196. හිතෝපදේශය | 04 | නයා සහ මැඬියන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

කම් සුව විඳීමේ ආශාව සහමුලින් ම ඉවත්කර දැමිය යුතුයි. එසේ කළ නො හැකි නම්, තම භාර්යාව සමඟ පමණක් කම්සුව විඳීමයි හරි. අන්න එවිට තම භාර්යාව ම ශෝකය තුරන් කරන්නට බෙහෙතක් වෙනවා ඇති.

කපිලගේ උපදේශනාත්මක අවවාද ඇසූ කෞණ්ඩිණ්‍ය ශෝක ගින්න තුරන් කරගෙන, ආගමානුකූලව පැවිද්දෙකු බවට පත් විය. නමුත් අද මං ඒ බමුණාගේ ශාපය නිසා ගෙම්බන් උසුලන්නට මේ නදී තීරයෙහි සිටිමි.

මහලු සර්පයාගේ ශෝකාලිප්ත කතාව අසා සිටි ගෙම්බා, ජාලපාද නමැති සිය ගෙඹි නායකයා ඉදිරියේ සර්පයාගේ කතාව අකුරක් නෑර හෙළි කළේය. එවර මැඩි නායකයා විල් තෙරට අවුත් එහි සිටි සර්පයාගේ පිට මතට නැඟුණේය. ඒ සර්පයා ද ඉමහත් ප්‍රීතියෙන් යුතුව ගෙඹි නායකයා පිට තබාගෙන විසිතුරු ගමන් විලාශයකින් එහෙ මෙහෙ යන්නට විය.

ගෙඹි නායකයා පසුදාත් පිටේ යාමේ රිසියෙන් අවුත් පිටට නැගුණත් සර්පයා ගමන් කළේ ඉතා සෙමිනි. පෙරදා පැවති අලංකාර ගමන් ලතාව ද දැක ගන්නට නැත. කාරණය දැන ගන්නා අටියෙන් නායක ජාලපාද ඒ ගැන ප්‍රශ්න කළේ ය:

“මොකෝ මේ අද පණ නැතිව වැනෙන්නේ? ඊයෙ වගේ යන්ට එපෑයි ඊගහ වගේ නළව නළවා. කියමු බලන්න කාරණය?”

“අනේ දේවයන් වහන්ස! කෑම අහේනිය නිසා ගමනත් දුර්වලයි. බඩගින්න ඉවසන්ට බෑ මගෙ දෙය්යෝ!”

“යකෝ සර්පයෝ මං අණ කරනවා උඹට හැමදා ම ගෙම්බන් ගිලින ලෙස. හැබැයි මාව පිටේ තියාගෙන නළව නළවා රවුමක් දෙකක් යන්න ඕන.”

“යහපති දේවයිනි, යහපති!” යි කියා ගෙඹි රජාගේ අණ පරිදි ගෙම්බන් ගිලමින් රජා කරමත තබාගෙන නළවන්නට පටන් ගත්තා. ඉවක් බවක් නැතිව ගෙම්බන් කා දැමීම නිසා විලේ ගෙම්බන් නැත්තට ම නැති විණි. ඉතුරු වුණේ ගෙඹි රජා පමණකි. සර්පයා ඔහු ද ගිල දමන්නට වග බලා ගත්තේය.

ගෙඹි කතාව කියා නිමකළ මේඝවර්ණ කාක්කා චිත්‍රවර්ණ රජුට මෙසේ කීයේය:

“දේවයන් වහන්ස, මදෑ අපි පැරණි කතා කිය කියා හිටියා. ඒවා බල්ලන්ට ගියදෙන්. හිරණ්‍යගර්භ රජු කියන්නේ සන්ධානයකට සුදුස්සෙක්. ඒ නිසා සමගියකට පැමිණීමයි සුදුසු කියන එකයි මගේ මතය.”

මේඝවර්ණය, මට නො තේරෙන්නේ ඔය වගේ යෝජනාවක් ගෙන ඒමේ අදහසයි. මොකක් ද එහි ඇති තේරුම? පළමුව කළේ හිරණ්‍යගර්භ පැරදවීම. ඔහු අපෙ යටතට එනවා නම් ඔහෙ ආවාවේ. එසේ නාවොත් කරන එකයි තියෙන්නෙ දිගට ම සටන!”

මේ කතාබහ අතරතුර දී දඹදිව ම ඈත ප්‍රදේශයකින් පැමිණි ගිරවෙක් මෙසේ කියා සිටියේ:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll