188. හිතෝපදේශය | 04 | චිත්‍රකර්ණ බ්‍රහ්මත්ත්වයට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

චිත්‍රකර්ණ බ්‍රහ්මත්ත්වයට.

මදෝත්කට නමින් හැඳින්වුණු සිංහයෙක් වාසය කළා මහා කැලෑවක. ඔහුගේ පණිවුඩ පනත් යවන්නට, ගෙදර දොරේ ආවතේවයට මෙහෙකරුවන් තිදෙනකුත් හිටියා. එකෙක් කපුටෙක්. අනිකා කොටියෙක්. තුන්වැන්නා සිවලෙක්. මේ අය දිනක කැලේ සංචාරයක යෙදී සිටිය දී දුටුවා ඔටුවෙක්. බර ඇදල ඇදල ම බරට ඔරොත්තු නො දෙන තත්වයකයි ඔහු හිටියේ. ඉතින් අර ඇත්තන් ඔටුවාගෙන් නො යෙක් ප්‍රශ්න ඇසුවා:

“කොහේ ඉඳන් ද මේ කඩාපාත් වුණේ?”

“රස්සාවක් කාරිය කළා ද? කා ළඟ ද?”

“ඇයි ඉතිං එතැනින් ඉවත් වුණේ?”

“අඹුවක් කාරිය ඉන්නව ද? ළමයින් එහෙම!”

ඔන්න ඔය වගේ කට කම සේය්යාවක් නැතිව ඇසුවා ප්‍රශ්න. එකෙකු ඇසුවා අඹු සිඟිත්ත හැඩකාරියක් ද කියලත්.

තමන් වෙළඳ භාණ්ඩ ප්‍රවාහකයෙක්. ලොකු සිටුවරයෙකු ළඟ තමා රස්සාව කළේ. ගෙදර ඇත්තී හැඩකාරියක් නං තමයි. ඒක හන්දා නො වෑ එකී තරුණ එකෙකු සමග පැනලා ගියේ. අනේ මගේ අවුච්චිලා හැකි කේරේමයක් තියේ නම්, ඔය සුළු සුළු වැඩක්-පළක් කරගෙන නිවිහැනහිල්ලේ ඉන්ට තැනක් හොයා දෙන්න හොඳයි කියා ඔටුවා කං කෙඳිරි ගෑවා.

“හරි හරි එනවා යන්ට අපිත් එක්ක නායකතුමා මුලිච්චි වෙන්න. උන්නැහේ කියන දෙයක් ම බලා ගන්ට බැරුවැයි.” කියා යහළුවන් තිදෙනා ඔටුවත් සමග අවුත් සිංහයා ඉදිරියේ පෙනී සිටියා. සිංහයා ඉදිරියේ පුවත් නො සඟවා පැවසූ සිවලා, වයසේ අග්ගිස්සේ සිටින ඔටුවාට අභයදානය දීම සුදුසු බව යෝජනා කළා. සෙසු සේවකයන් දෙදෙනා ද ඊට විරෝධතාවය නො දක්වන ලද බැවින් ඔටුවා යන පෙළපත් නාමය පසෙකින් ලා චිත්‍රකර්ණ යන නමින් හැඳින්විය යුතු යැයි සිංහයා සෙස්සන්ට නියෝග කළා.

කාලය ඉක්ම ගියා වේගයෙන්. සිංහයාගේ බාහු බලයෙන් මරාගන්නා සතුන්ගේ කොටස් වලින් තමා කොටියා, සිවලා සහ කපුටා ජාම් බේරා ගත්තේ. ඔටුවා ඉතින් මස් කන එකක් යෑ. ඌ කෑවෙ ම කොළ වර්ග. සිංහයා වයසට ගියා. කය ඉතා දුර්වලයි. පිම්මක් පැන සතෙකු එලා ගන්නට බැහැ. කොටියාගේ නියපොතු යි දතුයි නෑ, හේතුව කිසියම් රෝගයක් වෙන්නැති. ඒකයි ඌත් සිංහයා ළඟට කූට්ටාලි වෙලා අහක දමන දේවල් හරි කාලා හරි ජීවිතය රැක ගත්තේ. අනෝරා වැහි කාලයක්. නිකමටවත් සතෙකු සිව්පාවෙකු කල එළි බහින්නේ නැහැ – වැව් තාවලු වගේ තැන් තැන්වල පෙම් කෙළින්නේත් නැහැ. සිංහයාගේ රෝග පීඩාදිය සහ වයස අස්සේ ඇටයි හමයි විතරයි දැන් ඉතිරිවෙලා තියෙන්නෙ. වැඩක් පලක් නො කර කැලෑ කොළ කමින් සිටි ඔටුවා ආරලා. මස් වැදලි ලෙළ දෙනවා. මේවා එක එක දැක දැක ආහාර නැතිව මරණාසන්නව සිටින හාම් පුතාගේ තත්ත්වයත්, තමන්ගේ ආහාර අහේනියත් ගැන කොටියා සිවලා සහ කාක්කා මෙන්න මෙහෙම සාකච්ඡාවක් කළා:

“මේ ඔටුවා–චිත්‍රකර්ණ තමයි අපේ ලොක්කාගේත් අපේත් දිවි ගලවා ගන්නට තියෙන එක ම මග. කොහොම හරි ලොක්කගෙ මාර්ගයෙන් ඒක කර ගත්තොතින් ගොඩ ම තමා. අනික වැඩකට නැති මුගෙන් ඇති ඵලයක් තියේ යෑ.”

ඔන්න ඔය අයුරෙන් යහළුවන් තිදෙනා වෙන් වෙන් ව සිතමින් සිටිය දී කොටි හපුවා කතාවට බැස්සා:

“මේකයි කාරණේ, අපේ ලොක්කා මේ ඔටුවට නමකුත් පටබැන්දා චිත්‍රකර්ණ කියලා. ඒ මදිවට අභය දානයත් දුන්නා. අනුකම්පාවට ලක් වුණ එකෙක්. ඉතින් එහෙව් එකා ලොක්කා මරයි ද? අපට කියයි ද මරන්නට?”

කොටියාගේ කතාව අසා සිටි කාක්කා පුරුදු සව්දම් හඬ නගා සාකච්ඡාවට සිය අදහස් ඉදිරිපත් කළේ මෙහෙමයි:

“චා චා එහෙම කියන්න එපා. අපේ නායකයා ඉන්නේ ක්ෂුධා ගින්දරෙන් පෙළි පෙළී. උන්නාන්සේ වුවත් ඔටුවා මරණ එක අනුමත කරන්නට හැකියි. ඒ මෙන්න මේ පුරාණෝක්තිවල එන පූර්වාදර්ශ නිසා:

යම් ස්ත්‍රියක් බඩ ගින්නේ සිට ඉවසන්නට නො හැකි විට කරන්නේ තමන්ගේ පුතා වුවත් අත්හැර දැමීමයි. බිජු ලූ සැපින්න කුසගින්න දරා ගන්නට අපොහොසත් වූ කල තමන් ලූ බිජු ම කා දමයි. කවුරුන් කුමක් කීවත් පව් කිරීමට මූලික හේතුව බඩ ගින්න. කායික සහ මානසික වශයෙන් දුර්වල වූ අය දයා කරුණා ගුණයන් ගැන තැකීමක් කරන්නේ නෑ.

එපමණක් නො වේ, මෙහෙමත් නීති සංහිතාවන්හි අගේට දක්වා තිබෙනවා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll