එළුවා බල්ලා නො හඳුනන බමුණා.
මේ දඹදිව ම තිබුණා ඝන වනාන්තරයක් එය කවුරුන් විසිනුත් හැඳින්
වූයේ ගෞතම අරණ යන නමින්. ඔන්න ඔය කියන ගෞතමයේ හිටියා බ්‍රාහ්මණයෙක්. ඔහු
කළේ යාගහෝම පුදපූජා පැවැත්වීම තමන් දන්නා කියන දෙවියන් සඳහා. ඉතින් මේ බමුණා
තමන්ගේ යාගයක් සාර්ථක ලෙස ඉටු කර ගන්නට අසළ ගමකින් ගත්තා එළුවෙක්. ඒ පිනට එහෙම නො
වෙයි මුදලට. එළුවා කියන්නේ අල්ප ස්වල්ප වස්තුවක් යැ පූජා භාණ්ඩයක් නෙ. එළුවා
පාගමනින් ම ගෙනාවොත් දෙවියන් කෝප වෙන්නට ඇහැක් කියා අර පූජා වස්තුව තබා ගත්තා කරේ
ගෞතමයේ සිටි බ්‍රාහ්මණයා.
තව අඩුමකුඩුම බර බද්දර තියෙන්නට නැතෑ–ඒවත් අරහෙන් මෙහෙන් එල්ලාගෙන
එනවා දැන් බමුණා හති දමමින් පාරේ. ඔය සතුන් දඩයම් කරගෙන කමින්, මං පහරමින්, වෙනත්
අකටයුතුකම්වල යෙදෙමින්, කල්ගත කළ කපටියන් තිනෙකුට දැකගන්නට ලැබුණා, දේවත්වය
අපේක්ෂාවෙන් නො කඩ කොට පුද පූජා පවත්වන බමුණා. උන් තිදෙනාගෙන් එකෙකු මෙසේ කීවා:
“ඒයි ලා, බලහල්ලාකෝ රසවත් කෑමක් කර තියාගෙන එන අපූරු බමුණෙක්. මිනිහට
නාස් ලණුව දාගත්තොත් දෙතුන් දොහකට කන්ඩ හොයාන්ට දෙයක් නෑ.”
“උඹ අහවල් එකක් කියනව ද කියා කවුද්දනු! මොකෝ බමුණා ළඟ හාල්
දුරූමිරිස් තියන එකක් යෑ.” යි තවකෙකු කියා සිටියා.
“යකෝ මොළේ නැතිකම පෙන්නන්ඩ එපා බූරු ප්‍රශ්න අහලා. හාල් පොල් ගිහින්
දී ගන් තොගේ අවඩිට. යකෝ ආහාරය තමයි අර කරේ තියාගෙන ඉන්න පූජා භාණ්ඩය!”
“හරි හරි මට වැටහුණා. දැන් අපි කොහොමැයි ඔයා එළුවා ගන්නේ? බමුණාව බය
කරල ද ගහලා ද?”
“චී චී, ඒ පව් වැඩ බෑ. එකක් දෙවියන් සතු දෙයක්. අනික පූජකවරයෙක් ගෙන
යන පූජා භාණ්ඩයක්.” දෙවැන්නා කීවා.
රැල් බුරුල් හැර කටහඬ අවදි කළ පළමුවැන්නා මෙසේ කීවා:
“දෙවියන් වුවත් කැමති බුද්ධිමතුන්ට. තමන් වෙනුවෙන් යාග පවත්වන බමුණා මෝඩයෙකු නම්; දෙවියන් එබන්දන්ට කැමති නෑ. අපි හොරුන් වුවත් බුද්ධිමත් ලෙස මේ එළුවා ගත්තොත් ඒක දෙවියන් වුණත් කැමති වන දෙයක්. අන්න ඒක නිසා නුඹ යන්ට ඕනෑ හූ දෙකක් ඈත ඇති ගහක් ළඟට. නුඹ යන්ට ඕනෑ එතැන් සිටි හූ දෙකක් දුර ගහක් යටට. ඔහෙ නිදාගෙන වගේ ඉන්නවා. මං අර පැත්තෙන් ගිහින් හදිස්සියේ මුණ ගැහුණා වගේ මෙන්න මෙහෙම කියනවා බමුණාට. කිසිම බලපෑමක් කරන්න නාකයි. බොහොම ළෙංගතු කමින් තමයි කියන්නට ඕනෑ. ඔන්න හොඳට අහ ගනිල්ලා මං කියන විදිය: