රජ අණ පිළිගාත් විචිත්‍ර කොකා, සිය තානාපති දූත සේවා උදෙසා
පිටත්ව ගියේය.
ඔත්තුකරු පැමිණ මෙසේ කීවේය:
අපේ සතුරන්ගේ බල ප්‍රදේශයේ පැවති තොරතුරු මං මනා ලෙස විස්තරාත්මකව
සොයා බැලුවා. ඇමති ගිජු ලිහිණියා මෙන්න මෙ වැන්නක් කීවා: මේඝවර්ණ බොහෝ කලක්
චිත්‍රවර්ණ රාජ්‍යයේ ඉඳලා තියෙනවා. හිරණ්‍ය ගර්භ සමගි සන්ධානයට
සුදුස්සෙක් ද නැද්ද? කියා සෙවීමයි රජුගේ අභිප්‍රාය. ඒ නිසා මේඝවර්ණ කැඳවා අසා
තිබෙනවා මෙන්න මෙහෙම:
“කපුටු මේඝවර්ණ, ඔය හිරණ්‍යක ගර්භ රජා මොන ආකාරයේ කෙනෙකු ද? ඔය
සක්වාලිහිණි ඇමති මොන වගේ අයෙකු දැ?” යි ඇසූ පසු,
මේඝවර්ණයා මෙසේ මෙහෙම කියා තිබෙනවා:
දේවයන් වහන්ස, හිරණ්‍ය ගර්භ රජතුමා යුධිෂ්ඨිර සමාන වෙන
උතුමේක්. කටේ තොලේ තියෙන්නෙ ම ඇත්ත පමණයි. චක්‍රවාක ඇමතිතුමා වැනි අයෙකු
මිහිපිට වෙන නෑ.
“හ්ම්, ඒකත් එහෙම ද? එසේ නම් හිරණ්‍ය ගර්භ වැනි රජෙකු චක්‍රවාක වැනි
ඇමතිවරයෙකුට කොහොම ද නුඹ වංචා කළේ? ගොනාට අන්දවා ගත්තේ?”
රජුගේ එම ප්‍රශ්නයට මේඝවර්ණ පිළිතුරු බැන්දේ නිකං ම නො ව,
සිනාසෙමින් මෙන්න මේ අයුරින් නීති තර්කයක් ඉදිරිපත් කරමින්:
“විශ්වාසයට පත්වුණ තැනැත්තාට ඕනෑ ම අයෙකු රවට්ටන්නට ඉතා ම පහසුයි.
හරියට තමාගේ ඇකයේ නිදා සිටින තැනැත්තා මරා දැමීම අපහසු කාර්යයක් නො වන්නා වගේ.”
දේවයන් වහන්ස මෙන්න මේකයි සිද්ධිය. ඔය චක්‍රවාක ඇමතිවරයා නමෝ
විත්තියෙන් මාව දුටු දවසේ ම මං රහස් ඔත්තු කාරයකු බව දැන ගත්තා. නමුත් උතුම්
හදවතක් ඇති හිරණ්‍යක රජු රවටා ගන්ට මට හැකි වුණා. එසේ කරන්නට හැකි වුණේ මෙන්න මේ
නිසා:
කවුරුන් හෝ වැදගතෙක් තමන් හමුවට එන්නා දුර්ජනයෙකු ද නැද්ද කියන එක
විසාරච්චියකින් තොරව පිළිගත්තොත්, ආශ්‍රය කළොත්, තාන්න මාන්න දුන්නොත්, උන්දාට
සිදු වන්නේ කපටින් විසින් එළුවෙකු ඇමට ගෙන බමුණකුට කළ වංචා වගේ දෙයක්.
මොකක් කීවා? එළුවෙකු හන්දා බමුණෙකු වංචාවට හසු වුණා? මොකක් ද බං ඒ කොස් ඇටේ?” යි රජු විමසූ කල, මේඝවර්ණ කතාව ආරම්භ කළා.