184. හිතෝපදේශය | 04 | පාර්වතියට බැල්ම හෙළලා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

බලා සිටින්නාට ජයග්‍රහණයක් ලැබෙන්නේ නැත. උත්සාහය අනිවාර්ය කාරණයකි. ඇමතියන් කියා පඹයන් සිටියාට වැඩක් නැත. ඇමති බලය සම්පූර්ණයෙන් යෙදවිය යුතුය. යුද්ධ ප්‍රධානයන් එක මිටියක් වැ ක්‍රියා කළ යුතුය. මෙන්න මේ අවශ්‍යතා නිසි ලෙස සම්පූර්ණ වුවොත් පමණක් ඕනෑ ම යුද්ධයක් ජයග්‍රහණය කළ හැකි වේ යැයි මම කියන්නේ මෙන්න මේ නීති උපදේශය නිසා:

රට වෙනුවෙන් අරක වෙනුවෙන් මේක වෙනුවෙන් දිවි පුදනවා කීවට ප්‍රයෝජනයක් නැත. ශ්‍රියාකාන්තාව හෙවත් ජයග්‍රහණයේ අරුණාලෝකය ලැබෙන්නේ නීතියට එකඟව කෙරෙන ක්‍රියාදාමයන්ගෙන් පමණයි.

ඒ පිළිබඳව මෙසේත් තර්ක නීතිවල සඳහන් වී තිබෙනවා:

සාගර සීමාව දක්වා ඇති මහපොළොවට එක ම අධිකාරි බලය ලත් තැනැත්තා වශයෙන් රජකම් කළ හැක්කේ; සේවකයන් තෘප්තිමත් වන අන්දමින් පහසුකම් සලස්වන තැනැත්තාට, ඔත්තුකාරයන් හඳුනා ගන්නා තැනැත්තාට, රහස් රැක ගත හැකි අයවලුන්ට, සිත්ගන්නාසුළු ප්‍රිය වචන කථා කරන්නාට පමණයි. සෙස්සන් රජකම නමට අලවාගත්ත උන් සේ සැලකෙයි.

දේවයන් වහන්ස, ගිජුලිහිණි අගමැති තුමා විසින් ඉදිරිපත් කරන ලද සාම යෝජනාව ගැන සංවිභාගශීලීව විමසා බැලිය යුතුව තිබෙනවා. ඒකට හේතු ලෙස මං දකින්නේ මෙහෙමයි: චිත්‍රවර්ණ රජු දැන් ඉන්නේ විජයග්‍රාහි මනසකින්. එඩියෙන් බලයෙන් පිම්බිලා. අන්න ඒ නිසා ඔහු මේ යෝජනාවට කැමැති වෙන එකක් නෑ. මේ සිද්ධිය ගැන මම යෝජනා කරන්නේ, අපට බොහෝ හිතමිතුරු මහා රාජයකු ඉන්නවා නොවැ සිංහල ද්වීපයේමහා බල නමින් හැඳින්වෙන විල්ලිහිණි උතුමාණන්. අප දැන් කරන්නට ඕනෑ දඹදිව පුරා ම ලොකු කැළඹීමක් ගැටීමක් උද්ඝෝෂණයක් ඇති කිරීමයි. ඒකට හේතුව මෙන්න මේකයි දේවයන් වහන්ස:

වීරයෙකු පළමුවෙන් ම කළ යුත්තේ තමන් ඇතුළු හමුදා සේනාංකවල රක්ෂණයට මුල්තැන දීමයි. ඉන් අනතුරුව විදේශ සේනා අනුඛණ්ඩ සමඟ සතුරාට පෙනෙන සේ හැසිරීමයි. ආන්න එවිට තමන්ට එරෙහිව එන සතුරාට දෙලොව රත් වෙනවා. එවිට සතුරා ම යෝජනා කරනවා සමගි සන්ධානයක් ගැන. අපේ සේනා බලය පිරිහුණා. එය වඩා වර්ධනය කරන්නට විදේශ හමුදා සේනාංකවල ආධාරය ලබා ගැනීමයි අප විසින් කළ යුත්තේ.

හිරණ්‍යක රජු සිය අග්‍රාමාත්‍යවරයාගේ උපදේශය ගැන දිග දුර කල්පනා කළා. එයින් ලැබෙන ප්‍රයෝජන සලකා බැලුවා. කළ යුත්තේ එය ම බව තීරණය කර ගත්තා.

විචිත්‍ර නම් කොකා යුධ තානාපතිවරයකු ලෙස පත් කර මෙසේ අණ කළා:

විචිත්‍ර, ඔබට පැවරී තිබෙන්නේ භාරදූර කටයුත්තක්. සිංහල දීපයට ගොස් එහි මහා රාජ, මහා බල නාමධාරි විල් ලිහිණි උතුමාණන් හමුවේ මගේ ඉල්ලීම කියාපෑ යුතුයි. එය තමා හිරණ්‍යක රාජ්‍ය චිත්‍රවර්ණ විසින් කොල්ලකාගෙන ඇත. අපේ යුද ශක්තිය හීනයි. එබැවින් යුද්ධය සඳහා සිංහල දීපයේ යෝධ භටයන් එවන ලෙස ආරාධනා කරනවා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll