192. හිතෝපදේශය | 04 | නයා සහ මැඩියන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

නයා සහ මැඩියන්.

කාලයකට පෙර තිබුණා උද්‍යානයක් සංචාරකයන්ගෙන් පිරුණ. විවිධ විවිධ ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු ළමා ළපටි තරුණ තරුණි මහළු මැහැළි යන අය විවේකයට ආවේ මේ උයනට. කොහොම නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම ස්ථානය පාළුවට ගියා. යන එන්නන් නො වුණ නිසා මෙතැනට ඉබේ ම නමක් වැටුණා ජීර්ණ උද්‍යානය කියා.

ඔන්න ඔය ජීර්ණ උද්‍යානයේ සිටියා සර්පයෙක්. හැබෑවට ම මහළුයි. කනබොන දෙයක් සොයා ගන්නට බැරි තරමට ඇඟපතත් දුර්වලයි. උයනේ තිබුණ විලට දිය පානයට ගොස් ආපසු හැරී යා නො හැකිව විල්තෙරේ ම වැතිරී සිටියා–ඔය කියන සර්පයා.

විලේ සිටි ගෙම්බෙක් ඈත තියා ම දුටුවා අසරණව වැටී සිටින සර්පයා. දුකයි, හරිම දුකයි ගෙම්බට. ළඟට ඇවිත් සර්පයාගෙන් ඇසුවා මෙහෙම:

“අනිච්චේ දුක්ඛේ සංසාරේ, පුළුවන් කාලේ කොහොම ඉන්න ඇත් ද? දැන් ඉතිං නටපු නැටිලි බෑ - එක්තැන් වෙලා. හැබෑට ම කෑමක්-බීමක්වත් හොයාගන්න බැරි ද?”

“අනේ පින් කරන ගෙම්බි උත්තමයෝ කරුණාකරලා යන්න. තමුන්නාන්සේලා වගේ උතුමන්ගේ ශ්‍රී නේත්‍රවලට මුලිච්චි වෙන්නෙ මෙහෙම ඉන්න එකත් අපි ම කරගන්නා පාපයක්. ඒ නිසා මගේ නැතිබැරිකම් හරි වතගොත වංහුං අහල ඇති පලේ මොකක් ද මගේ දෙයියෝ – යන අතකට ම වඩින්ට හොඳයි.” කියා මහළු සර්පයා පිංසේණ්ඩු වුණා.

සර්ප මහල්ලාගේ සාර ස්වභාවයෙනුත්, ඔහුගේ භය පක්ෂපාතී භාවයෙනුත් යමක් වටහා ගත් ගෙම්බා, මොහු ළඟ කිසියම් අද්භූත ජනක සමාජ සිද්ධියක් ඇතැයි සැක කළේය. එබැවින් ඔහු සර්පයාට මෙසේ කීය:

“මට ඉතින් යන එක මොන වෙලාවෙ කරගන්න බැරි ද? එහෙම නෙවෙයි මොකක්ද හැබෑට ම තමුන්ට වෙලා තියෙන ආරෝව?”

ඔන්න එහෙනම් අහගන්න හොඳයි කතාව! කී සර්පයා මෙසේ කියන්නට පටන් ගත්තා:

බ්‍රහ්මපුරේ සිටියා බමුණු තුමෙක් කෞණ්ඩිණ්‍ය කියලා. එයාගේ එක ම පුතාට වයස අවුරුදු විස්සයි. හොඳ ගුණ යහපත් දරුවා. ඇත්ත ම කියනවා නම් මං උපතින්ම දුෂ්ටයෙක්. ගතිගුණ නපුරුයි. මට අර දරුවාට පෙනෙන්න බැරුව ගියා. හරිය ම සුදුසු වෙලාවක් බලා දෂ්ට කළා. ඒ දරුවාගේ නම සුසීල. සර්ප විෂ නිසා දරුවා මළා. මළ දරුවාගේ ශෝකය ඉහවහා ගිය කෞණ්ඩිත්‍ය බමුණා බිම පෙරළි පෙරළි කෑමොර දෙන්න පටන් ගත්තා. මේ අකල් මරණයෙන් සංවේගයට පත් බ්‍රහ්මපුර වාසීන් හැමදෙනා ම මළ ගෙදරට ආවා. ශෝකය පළ කළා. හැබෑවට ම දුක් වුණා. විපතක දී නැතිබැරිකම්වල දීත් සොහොන් බිමේ දීත් දුක බෙදා ගන්නට එන අය තමා නියම නෑයන්. අන්න ඒ ස්වභාවය තමා බ්‍රහ්මපුර වැසියන් සුශීල ගේ මරණයේ දීත් දැක්වූයේ.

මෙම මළ ගෙදරට පැමිණියා බමුණෙක්. එයා අලුතෙන් වේද විද්‍යා හදාරා පරිණත බවට පත්වූවෙක්. නම කපිල. එයා කෞණ්ඩිණ්‍යට මෙහෙම කිව්වා:

“යකෝ කෞණ්ඩිණ්‍ය, බොල තෝ ඔය තරමට ම මෝඩයෙක් ද? ඇයි ඔය විදිහට වැළපෙන්නේ? අඬන්නේ දොඩන්නේ? මෙන්න මේක අහපන් බං:

මව් කුසක සිටි දරුවා බිහි වෙනවා. පළමුවෙන් ම ඒ දරුවා අතට ගන්නෙ වින්නඹුව. ඊළඟට ඒ දරුවා යන්නේ මවගේ ඇකයට. මේ ලෝකය කියන්නේ අනිත්‍ය දෙයක් නේ. වින්නඹුව ගේ අතේ ස්ථිර ව නො සිටි මවගේ ඇකයට ගියා වගේ, ඊළඟට දරුවා යන්නේ මරණයට. ඔන්න ඔය ධර්මතාවය වටහා ගත්තා නම් මොකට ද බිම පෙරළි පෙරළී මොර ගහන්නේ?

මෙන්න මේකත් අහ ගන්නවා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll