195. හිතෝපදේශය | 04 | නයා සහ මැඬියන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

කිසියම් අසපුවක වාසය කරන තැනැත්තෙක් දුක් කරදරවලින් මිරිකෙමින් වුව සියලු සතුන් කෙරෙහි කරුණාවෙන් බලා නම්, ඔහු ධර්මානුකූලව ජීවත් වෙන්නෙක්. ලිංගය (ලිංගභාවය) ධර්මයට හේතුවක් නො වේ. යමෙකු ආහාර ගන්නෙ ජීවිතය රැකගැනීම සඳහා නම්, ස්ත්‍රියක් සමඟ මෙවුන්දමෙහි යෙදෙන්නේ පරපුර රැකගන්න නම්, කතා කරන්නේ ඇත්ත කියන්නට නම්, අන්න එබන්දන් යා නො හැකි තැන්වලට පහසුවෙන් ගමන් කරන ශ්‍රේෂ්ඨයන් බවට පත්වෙනවා. තමන්ගේ ආත්මය හෙවත් ජීවිතය නදියක් හා සමානයි. ඇයි ඒ? ඉන්ද්‍රියන් දමනය කරගත් අයෙක් නම් ඔහු පුණ්‍යතීර්ථයක්. කියන්නේ ඇත්තක් ම නම්, ඒ එහි ඇති ජලය යි. සිල් රකින්නේ නම් ඒ තොටේ ඉවුරයි. කරුණාව ප්‍රදර්ශනය වේ නම් ඒ තොටේ රළ පහරයි. ආත්මය ම නදියක් හා සමානයි. එබැවින් කෞණ්ඩිණ්‍ය ඔබ එහි අභිෂේක කරන්න. ඇතුළත ආත්මය දියෙන් සෝදා හළ නො හේ.

එපමණක් නො වේ, විශේෂයෙන් ම කිව යුත්තක් තිබෙනවා:

මේ සංසාරයෙහි ඇවිදින අයට උපත - මරණය - වයසට යාම - රෝග පීඩා ආදිය උරුම වෙලයි තියෙන්නේ. මේ සසර වූ කලී අසාර වූවක්. එවන් සතර අත්හැර දැමීමයි එක ම සැපත. ඒ ඇයි කියනවා නම් මෙන්න ඊට හේතුව:

මේ සසරෙහි තියෙන්නේ ම දුක් කන්දරා. සැපයක් කියන එකක් අසළකවත් නැත. දකින්නට ලැබෙන්නේ දුක ම යි. ඔන්න ඔය දුකින් ම ජීවත්වන්නන්ට සිතට සහනයක් ලබාදීම උදෙසා ගන්නා ක්‍රියාමාර්ග වලට යොදන නම තමා සැපත කියන්නේ.

එම උපදෙස් අසා සිටි කෞණ්ඩිණ්‍ය මෙසේ පැවසීය:

“ඒක නම් ඉතිං එහෙම තමා” කී ඔහු මට සාප කළා. “අද පටන් තෝ මැඩියන්ට වාහනයක් විය යුතුයි” කියා.

ඔන්න කපිල කියනවා මෙහෙම:

කොහොම නමුත් ඔබ මේ වෙලාවේ හැටියට උපදෙස් පිළිගන්නට තරම් සුදුසු තත්වයක නෑ. ඔබේ හදවත පිරිලා තියෙන්නේ ශෝකයෙන්. එහෙම වුණත් කළ යුත්තක් තියෙනවා ඒක අසා දැනගන්න. ඒ මේක මෙන්න මේකයි: සම්බන්ධතා කියන ඒවා සහමුලින් ම අත්හැර දැමිය යුතුයි. එය තමන්ට තනිව ම නො කළ හැකි නම් සත්පුරුෂයන් හා එක්ව සාකච්ඡා මාර්ගයෙන් ම යි කළ යුත්තේ. මේ වගේ අවස්ථාවල සුදනන් ආශ්‍රය කරන්නට ලැබීම බෙහෙතක් හා සමානයි.

ඊට ම අදාළ තවත් කාරණාවක් තියෙනවා මෙන්න මෙහෙම:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll