“මගේ අප්පේ මොන නව නිංගිරාවක් ද බ්‍රාහ්මණ උත්තමයන් අහළ පහළකටවත් නො
ගන්නා මේ බලු තඩියෙක් කරේ උහන් යන්නේ?”
අන්න එවිට බමුණා මෙන්න මේ වගේ දෙයක් කියාවි:
“ඈ මනුස්සයෝ උඹට ඔල්මාදෙ ද? මේ බල්ලෙකු නෙමෙයි, යාගයක් සදහා ගෙන යන
එළුවෙක් නො වැ. බලහංකෝ හොඳට ඇස් ඇරලා.”
“ඉතින් උඹලා නිකමටවත් එළු කතාවක් ගන්නවා එහෙම නො වෙයි. අරෙහෙන්
මෙහෙන් ආලවට්ටම් දමා කියන්නට ඕනෑ බල්ලෙක් ම බව.”
යැයි පළමු හොරා ස්ථානෝචිත ප්‍රඥාව මෙහෙයවා උපදෙස් දී සොරුන් දෙදෙනෙකු
වනය තුළින් පිටත් කර හැරියා තවත් උපදෙස් දෙමින්. ඔන්න බමුණා එනවා. උපදේශක පළමු
වැන්නා ගරුසරු ලෙස බමුණාට ආචාර කර කම්පාවට පත් වෙමින් මෙසේ කියා සිටියේය.
“අප්පේ තමුන්නාන්සේගේ තියෙන සත්ව කරුණාවක මහත. බල්ලා වුණත් පාරේ
ඇදගෙන නො යා කර මත තියාගෙන යනවනේ. උත්තමයකු ගේ කර පිටින් යන්න තරම් උඹත් කරලා
තියෙන පිනක මහතක්. අනේ සාධු සාධු තමුන්නාන්සේට දේවත්වය ම ලැබෙන්නට ඕනෑ.”
බමුණාත් අත් ඇරියේ නෑ. හොරට අනං මනං කිව්වා. “බල්ලා එළුවා අදුරන්නැති
මෝඩයෙක්. පිස්සු ද කොහෙ ද? සමහරවිට ඇස් පෙන්නේ නැතුව ඇති.” ඔන්න ඔය වගේ දේවල්
කියමින් බමුණා ඉදිරියට බලා ගෙන ගියා.
හූවක් තරම් දුර යනකොට අනිකා තොත්ත බබෙකු සේ පෙරට ආවා. ඔහු පටන් ගත්තා
මෙහෙම:
“ෂා... අපූරු බල්ලෙක්. රට එකෙකු වගෙයි. ඒකනෙ ඇඟත් රට එකාලගෙ වගේ
හැදිලා තියෙන්නේ. ඔය බල්ලට පයින් යන එක අගුණ ඇති. හැබැයි ඉතින් වරදකට තියෙන්නේ අපි
වඳින පුදන බ්‍රාහ්මණ උන්වහන්සේ කෙනෙකුගේ කරේ යන එකයි.”
කියමින් ඔහු මාරු වුණේ බමුණාට යමක් හිතන්නට ඉඩ තබමින්.
බමුණා කරේ ගසාගෙන සිටි එළුවා බිම තැබුවා. මොහොතක් එළුවා දෙස බලා
සිටියා. පරික්ෂා කළා. “ඒකලා පොට්ටයන් වෙනැති. මං මිලට ගත්තේ එළුවෙක් නො වැ. ඒකත්
ඉතින් යාගෙට නො වැ.” එසේ තොල් මතුළත්, සිතේ චංචල බවක් පැළපදියම් වෙද්දී නැවතත්
එළුවා ගත්තා කරට. ඇයි බමුණා එසේ කළේ මෙන්න මේ නිසා:
වංචාකර කපටි බොරුකාරයන් ගේ යම් යම් කතාවලින් සත්පුරුෂයන්ගේ වුවත්
සිත් කැළඹෙනවා. හැබැයි යමෙකු ඒ කීම් පිළිගත්තොත් විශ්වාස කළහොත්, ඔහුට සිදුවන්නේ චිත්‍රකර්ණට
වගේ මැරෙන්නට.
ඔන්න ඒ වංගියේ තවත් කතාවක්. හරි කියමු බලන්ට ඒ කතාවෙන් කියවෙන උපදේශයෙන්වත් පැන නැගී ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලැබේදැයි බලන්ටැ” යි රජු කී නිසා, මේඝවර්ණ එම කතාවත් වෙළුමට පටන් ගත්තා.