ගංගාවක ජලය නො නැවතී ගලා බස්නා සේ රැයක් දවාලක් නැතිව මිනිසුන්ගේ
ආයුෂ ගලා හැලෙන්නට පටන් ගැනීමයි ස්වභාවය. එය කිසිවෙකුට හෝ නවතා ලිය නො හෙන ස්වභාව
සංසිද්ධියක්. කම්සුව රිසිසේ විඳීමට පුල-පුලා බලා සිටින්නෙකු, වැඩි වැඩියෙන් සැප
සම්පත් ලබා ගැනීම උදෙසා යහපතැයි තෝරාගත් පිරිසක් ආශ්‍රය කළොත්, එය වෙන් වීමට අදාළ
කාරණයක් වන බැවින් ඔහු දුක් නමැති වියගහට බැඳුණ හරකෙකුට සමානයි. සුදනන්ගෙන්
වෙන්වීමට සිදුවීම සිත කඩුවකින් කපා දැමීමක් වැන්න. එයට කළ යුතු ප්‍රතිකාරයක් නැහැ.
එබැවින් යහපත් අය පමණක් ඉක්මවා සත්පුරුෂයන් හා එක්වීමට මැලිකම් දක්වනවා.
සාගර රජු විසින්
පවත්වාගෙන ගියේ යහපත් පාලනයක්. රට වැසියන් කෙරෙහි දක්වනු ලැබුවේ ඉමහත් දයාවක්;
කරුණාවක්. නමුත් ඔහු කළ යහපත් දේවල් මෙන් ම ඔහු ද විනාශයට පත් වුණා. පුද්ගලයකුට
විඳින්නට සිදුවන දැඩි ම දඬුවම් වන්නේ මරණයට මුහුණ පෑම. ඒ මරණය ගැන නිතර නිතර
සිහිපත් කරත් ම මිනිසාගේ සියලු උත්සාහයන් වැස්සට තෙමුණු හම් බැමි සේ බුරුල් වී
යාමයි ස්වභාවය. මේ ලෝකය තුළ ද වසන සෑම ප්‍රාණියෙකු ම යම් දිනක මවකගේ ගැබෙහි
පිළිසිඳගත්තේ ද, එතැන් සිට වයස නැමැති ගමනෙහි යෙදෙන ඔහු දිනපතා ම ළං වෙන්නේ
මරණයටයි.
කෞණ්ඩිණ්‍ය මෙන්න මේ
කරුණු ගැන සිතා සසරේ ස්වභාවය මෙනෙහි කරන්න. ඔබ ඔය විඳින ශෝක වේදනා වූ කලී මෝඩ කමේ
ස්වභාවයක් බව වටහා ගන්න. මෙන්න මේ බලන්න මේ කාරණය ගැනත්:
මෝඩකම තමා ශෝකයට හේතුව. ඒ හේතුවෙන් සිදු වන්නේ වියෝගයට පත්වීමයි. කල්
යන්නට යන්නට ශෝකයත් වැඩෙනවා. නමුත් කවදා හරි එය නැති වේවි. ඔන්න ඔය හේතු නිසා
පළමුවෙන් ම සිතිය යුත්තේ තමන්ගේ ජීවිතය ගැනයි. ශෝකයට හේතු සෙවීම අත්හරින්න. ඇයි මං
එසේ කියන්නේ මෙන්න මේ නිසා: හදිසියේ – අකාලයේ තමන් වෙත එනවා සිරුර විනිවිද යවන
පීඩාව ගෙන දෙන අවි වැනි ශෝක හේතු. ආන්න ඒ ශෝක හේතුවලට දෙන්නට ඇති එක ම බෙහෙත නම් ඒ
ගැන නො සිතා සිටීමයි.
අලුතෙන් වේද වේදාංගයන් හැදෑරූ කපිල බ්‍රාහමණයාගේ දීර්ඝ
අවවාදානුශාසනා වලට සවන් යොමු කරගෙන සිටි කෞණ්ඩිණ්‍ය නිදා සිට පිබිදියාක්
මෙන් නැගිට මෙසේ කීවේය:
“මට දැන් මේ ගෙදර තිත්තයි, අප්‍රසන්නයි. තව දුරටත් මෙහි විසීම හරිම
කටුකයි. මේ ගෙදර නො වෙයි අපායක්. ඒ අපායෙහි තවදුරටත් රැඳී සිටීමෙන් පලක් නෑ. මං
වනගත වෙනවා.”
ඔහුගේ කීම් බස් ඇසූ කපිල නැවතත් මෙසේ කීවේය:
වනයෙහි සිටියාට කියා වෙනසක් නෑ ඔහුගේ සිතට රාග-ද්වේෂ-මෝහාදී සිතුවිලි
මෝදු වෙනවා නම්. එය තමන් විසින් ම කර ගන්නා තවත් දෝෂයක්. තමන්ගේ ගෙදර සිටිය දී ම
වුවත් පසිඳුරන් මැඩ ගන්නට හැකි නම් එයත් තවුස් දම් පිරීමක්. යමෙකු ගර්හා කටයුතු ක්‍රියාවල
නො යෙදී නම් ජීවත් වෙන්නේ නම්; රාගය වළකා ගන්නේ නම් අන්න එබන්දාට තමන්ගෙ ගෙදරත්
තවුස් බිමක් හා සමානයි.
ඒකට අදාළ හේතු කාරණා මෙන්න මේවා: