයෙන් ස්වංපෝෂිත වූවන් හා ඇති කරගන්නා සහ සම්බන්ධතාවය, ඒ ක්‍රම එකකින් නො නැවැතී ක්‍රම විධි දෙකක් තුනක් වුව ක්‍රියාත්මක කිරීම, උපායශීලීව සටන් ආරම්භය; සෙබළුන් සේ ම උනට අවශ්‍ය ආහාර, වෛද්‍ය පහසුකම් බෙහෙත් වර්ග සම්පාදනය; එරෙහිව යා යුතු රට හා ඊට සුදුසු කාලය තීරණය කිරීම, විපත්වලට පිළියම්. අපේක්ෂා ඉටුකර ගැනීම යන කරුණු පිළිබඳව යුද්ධ මණ්ඩලය රැස්වී රහසිගතව සැලසුම් සකස් කළ යුතුය.

මෙහි දී තවත් සුවිශේෂි අංගයක් වන්නේ: සමගි වීම, සතුරු හමුදා නායකයන්ට අල්ලස් වැනි දේ ලබාදීම, ඔවු’නොවුන් අතර ගැටුම් නිර්මාණය කිරීම, වරදකරුවන්ට දඬුවම් ලබා දීම ගැනද අවධානය යොමු කළ යුතුය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll